IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වර්ජනයට වරායෙනුත් එයි

වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිවිසුම ඉදිරිපිට අද පැවැත්විණි.

වරාය වෘත්තීය සමිති සාමාජිකයෝ විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.

ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ද රත්මලානේ උද්ඝෝෂණයක් කළහ.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

(ඡායාරූප රේඛා තරංගනී)

 



අදහස් (0)

වර්ජනයට වරායෙනුත් එයි

නිරෝෂා Wednesday, 22 May 2013 03:09 PM

ආණ්ඩුව ලයිට් බිල වැඩි කළාම කාගේත් මාතෘකාව ඒක වුණා. විපක්ෂයට තටු ලැබුනා වගේ වුණා. (නි)

:       0       0

අරුණ Wednesday, 22 May 2013 09:48 AM

වර්ජන කරලා දිනා ගත්තේ මොනවද?නිකන් කාලේ නාස්ති කළා විතරනේ. මොන ආණ්ඩුව ආවත් වියදම් පියවගන්න බැරි වුණහම ඒ වියදම් පියවාගන්න යම් ප්‍රමාණයක් වැඩි කිරීම් කරනවා තමයි. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 22 May 2013 10:38 AM

සංකේතයක් වශයෙන් හුගක් ආයතන වර්ජනයට සහභාගි වුණා.සකේත කියන්නේ හැමෝම ආයතන වහලා උද්ගෝෂණ කරන එක නෙමෙයි. ඉදිරියේදී මෙවන් වැඩිකිරීම් රජයක් වශයෙන් නොකරන්න,බලාපොරොත්තු විය යුතුයි.රජයේ උද්ගෝෂණ රැල්ල ලයිට් බිල ගෙවන්නේ සාදාරන ලෙස හම්බ කරලා වෙන්න බැහැ,මොකද සාදාරනය ගැන දන්නා අය මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ! (නි)

:       0       0

සරා Tuesday, 21 May 2013 09:17 PM

වාරයේ ඉන්නේ පහළොවක් විස්සක් විතරද. කෝ ලාල් කාන්ත (අ).

:       0       0

සේරම් පැරිස් Tuesday, 21 May 2013 09:35 PM

වරායෙන් එනවා කිව්වා කට්ටිය තාම නැවකින් එනවා ඇති. හෙට විදුලි බිල අඩුවෙයි නේද මේ ගොල්ලෝ කරන වර්ජනේ සාර්ථක නිසා (නි)

:       0       0

අසංක Wednesday, 22 May 2013 11:07 AM

ඒ කියන්නේ වරාය අක්‍රියයි

:       0       0

රණවීර Wednesday, 22 May 2013 11:14 AM

නාරද, ඔබ හරි.. (නි)

:       0       0

කල්ප Wednesday, 22 May 2013 11:40 AM

ෆොටෝ එකෙන්ම පේනවා කොච්චරක් සහබාගි වෙලා තියනවද කියල වර්ජනයට. මිනිස්සු දන්නවා රටේ තියන ආර්ථික තත්වේ.ආණ්ඩුවෙන් කරන්නේ නිවැරදි දේ කියලා ඔවුන් වටහාගෙන ඉන්නේ. (නි)

:       0       0

නිමාලි Wednesday, 22 May 2013 11:47 AM

ආ.... ලොකු උද්ගෝෂණයක් තිබිල වගේ ඊයේ. 5,6 දෙනෙක්ම ඉන්නවනේ. විපක්ෂයට එකතු කර ගන්න පුළුවන් උනේ මෙච්චරද? පව් මේ මිනිස්සු ටික. ඔක්කොටම කලින් විපක්ෂයට හා ජේවීපි අයට ආර්ථික විද්‍යාව උගන්නන්න වෙයි වගේ.(නදී)

:       0       0

සාගර Wednesday, 22 May 2013 12:08 PM

ඕනෙම රටක ආර්ථික අර්බුද ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.අනිත් රටවල් එක්ක බලද්දී අපේ රට මෙහෙම තියන එකට සතුටු වෙන්න ඕනෑ.සමහර රටවල මිනිස්සුන්ට කන්නත් නැහැ.අසාර්ථක වර්ජනයක් ඇති වෙලා තියන එකට සතුටුයි.ලංකාවේ මිනිස්සුන්ට මොලේ තියනවා.උද්ඝෝෂකයින් තේරුම් ගන්න ඕනෑ මේ රටේ මිනිස්සු මෝඩ නැහැ කියලා දැන්වත් . (නි)

:       0       0

කෝලිත Wednesday, 22 May 2013 12:11 AM

මම හිතුවේ නැවක් පිරෙන්න සෙනග ඇති කියලා. කෝ ට්‍රී විලෙර් තුනක යන සෙනගක්නේ ඉන්නේ.(නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 21 May 2013 05:38 PM

වරායෙනුත් එයි කිවුවට ඉන්නෙ ටිකක් විතරනෙ. (නි)

:       0       0

ඩිල්ස් Wednesday, 22 May 2013 04:46 AM

කෝ ලාල් කාන්ත, රජ කාලේ වගේ උල තියල වෙඩි තියන්න ඕනේ. ඕකුන් පස්සේ යන හිකනල්ලුත් ඉන්නවනේ. මොනවා කරන්නද, බුදුහාමුදුරුවන්ටත් එරෙහි උන අය හිටියනේ.(නදී)

:       0       0

සමන් Tuesday, 21 May 2013 06:29 PM

කිසිම වික්‍රමයක් නැති මිනිසා මෙකෙන්වත් ගියොත්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 21 May 2013 06:34 PM

මෙතන එක්කෙනෙක් ඉන්නව කිසිම වැඩක් නැහැ, ඕනෑ එකටයි එපා එකටයි දෙකටම පැන පැන යනවා (නි)

:       0       0

නාරද Tuesday, 21 May 2013 07:34 PM

මම මේ එක්තරා මහත්තයෙකුටයි කියන්නේ. ඔබතුමා සහභාගි නොවුණා නම් තමයි වර්ජනය ලස්සන වෙන්නේ. (නි)

:       0       0

අජිත් Wednesday, 22 May 2013 08:42 AM

අනේ මෙයාලගේ වර්ජන.... (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 07:54 PM

නිකම් පුම්බන්න එපා.(නදී)

:       0       0

රකිත් Wednesday, 22 May 2013 09:13 AM

වැරදි තැනටනේ ගිහිල්ලා තියෙන්නේ. අර නැව් එන්නේ නැති පැත්තට ගියානම් මීට වඩා සහභාගී කර ගන්න තිබුනා. (නි)

:       0       0

තිලක් Wednesday, 22 May 2013 09:23 AM

අපි පක්ෂ වලට බෙදිලා කෑගැහුවොත් ආණ්ඩුව ඕනෑ විදියට වැඩ කරනවා. යම් බලපෑමක් කරන්න ඕනෑ තමයි. ඔය කාටවත් ජීවන බරක් නැහැ වගේනේ වැඩ. (නි)

:       0       0

මාගලී Tuesday, 21 May 2013 08:14 PM

ඔව්, ඒ මහත්තයා වගේ බිල ගෙවන්න කැමති අය ඇවිල්ල නැහැ. ඒකයි (නි)

:       0       0

අජිත් Wednesday, 22 May 2013 09:34 AM

වික්‍රමබාහුට සැහෙන ඩොලර් ප්‍රමාණයක් මේ ජයාරුපයට හම්බවෙවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site