වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිවිසුම ඉදිරිපිට අද පැවැත්විණි.
වරාය වෘත්තීය සමිති සාමාජිකයෝ විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.
ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ද රත්මලානේ උද්ඝෝෂණයක් කළහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප රේඛා තරංගනී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ලයිට් බිල වැඩි කළාම කාගේත් මාතෘකාව ඒක වුණා. විපක්ෂයට තටු ලැබුනා වගේ වුණා. (නි)
වර්ජන කරලා දිනා ගත්තේ මොනවද?නිකන් කාලේ නාස්ති කළා විතරනේ. මොන ආණ්ඩුව ආවත් වියදම් පියවගන්න බැරි වුණහම ඒ වියදම් පියවාගන්න යම් ප්‍රමාණයක් වැඩි කිරීම් කරනවා තමයි. (නි)
සංකේතයක් වශයෙන් හුගක් ආයතන වර්ජනයට සහභාගි වුණා.සකේත කියන්නේ හැමෝම ආයතන වහලා උද්ගෝෂණ කරන එක නෙමෙයි. ඉදිරියේදී මෙවන් වැඩිකිරීම් රජයක් වශයෙන් නොකරන්න,බලාපොරොත්තු විය යුතුයි.රජයේ උද්ගෝෂණ රැල්ල ලයිට් බිල ගෙවන්නේ සාදාරන ලෙස හම්බ කරලා වෙන්න බැහැ,මොකද සාදාරනය ගැන දන්නා අය මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ! (නි)
වාරයේ ඉන්නේ පහළොවක් විස්සක් විතරද. කෝ ලාල් කාන්ත (අ).
වරායෙන් එනවා කිව්වා කට්ටිය තාම නැවකින් එනවා ඇති. හෙට විදුලි බිල අඩුවෙයි නේද මේ ගොල්ලෝ කරන වර්ජනේ සාර්ථක නිසා (නි)
ඒ කියන්නේ වරාය අක්‍රියයි
නාරද, ඔබ හරි.. (නි)
ෆොටෝ එකෙන්ම පේනවා කොච්චරක් සහබාගි වෙලා තියනවද කියල වර්ජනයට. මිනිස්සු දන්නවා රටේ තියන ආර්ථික තත්වේ.ආණ්ඩුවෙන් කරන්නේ නිවැරදි දේ කියලා ඔවුන් වටහාගෙන ඉන්නේ. (නි)
ආ.... ලොකු උද්ගෝෂණයක් තිබිල වගේ ඊයේ. 5,6 දෙනෙක්ම ඉන්නවනේ. විපක්ෂයට එකතු කර ගන්න පුළුවන් උනේ මෙච්චරද? පව් මේ මිනිස්සු ටික. ඔක්කොටම කලින් විපක්ෂයට හා ජේවීපි අයට ආර්ථික විද්‍යාව උගන්නන්න වෙයි වගේ.(නදී)
ඕනෙම රටක ආර්ථික අර්බුද ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.අනිත් රටවල් එක්ක බලද්දී අපේ රට මෙහෙම තියන එකට සතුටු වෙන්න ඕනෑ.සමහර රටවල මිනිස්සුන්ට කන්නත් නැහැ.අසාර්ථක වර්ජනයක් ඇති වෙලා තියන එකට සතුටුයි.ලංකාවේ මිනිස්සුන්ට මොලේ තියනවා.උද්ඝෝෂකයින් තේරුම් ගන්න ඕනෑ මේ රටේ මිනිස්සු මෝඩ නැහැ කියලා දැන්වත් . (නි)
මම හිතුවේ නැවක් පිරෙන්න සෙනග ඇති කියලා. කෝ ට්‍රී විලෙර් තුනක යන සෙනගක්නේ ඉන්නේ.(නදී)
වරායෙනුත් එයි කිවුවට ඉන්නෙ ටිකක් විතරනෙ. (නි)
කෝ ලාල් කාන්ත, රජ කාලේ වගේ උල තියල වෙඩි තියන්න ඕනේ. ඕකුන් පස්සේ යන හිකනල්ලුත් ඉන්නවනේ. මොනවා කරන්නද, බුදුහාමුදුරුවන්ටත් එරෙහි උන අය හිටියනේ.(නදී)
කිසිම වික්‍රමයක් නැති මිනිසා මෙකෙන්වත් ගියොත්.(නදී)
මෙතන එක්කෙනෙක් ඉන්නව කිසිම වැඩක් නැහැ, ඕනෑ එකටයි එපා එකටයි දෙකටම පැන පැන යනවා (නි)
මම මේ එක්තරා මහත්තයෙකුටයි කියන්නේ. ඔබතුමා සහභාගි නොවුණා නම් තමයි වර්ජනය ලස්සන වෙන්නේ. (නි)
අනේ මෙයාලගේ වර්ජන.... (නි)
නිකම් පුම්බන්න එපා.(නදී)
වැරදි තැනටනේ ගිහිල්ලා තියෙන්නේ. අර නැව් එන්නේ නැති පැත්තට ගියානම් මීට වඩා සහභාගී කර ගන්න තිබුනා. (නි)
අපි පක්ෂ වලට බෙදිලා කෑගැහුවොත් ආණ්ඩුව ඕනෑ විදියට වැඩ කරනවා. යම් බලපෑමක් කරන්න ඕනෑ තමයි. ඔය කාටවත් ජීවන බරක් නැහැ වගේනේ වැඩ. (නි)
ඔව්, ඒ මහත්තයා වගේ බිල ගෙවන්න කැමති අය ඇවිල්ල නැහැ. ඒකයි (නි)
වික්‍රමබාහුට සැහෙන ඩොලර් ප්‍රමාණයක් මේ ජයාරුපයට හම්බවෙවි.(නදී)