වරදකට දඬුවම් ලෙස ගල් ගසා මරණයට පත්කිරීමට නියමිතව සිටින ශ්‍රීලංකා ගෘහ සේවිකාව වෙනුවෙන් ලංකාවාසී සියලුදෙනා මේ වන විට එක්ව සිටිති.කාන්තා සංවිධානද ඒ අතර වේ.
විමෙන් ෆෝ රයිට්ස් නම් එවන් කාන්තා සංවිධානයක් පසුගියදා ඇය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබිණ.බොහෝ දේශකයෝද පැමිණ සිටියහ.එක්තරා කාන්තාවක් මරණ දඬුවම නියමවී සිටින එම ගෘහ සේවිකාව වෙනුවෙන් ඉතා සංවේදීව අදහස් පලකළාය.කාන්තා හා ළමා කටයුතු පිළිඹද ඇමැතිනී තලතා අතුකෝරළගේ අවධානය ඇය වෙනුවෙන් යොමුවිය යුතුව තිබෙන බව ඇය කීවාය.
ඇයට වැරදුණු තැනක් විය.කාන්තා හා ළමා කටයුතු පිළිඹද ඇමැතිනිය තලතා අතුකෝරළ නොව චන්ද්‍රාණි බණ්ඩාර වන්නීය.දේශනය අසා සිටි එම කාන්තාවගේ යෙහෙළියෝ ඇයව නිවැරදි කිරීමට සිතූවද එය ඇයට අවමානයක් වනු ඇතැයි සිතා එයින් වැළකුණහ.
එක් අතකට මේ සිටිනා අමාත්‍යවරුන් ගණන හා අමාත්‍යංශ ගණන සලකන විට මෙවැනි වැරදි සිදුවීමද ස්වභාවිකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියට ගෘහ සේවයට යන කාන්තාවන්ට ලැබෙන්නේ රියාල් 1,200 වගේ වැටුපක්. ඒ කියන්නේ රුපියල් 40,000 විතර. ලංකාවේම ඉඳලා ස්වයං රැකියාවක් කරා නම් මේ ගාන හොයාගන්න පුළුවන්. ඒ නිසා කාන්තාවන්ට පිට රට නොගිහින් අදායම් මාර්ගයක් හදාගන්න ආණ්ඩුවෙන් කාන්තාවන්ට උදව් කරන්න ඕන. කොහොමත් මේ වගේ රටවලට අපේ කාන්තාවෝ යවන්න හොඳ නැහැ. (ර)
ආශාව ඇතිවීම ස්වාභාවිකයි හරිද වැරදිද යනු සමාජ සම්මතයයි නමුත් මෙවැනි දඬුවම් අති අමානුෂීකයි ඔබට අභය දනය ලැබේවා (ම)
කෙසේ හෝ ඇයව බේරා ගන්න. වැරදිකරුවන් කවුදැයි දන්නේ මිනිසුන් නොවේ. ස්වභාව ධර්මයයි. මෙවැනි දේවල් සිදුකර ඇත්තේ මේ සහෝදරිය පමණක් විය නොහැකියි නේද? අරාබිකරයේ සේවා නියුක්තිය ගැන දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතුයි. (බ)
ඇමැතිනී තලතා අතුකෝරළගේ අවධානය ඇය වෙනුවෙන් යොමුවිය යුතුව තිබෙන බව පැහැදිලියි. ඇය විදේශ සේවා ඇමතිනිය නොවේද? ඉතින් මේ ඇයි ඔය කාන්තාවන්ගේ ශ්‍රමයන් පඩිගන්නවනම් වගකීමක් තියෙනෙව. ඇයට පමණක් නොවෙයි මුළු ඇමති මණ්ඩලයටමත් පර්ලිමේන්තුවටමත් වගකීමක් තියනවා. (බ)
දැන්වත් සෞදි අරාබියට යන එක නවත්වන්න. හරිහමන් පඩියක්වත් නැතුව දුක්විඳිනවා කිසිම නිදහසක් නැහැ. බටහිර රටවලට හා ජපානෙට යන්න. පඩියත් හොඳයි. නිදහසත් තිබෙනවා (නි)
සුළු අතපසුවීමක්! (නි)
කාන්තාවන් පමණක් නොවෙයි පිරිමි අයවත් මැදපෙරදිග යවන්න හොද නැහැ ඒ වෙනුවට යුරෝපීය රටවලට ඔස්ට්‍රේලියාවට ජපානෙට ඇමෙරිකාවට යවන්න ඕනේ හොද පඩියක් ගන්න පුළුවන් විදේශීය විනිමයත් ලංකාවට ලැබෙනවා (බ)
තමන්ගේ නොදැනුවත්කමට අමාත්‍යංශයට වැරදි කියලා වැඩක් නැහැ (නි)
තමාගේ විනය තමා විසින්ම සකසා ගත්තා නම් මෙවැනි විපතකට පත්වෙන්නේ නැහැනේ. (නි)
ඔය අචිර කියන කෙනා බටහිර රටවලට මිනිස්සු යවන ජාවාරම්කාරයෙක්ද ? (බ)
එක එක අයගේ විවිධ අදහස් තිබුණත් කොහොම වුණත් කමක් නැහැ මොනවාහරි කරලා බේරගන්න පුලුවන් නම්. ඒත් මේ අපේ කාන්තාවන් රටවල් වල ගිහින් හැසිරෙන විදිය නම් හරිම පිළිකුල්. එයාලට අමතක වෙන්න ඇති ඒ රටේ නීති. (නි)
අචිර ගැන හරිම දුකයි (නි)
නම වැරදුනාට අදාළ තනතුරටනේ මේක කියලා තියෙන්නේ (නි)
පිරිමි අය උත්තම ඝනයේ ලා සැලකෙන සංස්කෘතියක් ඇති සෞදි අරාබිය වැනි රටක හැගීම් වලට වහල් නොවී හැසිරෙන හැටි නූගන්වා ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට යැවීමෙන් ඇති වූ ප්‍රතිඵලය ගැන රජයට ඇගිල්ල දික්කරන්න පෙර ශ්‍රී ලාංකික කාන්තාවන් ඵලදායී ශ්‍රමිකයින් ලෙස මෙරටේ ආර්ථික සංවර්ධනයට දායක කරගන්නේ කෙසේද කියා සොයා බලොවොත් හොදයි නේද? (හේ)
මට පුදුම අදහස් දාලා තියෙන්නේ අපේ සහෝදරියන්ට වෙන්න යන දේ ගැන නෙමෙයි (නි)
ශාන කියන අදහස හරියට හරි. දවසට පැය 18 ක් විතර වැඩකරලත්, මාසෙකට රුපියල් 40,000 ක් විතර තමයි ඔය රට වලට යන අයට ලැබෙන්නේ. ලංකාවේ ඉඳලා ස්වයං රැකියාවක් කළා නම් ඊටවැඩිය ගානක් හොයාගන්න පුළුවන්. ලංකාවේ දවසට පැය 6ක් තේ දළු නෙලන කාන්තාවක් පවා රුපියල් 20,000 ක් පමණ උපයනවා. ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන සේවාවක් ඇත්තෙම නැහැ. සල්ලි ටිකක් හොයාගන්න නම් රට යන්න ඕනෑ කියන මානසිකත්වය තමයි කාගෙත් හිතේ තියෙන්නේ. (නි)
මෙතන වැරැද්දක් නැහැ. "සහ" කියලා මැදින් එන්න ඕනෑ. ඒ කියන්නේ දෙන්නගෙම අවධානයට යොමුවෙන්න ඕනෑ. (නි)
අචිර, ඔබ ඔය කියන රටවලට යන්න පුළුවන් නම් ලංකාවේ ඔක්කොම ඒ රටවලට ගිහිල්ලා ලංකාවේ ඉතුරු වෙන්නේ වයසක අය විතරයි (නි)
ඇය එසේ කීම සාධාරණයි. මොකද එහෙම ඇමතිනි කෙනෙක් ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. මේ සම්බන්ධව ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක්වත් අපි දැක්කේ නැහැ (නි)
රිසානාගේ මරණය වෙලාවේ අපි එක වගේ දුක් වුනත් සමහරු කිවුවේ එ්ක දේව දඬුවම කියල. මෙම කාන්තාවත් මුස්ලිම් නිසා ඔය සමහරු කියාවි මේක දේව දඬුවම කියල. නමුත් අපි ජාති භේදයකින් තොරව දුක් වන්නෙමු. (බ)
දැන් ඉන්න අටෝරාශියක් ඇමතිවරු සහ අපබ්‍රංශ අමාත්‍යංශ නිසා මෙවැනි වැරදි සිදුවීම ස්වභාවිකයි. ඒකට 1977ට පෙර සිටි ඇමතිවරු තාම මතකයි. මුදල් ඇමති ඇන් ඇම් පෙරේරා, තැපැල් හා විදුලි සංදේශ ඇමති සී කුමාරසුරියර්, සෞඛ්‍ය ඇමතිනි ශිවා ඔබේසේකර, නාවික හා සංචාරක ඇමති පී බී ජී කලුගල්ල, වෙලඳ ඇමති ටී බී ඉලංගරත්න, අධ්‍යාපන ඇමති බද්යුද්දීන් මහමුද් වාරිමාර්ග හා මහාමාර්ග ඇමති මෛතිපාල සේනානායක, ක්‍රීඩා හා ප්‍රවාහන ඇමති කේ බී රත්නායක, කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති ඇස් කේ කේ සුරියආරච්චි (බ)
කසුන් , බොහොම අරුත් බර අදහසක් තුති.(ම)
අනේ අචිර ඔයාට පුළුවන්නම් මාවත් ජපන්වලට යවන්නකෝ (බ)
මේ ලෝකේ තියෙන හොඳයි කියන රටවල් හොයහොයා යන්නේ නැතුව තමා ඉපදුණු රට ජීවත් වෙන්ට පුළුවන් රටක් කළා නම් ඔය ප්‍රශ්න නැහැ.අපි ජීවත්වන කාලය තුළ එසේ වනවා දකින්නට අපි පින් කරලා මදිද ? (බ)