ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපයේ ලොරියක් අනවරයෙන් පැදවීයැයි වරද පිළිගත් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 500ක දඩ නියම කළේය.
ජූනි පස් වැනිදා ඔහු පොලිසියෙන් අවසරයක් උත්තරානන්ද මාවතේ ලොරිය පැදවීමෙන් අධි ආරක්ෂිත කලාපය ප්‍රකාශයට පත් කරමින් 2008 අගෝස්තු 20 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි ආරක්ෂක කලාප ලෝකේ වෙන කිසිම රටක අගමෙති,ජනාදිපති නිලනිවස් අසල පිහිටලා නැහැ. ප්‍රේමදාස මහත්තය නම් ඔය අධි ආරක්ෂාවල් මොකුත් නැත්ව ජනතාව අතරට ගියා.(නදී)
එතෙන්ටම එනකම් බැරියර් වල පොලිසියේ අය මොනවද කළේ? (නි)
පිට පළාතක කෙනෙක් වෙන්න ඇති. පන්සීයෙන් බේරුණු එක ලොකු දෙයක්. දඩ කොලයක් දුන්නා නම් දෙදාහකින් මෙහා බේරෙන්න බැහැ. (නි)
වරදක් කළත් සිතකින් නොවේ.(නදී)
අධි ආරක්‍ෂිත කලාපයක් කියල කොහෙද ගහලා තියෙන්නේ. (නි)