සඳුදා පවත්වන්නට යන දුම්රිය වැඩ වර්ජනය නිසා අද රාත්‍රී තැපැල් දුම්රිය අටක් ධාවනය අවලංගු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා කියයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ බලා යන තැපැත් දුම්රිය සහ බදුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ඕමන්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රියන් එලෙස අවලංගු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අපිට මොකද වෙන්නේ? (නි)
රාජ්‍ය සේවයට බදවා ගන්න ඕනෑ හමුදාවට ගිය කොල්ලන්ව ...... (නි)
ඇයි එහෙම කළේ? පෙන්ෂන් කට්ටියයි, ආමි එකෙනුයි දාලා කෝච්චි දුවමු. (නි)
දුම්රිය සේවය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. සාකච්චා මාර්ගයෙන් විසදන්නේ නැතුව මේවගේ මහජනතාව අසීරුතාවට පත්කරන්න ක්‍රියාකරන උදවියට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. එයාලා හිතනවා ඇති රජයේ සේවකයෝ විතරක් කාලා ඇඳලා හිටියොත් ඇති අනිත් අයට හෙන ගැහුවත් කමක් නැහැ කියලා. මේ වගේ වෙලාවට යුද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරන්න කටයුතු කරන්න. ස්ට්‍රයික් කරන ඒවා නවත්වන්න නම් සිවිල් ආයතන වලටත් හමුදාවේ නීතියම පනවන්න ඕනෑ. (දී)
උදේ පටන් ගන්න තියෙන වැඩ වර්ජනය මේ අධිකාරිතුමා කලින් දවසේ රෑම පටන් අරන් වගේ. අදහන්න වටිනා රජයේ සේවකයෝ.(නදී)