බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ දී තමන් වෙත පවරා ගන්නා බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ලංකාදීප එසැණ ට පැවසීය.
මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හයම ඡන්ද විමසීමේදී පරාජය විය. ලබන වසරේදී ඊට අයත් ආයතනවල වැටුප් ගෙවීම ආදී කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමට නොහැකි වන බැවින් එම අමාත්‍යංශ පවරාගෙන ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරගෙන යාමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
මෙම ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ වැය ශීර්ෂය ඉදිරිපත් කළේමහා ඇමතිවරයා බැවින් එය පරාජයවීමේ වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
අයවැයක එක් වැය ශීර්ෂයක් පමණක් පරාජය කළ නොහැකි බව කී අමාත්‍යවරයා එක් වැය ශීර්ෂයක් පරාජය වූයේ නම් සමස්ත අයවැයම පරාජය වන බවද ස`දහන් කළේය.
පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පමණක් පරාජයවීමේ පූර්වාදර්ශයක් නොමැති නිසා මෙය සම්මත කිරීමට පෙර සභාපතිවරයා නීති උපදෙස් ලබාගත යුතුව තිබූ බව කී වර්ණසිංහ මහතා තමාට අකමැති නම් බලහත්කාරයෙන් ධුරයේ සිටීමේ උවමනාවක් නැතැයි ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඔක්කොම බදාගත්තහම එකක්වත් හරියට කෙරෙන්නේ නැති බව තේරුම් කරලා දෙන්න කෙනෙක් නැද්ද? (නි)
දැන් එක එකාගේ වර්ණ හැදෙන කාලේ. (අ)
අපිට දැන් එක එක කතා අහලා ඇතිවෙලා. වැඩ නැහැනේ (නි)
තවත් පීචන් නොවී අයින් වෙන්න සීලාචාර කමක් තියෙනවා නම්. (අ)
හරියට හරි අමල්. අපි හැමදාම අරයගෙ වැරැද්ද මෙයාගේ වැරැද්ද ගැන කතා අහමින් ඉන්නවා. තමන්ගේ මඩිය පුරවා ගන්න එක ඇරුනම දේශපාලුවෝ කිසි දෙයක් කරන්නේ නැහැ. අපිත් ඡන්දෙ දෙනවා. (ර)
මෙය පෙනෙන ආකාරයට පැහැදිලි කුමන්ත්‍රණයකි. එසේ හෙයින් මට හැඟෙන ලෙසට සිදුවිය යුත්තේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ මහා ඇමති ඉවත්වීමයි.ජනතාව මෙය තේරුම් ගතයුතුව ඇත. මෙවැනි අයට ඉදිරියේදී සිය මනාප ලබා නොදී ප්‍රතික්ෂේප කළයුතුය. (නි)
හෙල උරුමයට ඔය තනතුර දෙන්න දේශපාලනික සදාචාරයක් ජනපතිට තියෙනව..ඒ නිසා තමා දුන්නෙත්.. (කෞ)
චන්දෙන් පැරදුනා නම් පැත්තකට වෙන්න මහත්තයා. තමුන්නැහැ ආවෙත් ඉන්නෙත් බලෙන්. තමන්ගෙ කැමැත්තෙන් විතරයි. දාල යන්න. (ස)
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ උන්නැහේ, ඕකට තමයි කියන්නේ "කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බහිනවා" කියල. (ස)
ඔය ඇමතිකම හෙලඋරුමයට අයිති එකක්. (කෞ)