වරෙන්තුකරුවකු වෙනුවට ඒ හා සමාන මුලකුරු සහිත නම ඇති ව්‍යාපාරිකයකු රහස් පොලිසිය විසින් 2010දී අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙස රජයට නියෝග කළේය.
අංගොඩ ,හිඹුටානේ පදිංචි ඕමන්ත මුදලිගේ දොන් ගාමිණී විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ,පොලිස් සැරයන් මෙන්ඩිස් (14209) සහ පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ එකඟත්වයෙන් විනිසුරු සිසිර ද ආබෲ මහතා ප‍්‍රකාශිත තීන්දුව අනුව පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට හේතු නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමත් රදවා තබා ගැනීමත් නීතියට පටහැනි බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වන්දිය රජයෙන් ගෙවිය යුත්තේ ඇයි. අදාළ නිලධාරීන්ගෙන් අය කර ගත යුතුව තිබුන නේද? (අ)
ඒ කාල වකවානුවේ ඔය වගේ වැඩ ගොඩක් වුනා මහජන මුදල් වුනත් අගතියට පත් යට යුක්තිය ඉටු වුනා ඒක හොදයි (හේ)
මේ රටේ මොනවද නොවෙන්නේ (ම)
රුපියල් ලක්ෂ තුනක් වන්දි ලෙස ගෙවන ලෙස රජයට නියෝග කිරීම මහජන මුදල්. රජයේ මුදල් කියන එක මහජන මුදල්. හැම පැත්තෙන්ම මහජනයාට තමයි බර. (ම)
අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න කල් ගත වෙනවා වැඩි.(ම)