හෙද හෙදියනට සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවට විසඳුම් ඉල්ලා ආරම්භ කර වැඩ වර්ජනය ඉතා සාර්ථක බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාති සමන් රත්නප්‍රිය මහතා පවසයි. කෙසේ වුවද හදිසි සේවා, කොළඹ කාසල් රෝහල ළමා රෝහල මහරගම පිළිකාරෝහලේ කටයුතුවලට මෙම වර්ජනයෙන් බාධාවක් එල්ල නොවු බව ඔහු කියයි. අද (3) දිනයේ පමණක් රෝහල් කිහිපයක හදිසි සැත්කම් කිහිපයක් සිදු කිළබවත් ඊට වර්ජනයට එක්ව සිටින හෙද හෙදියන්ගේ සහාය ලැබුණු බවට ඔහු සඳහන් කරයි. මෙම වර්ජනයට අකමැති බවත් මෙම ගැටළුව හැකි ඉක්මණින් විසැදෑමට කටයුතු කරන ලෙස ද ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර හලාවත රෝහලේ හෙදියන් කළ යුතු ඇතැම් සේවා සේවා වෛද්‍යවරුන් විසින් සිදු කිරීම නිසා එම රෝහල්වලට මෙම වර්ජනයෙන් බාධාවක් එල්ල නොවූ බව හලාවත රෝහලේ වෛද්‍යවරු පවසති.
අනුරාධපුර රෝහල
පුත්තලම රෝහල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වග කියන්න ඕනි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති. ඒ ගොල්ලෝ පවුල් සෞකඛය සේවිකාවෝ බළල් අතක් කරගෙන හෙද සේවාව පහල දාන්න කරන නින්දිත උත්සාහයක ප්‍රතිපලයක් මේක. පවුල් සෞක්‍ය සේවිකාවෝ හොදට හිතට ගන්න මේ කට්ටිය කවද හරි දවසක ඔයගොල්ලන්ට කරන්නෙත් මේ ටිකම තමා. (ස)
හෙදියෝ පවුල් සෞඛ්‍ය සේවාව ඉල්ලන්නේ නැහැ ඔවුන් ඉල්ලන්නේ කාලයක් තිස්සේ ලබාදුන් සුතිකා පුහුනුවයි වෙනස මෙවර එය හෙද විදුහලෙන් පිට වන විටම ලබා දීමට ඉල්ලීම එමගින් පුර්ණ සේවාවක් රෝගියාට ලබාදීමේ හැකියාවක් ඇතිවෙනවා වෙනත් කිසිදු වාසියක් එහි නෑ. දොස්තරකම ඉල්ලන්නෙත් නෑ . (ස)
පළමුවෙන්ම සියලු වැඩ වර්ජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තහනම් කළ යුතුයි. නයිටිංගේල් ප්‍රතිපත්තිය කියාගෙන වැඩ වර්ජනය කරනනේ හෙදියෝ. ඉගෙනගන්න කාලෙත් පඩි ගෙවනවා. සපත්තු,හැට්ටකටු,පටි ආදියට දීමනා පවා දෙනවා. එයාලගේ පවුලේ හෙමෝම රජයේ රෝහල් වලින් බෙහෙත් අරගෙන,හොඳ ඇඳන් ලබාගෙන,පරීක්ෂණ කරගෙන,පෝලිමේ ඉන්නේ නැතුව නෑදෑයෝ පෙන්නාගෙන අනෙකුත් සාමාන්‍ය මහ ජනතාවගේ අසරණ අවස්ථාවේදී බෙහෙත් නොදී සිටීමට මොවුන්ට ඇති අයිතිය කුමක්ද?අනෙක් අතට පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණුව ඉල්ලන මොවුන් ගෙයින් ගෙට ගොස් එම සත්කාරය ප්‍රජාව තුළ කරයිද? එම පුහුණුවෙන් කොටසක් දුන්නොත් ඒකට කැමතිවෙයිද? නිදහස් සෞඛ්‍ය සේවය අගයන පොදු මහා ජනතාව ඇත්ත දැන ගනිත්වා!!! (නි)
සෞඛ්‍ය අංශයේ වැරදි නිසා අහිංසක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ලොකු බාධාවක්, ප්‍රශ්නයක්. තැලෙන්නේ කරදර වෙන්නේ අහිංසක දුප්පත් ලෙඩ්ඩු පමණයි (නි)
හෙදියෝ මිඩ් වයිප්ගේ වැඩ කරන්නේ නැතුව තමන් ගේ රාජකාරි ටික හරියට කලා නම් තම වඩාත් හොඳයි. (නදී)
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය රටේ සෞඛ්‍ය ඉදිරියට යන්න දෙන්නේ නෑ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඉගෙන ගැනීමේ අයිතිය තියනවා. එය මානව හිමිකමක්. වෛද්‍ය, හෙද, වින්නඹු හැමෝටම ඉගෙනීමේ අවස්ථාව දිය යුතු වෙනවා. එවිට රටේ සෞඛ්‍ය ගෞරවනීය තැනකට ඒවි.(නදී)
සමහර හෙදියන්ගේ පහත් මානසිකත්වයක් තියෙනවා. අලි ඔලුවෙන් ඉන්නේ. පුහුණුවෙන් පසු නීති සාදා මොවුන්ට පත්වීම් දිය යුතුයි. හෙද සේවාවක් නිසා වර්ජන කළ නොහැකි ලෙස එය ක්‍රියාත්මක කළ යුතුයි.(නදී)
පවු අහිංසක ලෙඩ්ඩු.මේ ඔක්කෝටම ජල භීතිකා එන්නත විදින්න ඕනේ.(නදී)
හෙදියන්ට හැමදේම පුළුවන් උනත් බැරි එකමදේ හෙදකම. මෙච්චරකල් කලේ අනුන්ගේ වැඩ. බොරුවට වැඩ මවල පෙන්නනවා. (ස)
අනිත් අයගේ පුහුණු ඉල්ලන්නේ තමන්ගේ පුහුණුව හරියට කලානම් ඉවරයි . තමනේ වැඩේවත් හරියට බැරුව අනිත් ඒවා සුතිකා වගේ ඒවා (ස)
තමන්ගේ පුහුණුවවත් හරියට බැරුව කොහොමද අනිත් අයගේ පුහුණුවක් ඉල්ලන්නේ ලෙඩාව නවන එක ලෙඩාගේ අැද හදන එක ලෙඩාට කවන එක ලෙඩාව ඔය නුර්සින්ග් පුහුණුවේ තියෙනවා හෙදියන් ඒවා කරනවා දැකල තියනවද පුහුණුවේ විතරයි ඒවා කරන්නේ.(ස)
මෙම ප්‍රශ්නය ඇතිවෙන්නේ උසස්පෙළ විභාගයෙන්.එකම විෂය කරලා දක්ෂතාවය අනුව වෛද්‍ය,හෙදි,වෙනත් ලෙස වෙන් වෙනවා. පසු කලෙක සමහර හෙදියන්ට වෛද්‍යවරු වගේ වැඩ කරන්න ඕන වෙනවා,තමන්ගේ හෙද වැඩේ තියෙද්දී.තමන් හෙද කම කරද්දී තමන්ගේ පන්තියේ යාළුවා වෛද්‍ය කියන එක බලන් ඉන්න බැහැ..සමහර හෙද වරු වෛද්‍ය වරුන් නියම කරන විදියට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ.මදිකමක් කියල හිතනවා වෙන්න ඇති.කවදාවත් නැතුව මෙවර දැඩි සත්කාර සේවාව පවා නොකර ඉන්නවා..සාමාන්‍ය ජනතාවට නොතේරෙන ප්‍රයෝගික ප්‍රශ්න ගොඩක් මෙතන තියෙනවා.ඉස්පිරිතාලේ නැවතුන කෙනෙක්ට ඒවා තේරේවි.තව කාලෙකින් ඔය සංගම් වෛද්‍ය උපාධියත් ඉල්ලා බල කරාවි.මේක විසදන්න බැහැ වැඩ වර්ජන කරනකම්..හැමෝටම කොන්ත්‍රාත් ක්‍රමේට රස්සාවල් දුන්නනම් හරි..මේ අතර ඉන්න හෙදකම සහ වෙදකම හරි හැටි අවබෝදකරගත් සහජීවනය අගයකරන හෙද වරුන්ට සහ වරියන්ට මගේ ප්‍රණාමය. (ස)
දැන් මේ අයගේ ගුටි කෙලියේ ප්‍රතිපලයක් ලෙස අර දරු ප්‍රසුතියේදී ගර්භාෂය අහිමි වූ කාන්තාවටත් උරහිස ඇඹරී ඉපදුන දරු පැටියාටත් වග කියන්නේ කවුද ? කාන්තාවකට අකාලයේ ගර්භාෂය අහිමි වෙනවා කියන්නේ ගෙවන්න බැරි පාඩුවක්. ප්‍රසුතියේ සිටි කාන්තාව පසෙකට දමා ගුටි ගහගනිපු අයගෙන් ම හොඳ වන්දියක් ඇයට ලබා දෙන්න ඕන. (ස)
වර්ජනයේ සාර්ථකත්වය මනින්නේ මිය ගිය හෝ දැඩි අපහසුතාවයට ලක් උන අසරණ රෝගීන් ගණන අනුවද? අර නොදියුණු අප්‍රිකානු ගෝත්‍රයක වීරයා තෝරන්නේ වැඩිපුර නිරායුධ විරුද්ධ වාදීන් මරපු ගණන අනුවයි කියලත් මම අහලා තියෙනවා. ලොකු වැඩක් කරලා වගේ ලජ්ජා නැතුව වර්ජනය සාර්ථකයි කියලා කියන්නේ ජනතාවගේ මුදලින් වැටුප් ලබන ගමන් නේද? (ස)
වර්ජනය සාර්ථකයි නෙවෙයි ...ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වා නම් හරි. අර දරු ප්‍රසුතියේදී අපහසු තාවය ට පත් ව ගර්භාශයත් අහිමි කර ගත් කාන්තාවට තියෙන්නේ නඩු දාල හරි මේ අයට පාඩමක් උගන්නන්න. (ස)
දියුණු රට වල මේ වගේ අත්‍යාවශ්‍ය සේවා වර්ජනය කලොත් කෙලින් ම ගෙදෙර. මම ඉන්න රටේ සාත්තු සේවය ඉතා ඉහලයි. රජයේ රෝහල වලට ඇතුලත් වුන රෝගීන්ට සාත්තු සේවකයන් හෙදියන් හරිම කාරුණිකයි. (ස)
දොස්තර මහත්වරුත් අපේ, හෙදි සහෝදරියනුත් අපේ, ලෙඩ්ඩුත් අපේ. ඇයි ඉතින් අපි අපි සමගම වෛරෙන් බලන්නේ? එකිනෙකාව ගසා කන්න පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? අපි කොච්චර නොමග ගිහින්ද? හරි මගට යමු. වැරදී මාර්ගයේ යන අයත් හරි මාර්ගයට ගමු. එතකොට ඉබේම රට හැදේවී. තමා ගුණගරුක වීමයි අවශ්‍ය. සුභ වෙසක්! (ස)
මේ ප්‍රශ්නෙට මුල වෛද්‍යවරුම තමා. පුද්ගලික වෛද්‍ය විද්‍යාල දානවට කැමතිත් නෑ. වෙන අය ඉගෙන ගන්නවට කැමතිත් නෑ. විශ්වවිද්‍යාල ගිය අයගෙන් පිනට රැකියා ලැබෙන්නේ මේ අයට පමණි. වෙනත් අයට ඉහලට එන්න නොදී එකාධිපතිත්වය ගන්න හදනවා. වෙනත් සෞඛ්‍ය සේවකින් ඉහලට අවොත් මේ අයගේ පුද්ගලික අදායම් මාර්ග ඇහිරෙනවා. හැමෝම කැමති තමන්ගේ රැකියාවේ තත්වය අදායම වැඩි කරගන්න. කව්රුත් රැකියා කරන්නේ ජීවත් වෙන්න. ඔය කෑ ගහන කව්රුත් අනිත් අතට වර්ජන කරනවා තමන්ගේ පැවැත්මට. මගේ පුද්ගලික අත්දැකීම නම් හෙදියන් තමා දිවා රෑ වෙහෙසෙන්නේ වෛද්‍යවරු එන්නේ හෙදිය කතා කලහම. (ස)
තමන්ගේ වැඩටික හරියට කලානම් තමන්ගේ තරම දැනගෙන වැඩ කලාම කිසිම ප්‍රශ්නයක් නෑ. හෙදියන් හිතාගෙන ඉන්නේ දොස්තරටත් ඉහලින් ඉන්න පිරිසක් කියල. හැම කෙනාගේම වැඩ බදා ගන්න හදනවා. හෙදියෝ තමන්ගේ වැඩ . ගන්න වැටුපට වැඩ කලානම් නේද හොඳ. (ස)
හැමදාම මේ අය වර්ජනය. නරකද අලුත් අය බඳවා ගත්තොත්? (ස)
යමෙක් දරු කුසට ආ දවසේ ඉඳලම බෙහෙත් හේත්, අධ්‍යාපනය පුහුණුව ආදි දෙවල්වලට මුදල් වියදම් කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ බදු ලෙස ගන්න මුදල්වලින්. මේවයින් කාල බීලා ඉගෙන ගෙන කාටද මේ පුළුවන් කම් පාන්නේ, බලන්න ඕන රටේ තියෙන රජයේ ආයතනවලට ගිහිල්ලා ඒවායේ ඉන්න නිළධාරීන් මිනිස්සුන්ට දාන පාට්,මේවා කරන වුන්ට ශාප වේවා! (ස)
ලංකාවේ සෞඛ්‍ය සේවය පිරිහිලා තියෙන තරමක්. ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරන් ඉල්ලීම් දිනාගන්න හදන එක තමා මේ අය හැමදාම කරන්නේ. පිටිගල මහතාගේ අදහස් සමග මාත් එකග වෙනවා. මේ අයගේ වර්ජනය නිසා අපහසුතාවයට පත්වුන සියලු රෝගීන්ට ඉක්මන් සුවය පතමි.(නදී)
නයිටිංගේල්ගේ පොරොන්දුව මේ ගොල්ලො කැඩුවෙ නැද්ද? (ස)
මේ වගේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ රැකියා කොන්ත්‍රාත් ක්‍රමයට ලබා දෙන්න ඕන. එතකොට තමන්ගේ රැකියාව ගැන වගකීමෙන් , සේවාදායකයා ගැන තැකීමෙන් වැඩ කරවී. අපේ රටේ රජයේ සේවකයන් ව එදා ඉඳලාම හුරතල් කල එකේ ඵල විපාක තමා මේ. (ස)
බල්ලගේ වැඩේ බුරුව කලොත් මොකද වෙන්නේ ? (නදී)
මොවුන්ට ස්වභාවයෙන්ම දඬුවම් ලැබේවි....හැම තැනින්ම තැලෙන්නේ සාමාන්‍ය ජනතාව. ඇති හැකි අය පෞද්ගලික රෝහල් වලට යයි ...පොඩිම පොඩි දෙයටත් වර්ජන වර්ජන. අසරණ ජනතාව තව තවත් අසරණ කරනවට පලවිපාක තියෙයි.(නදී)
මම ඉන්නේ පිටරටක. මම මාස දෙක තුනකට සැරයක් ලංකාවට යනවා. මට සැලකුවෙ හරිම පහත් විදියට. (ස)
මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ. මේ විදියට වර්ජනය කරනවා තියා හිතන්නවත් මේ රටේ සාත්තු සේවයේ උදවිය පෙළඹෙන්නේ නැහැ . එහෙම කලොත් ඉතින් රැකියාවක් නැහැ. දැන් සමහරු කියාවි ඒ රටවල පඩිය වැඩි ඒ නිසා අපිත් එහෙ ගියොත් වර්ජන නොකර වැඩ කරනවා. කියල. එසේ වෙන්නේ පඩි වැඩි නිසා නෙවෙයි. ලංකාවේ සිටින විට තිබෙන පටු ආකල්ප දියුණු රටක ට යනවිට ලංකාවේම තියලා යන්න වෙන නිසා. අපහසුතාවයට පත් රෝගීන් ට ඉක්මන් සුවය පතමි. (ස)
ඔක්කොම පහර වදින්නේ දුප්පත් අසරණ මිනිසුන්ටම තමා.ලොකු හපන්කමක් කරලා වගේ මෙයාල සිතනවා ඇති.අපේ මුදල්වලින්ම මෙයාල ජීවත් වෙනවා කියන එක අමතක ඇති. මේ අයට දෙවියන්ගේ බැල්ම. (නදී)
පිටිගල මෙතන වර්ජනයක් කරන්නේ හෙදියන්ට ලොකු අසාධාරණයක් වෙන නිසා. ඒ ගැන මම හොඳට දන්නවා. ඔයත් ටිකක් හෙදියන්ගෙන් අහල බලන්න. (ස)
මේ වර්ජනේ හේතුවෙන් අම්මා කෙනෙක් මිය ගිය පුවතක් මම දැක්කා. තව බබෙක් හම්බ වෙන්න ගිය අම්මා කෙනෙකුට ප්‍රතිකාර කරන්න අවශ්‍ය ආම්පන්න හංගලා වර්ජනේ කල අය කලේ අපරාධයක් නේද? තව අසරණ රෝගීන් කී දෙනෙක් තමන්ගේ ජීවිත අවදානම නිසා බියට පත් වෙලා ඇද්ද? වේදනාවෙන් අඩන දරුවන්ගේ දෙමාපිය හදවත් වල ඇවිලෙන ගින්න නුබලාට නොතේරෙන්නේ අයි? වර්ජකයිනි නුබලාට ශාප වේවා! (ස)
දයානන්ද කියන්නේ ඇත්ත. මෙයාලට වැටුප් ගෙවන්නේ අපි ගෙවන බදු වලින්. සේවා පුහුණුවට වියදම් කලේ මහජන මුදල්. අසරණ ලෙඩ්ඩු මැරෙනවා මෙයාලගේ වැරදි නිසා. (නදී)
තම තමන්ගේ හයිය පෙන්නන්න අහිංසක රෝගීන් ප්‍රාණ ඇපේට ගන්න මේ කාලකන්නි වෘත්තිය සංගම් සමිති වලට සමිති නායකයින්ට නිවැරිදි පිළිතුරක් දෙන්න, මතක හිටින පාඩමක් කියා දෙන්න මේ රටේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් බලයට පත් කල මේ රජය ඍජු කොන්ද පන ඇති තීන්දුවක් ගත යුතුයි වහාම.(ස)
අහිංසක මිනිස්සුන්ගෙම සල්ලි වලින් පඩි අරන් . උන්ටම ලොකු කම් පෙන්වන උන්ට ශාප වේවා(ස)
හෙදියන්ට වෙලා තියන අසාධාරණය ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. ඒ මිනිස්සුත් ආසාවට මේවා කරනවා නෙමෙයි. පිටිගල මහත්මයා හරි හේතුව දැනගෙන ශාප කලයුත්තන්ට ශාප කරන්න.(ස)
මේ කට්ටිය නිතරම වර්ජන කරන්නේ ජනතාවට සේවය කරන්න සුදුසුකම්, පහසුකම්, ඕනේ කියලනේ. මේක පුද්ගලික වාසි වලට නෙමෙයිලුනේ. සේවය කොරන හැටි අපට පේනවනේ. ලෙඩ්ඩු මැරෙනතුරු බලාසිටින නරුමයින්ට, අපායේ දොර ඇරේවා. නැති බැරි මිනිහට තමයි ඔක්ක්කොමලා ගොරවන්නේ. පුද්ගලික රෝහල් වල පඩි අඩුයි, වැඩ වැඩියි. මේ කට්ටිය කවදාවත් වර්ජන කරන්නේ නැහැ. (නදී)
නුර්ස්සෙස් ල වාට්ටු වල බෙහෙත් මාරු කල එක වෙන්ටිලටෙර් දැඩිසත්කාර බබාලා දාලා ගිය එක කාටවත් සාධාරණයි කියන්න බැහැනේ. (ස)
ලෙඩුන්ට රෝහල් කාර්යමණ්ඩල වලින් වෙන අසාධාරණකම් වලට උද්ගෝෂණ කරන්න කිසිම කෙනෙක් නැහැ . ඒවාට නීතියෙන් සාධාරනයකුත් නැහැ . (ස)
හෙදියන්ට බැනල වැඩක් නැහැ තව කාලයක් යනකොට බබා හංබ වෙයි. පරණ විදියටම ගෙදර හා රට ගැන හිතන ඇමතිලා ඡන්දෙට කලින් ඕවා විසදනවා. අපහසුතාවයට පත්වුන සියලු රෝගීන්ට ඉක්මන් සුවය පතමි.(නදී)
මොන හේතුව උනත් මිනිස් ජීවිත් සමග සෙල්ලම් කරන මේ අසීලාචාර මිනිසුන්ට මම සාප නොකලත් කව්රු ඒගොල්ලන්ට කඩේ ගියත් ජීවිත වලින් වන්දි ගෙවපු අයගේ අඹු දරු දෙමාපියන්ගේ ශාපය කරත්තය බැඳී ගොනා පසු පස එන රෝදය මෙන් ඔවුන් පසුපස එනවා. එනවා මයි! පේමදාස ආණ්ඩුව කාලේ ඔය කට්ටිය කසාය බීපු ගොළුවෝ වගේ වැඩ කළා. (නදී)
හෙදියෝ වර්ජනය ඉවර උනාම දොස්තරවරු පටන් ගනී. ඒගොල්ලෝ ඉවර උනාම අනික් කට්ටිය පටන් ගනී. ලෙඩ්ඩුන්ට හැමදාම වෙන්නේ ඔය දේ. අනිවාර්යෙන් බලන්නකෝ.(නදී)
වර්ජනය සාර්ථකයි කියන්නේ උපන් ගමන් කිරි සප්පය මරල අර අම්මට දුක් ගින්දර දීල අසරණ ලෙඩ්ඩු අමාරුවෙ දාන එකද බලා ගෙන පාරෙ යන්නෙ වැහි නැති හෙණ වදීවි. (ස)
ආණ්ඩුව තාම නිදිද?අසරණයන්ට කාගේ පිහිටද? පිටිගල මහත්මයා නිවරදියි.(නදී)
දැන් මොකක්ද සාර්ථක ? අසරණ ලෙඩ්ඩු අමාරුවේ වැටුන එකද? ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔයගොල්ලන් විසඳගන්න. ඒ වුනාට ඔය ගොල්ලන්ට පඩි ගෙවන මිනිස්සුන්ව අමාරුවේ දාණ්ඩ එපා. අසරණ ලෙඩ්ඩු ඉන්න හින්දා ඔයගොල්ලන් හිතාගෙන ඉන්නේ හරි බලවත් කියලද ?(නදී)
මෙතන ලොකුම අසාධාරණය සිදුවෙලා තියෙන්නේ. ඔය වර්ජනය කරන හෙදියන්ට නෙමේ,අහිංසක රෝගින්ටයි. අසරණ රෝගීන්ගේ රෝගී තත්වය ගැනවත් නොසිතා දැඩි සත්කාර ඒකකයේ කාමර වලට දොරගුළු පවා දමමින් හා බෙහෙත් පෙට්ටි මාරු කරමින් රඟ දැක්වූ නාඩගම අප රුපවාහිනී තිරයෙන් හොඳින් දුටුවා. මේ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන් හට පවා පහර දීමට තරම් මේ අය සහාසික වෙලා. සෞඛ්‍ය සේවයේ ඇති මේ හෙද මාපියාව නැති කිරීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බව මාගේත් හැඟීමයි. රටෙන් ඔවුන්ට ලැබිය යුතු දේ මෙන්ම ඔවුන්ගෙන් අසරණ රෝගීන්ට ලැබිය යුතු කාරුණික සේවය ගැන ඔවුන් අවධානය යොමු කලයුතු වෙනවා. මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන වෘතිකයන්, මහජනතාව අපහසුතාවයට පත්වන අන්දමේ කෙරෙන වර්ජන කෙරෙහි රජය මිට වඩා වෙනස් පියවරක් අනුගමනය කලයුතු බව මාගේ හැගීමයි.(නදී)
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය රටේ සෞඛ්‍ය ඉදිරියට යන්න දෙන්නේ නෑ.ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඉගෙන ගැනීමේ අයතිය තියනවා. එය මානව හිමිකමක්. වෛද්‍ය, හෙද, වින්නඹු හැමෝටම ඉගෙනීමේ අවස්ථාව දිය යුතු වෙනවා.එවිට රටේ සෞඛ්‍ය ගෞරවනීය තැනකට ඒවි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එකාධිපතිත්වය නිසා රටේ සෞඛ්‍ය පිරිහෙනවා. ඔවුන්ට ඉදිරියේදී රැකියා හා වරප්‍රසාද බියක් තියනවා ඒ නිසා ඔවුන් කැමති නෑ අනිත් අය ඉගෙන ගන්නවට.නමුත් එකාධිපතිත්වයන් වැඩිකල් තියෙන්න නෑ ඒවා කඩාවැටෙනවා . අද වෙලා තියෙන්නේ එකයි. කෙසේ හෝ දුප්පත් මිනිසා අසීරුවට පත් වෙනවා (ස)
හමුදාවේ හෙදියන් සහ වෙදුන් යොදන්න තිබුණා. (ස)
වර්ජනය සාර්ථක නෙවෙයි..අති සාර්ථකයි ...දරුවා ලැබෙන්න ගිය අම්මා ගේ ගර්භාෂය පිටින් ම ඉවත් කරලා දුන්නේ. ! (ස)
4 වෙනි ෆොටෝ එකේ එක හෙදියක් කරන වැඩේ වෛද්‍යවරු 3 දෙනෙක් කරන්න උත්සහ කරනවා. කාගේද වැඩේ කවුද කරන්න ගිය කතාව තමයි මතක් වෙන්නේ . (ස)
පිටිගල මහත්තයෝ දන්නේ නෙති දේවල් වලට හොට දන්නා එපා දෙයක් දැනගෙන කතා කරන්න හෙදියන්ට වුනු අසාධාරණය ගැන ඔයා දන්නේ නැහැනේ. ඔය කරන ශාපය දවසක ඔයාටම වදිනවා (ස)
රජයේ රෝහල් වල හෙදියන් ගේ බල පුළුවන්කාර කම බලන්න රජයේ රෝහලකට යන්න ඕන. නෛන්ටින්ගේල් ප්‍රතිඥාව කියලා සේවයට එන අය බලන්න ඕන ටික දවසක් ගියාම . අවෙගයකට කව්රු හරි ටිකක් හයියෙන් කතා කලත් ඒ මිනිසා ගෙන ආ ලෙඩා ගෙන් පලිගන්න නොහික්මුණ කට්ටියක්. එක මිනිහෙක් වරදක් කලොත් කට්ටියම වර්ජන. පොඩ්ඩ වැරදුන ගමන් රෝගීන්ට කෑගහන පලිගන්න නොහික්මුණ බලවත් කණ්ඩායමක්, දැන් ඔය වර්ජන කරලා තියෙන්නේ සුතිකා පුහුණුව ගැන නේද, එක නේ අර අම්ම කෙනෙක් මරුනේ හරි ලොකු දෙයක් නේද. අසාධාරණයක් වෙලා නම් එකට නීති මගින් ක්‍රියා කරන්න. ඕවට උල් පන්දම් දෙන අය ට කියන්න තියෙන්නේ,,,,,පර පන නැසුවොත් කවර උපායේ,,,,,,,අපමණ දුක් දෙයි සතර අපායේ....කියලයි. (අ)
වර්ජනය සාර්ථකනම් දැන් ආපසු වැඩට ගොස් අහිංසක ලෙඩුන හට සේවය කරන්න . ඒ මිනිස්සු අහිංසකයන් (අ)
මේක සෞඛ්‍ය අංශයේ ප්‍රශ්නයක් (ස)
ලක්ෂාන් මහත්තයා කියන්නකෝ ඉතින් වෙලා තියෙන අසාධාරණේ.හෙදියෝ වර්ජනය නවත්වන කොට දොස්තරලා පටන් ගන්නවා..දොස්තරලා නවත්වන කොට ආයේ හෙදියෝ පටන් ගනීවි..එකෙකුට එකෙක් දෙවැනි වෙන්න කැමති නැති එකද අසාධාරණේ.මේ හදිස්සියේ කාටද මේ පුහුණුවක් ඕන උනේ..මෙච්චර කාලයක් ඒක කලේ වින්නබු අම්මලනම් මෙයාල මොකද ඒකට මේ තරම් මැරී ගෙන දගලන්නේ..සේවය කරන්න තියෙන ආශාවටද? මුන් ඔක්කොටම ඉන්න ඕන ප්‍රේමදස ,ජේ ආර් වගේ පාලකයෝ.(ස)
වර්ජනය කරත් සල්ලි ඉගෙන ගන්න කොටත් සල්ලි..කරන්න පුලුවන්නම් නියම රුකියාවක් තමා හෙද සේවෙ..(ස)
මන්ද මානසික වෛද්‍ය වරැන්ගේ අත්තනෝමතික වැඩ නිසා සෞඛ්‍ය සේවාව අඩාලයි (දී)
මෙන්න සත්‍යය, හෙදියන් මෙම 4 අවුරුදු පුහුණුව ඉල්ලන්නේ පුහුණුවක් ඕන නිසා නෙවෙයි. පුහුණුව අවුරුදු 4 කරගත්තම එයාලට වැඩි වැටුප් තලයක් ඉල්ලන්න පුළුවන් නිසයි. හෙද පුහුණුවෙන් පසුව ප්‍රසව වාට්ටු වල පත්වීම් ලබන හෙදියන්ට වින්නබු පුහුණුව ලබාදෙනවා වෙනුවට, හෙද විදුහලෙන් පිටවන සියලුම හෙදියන්ට පුහුණුවෙන් තුනෙන් එකක කාලයක්ම වැයකර වින්නබු පුහුණුවක් ලබාදෙන එකේ තේරුම කුමක්ද? ප්‍රසව වාට්ටු වල සේවයට යන්නේ එම හෙදියන්ගෙන් 10% කටත් වැඩ අඩු පිරිසක්. ඇරත් ළමා රෝහල් වල, OPD වල ක්ලිනික් වල මෙඩිකල් වාට්ටු වල , ඔපරෂන් තියටර් වල , මානසික වාට්ටු වල, ශල්‍ය වාට්ටු වල වකුගඩු රෝහල් වල, ක්සයරෝග වාට්ටුවල් ආදී මෙකී නොකී දහසක් තැන් වල සේවයට යෙදෙන හෙදියන්ට පුහුණුවෙන් 1/3 ක එක අවුරුදු කාලයක් වින්නබු පුහුණුව දීමේ තේරුම් කිමක්ද? (ස)
නුවන් 2014-05-03 18:51:28 හෙදියන්ට වෙලා තියන අසාධාරණය ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. ඒ මිනිස්සුත් ආසාවට මේවා කරනවා නෙමෙයි. පිටිගල මහත්මයා හරි හේතුව දැනගෙන ශාප කලයුත්තන්ට ශාප කරන්න.(ස)
මේ හෙදියෝ කියන ජාතියට කොච්චර තිබුනත් මදි, දුන්නත් මදි. තව තව ඉල්ලීම් ඉල්ලනව. තව ටික දවසකින් දොස්තරගේ වැඩෙත් කරන්න ඉල්ලයි. හෙදියෝ ලෙඩ්ඩුන්ට කරුණාවෙන් සලකනවානම් ඒ විතරක් මදිද? ඒකවත් හරියට කරන්නෙ නැහැනේ. ඇඟට කඩා පනිනව. (ස)
ලක්ෂාන් මහත්තයෝ ඔයා මේ කඩේ යන ගමන්ද? මගේ ශාපය මට වැදුනට කමක් නැහැ ඇත්ත කියන කොට රිදෙන්නේ ඔයාට .මොකක්ද හැබැටම ඔය මිනී මරන්න තරම් උන අසාධාරණේ, මම නම් මොකුත් නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන්. තමන් සියල්ල දත් කියලා හිතාගෙන අනුන්ට දන්නේ නැහැ කියන්නේ නම් මෝ.........වින්නඹු අම්මලා එක්ක ඉරිසියාවක් ඇති (ස)
ටික දවසකට කලින් නර්ස්ලට දොස්තර ලගේ වැඩ කරන්න ඕන උනා, දැන් සුතිකාගාර පුහුණුව ඕනලු. එත් එයාලගේ වැඩේ මොකක්ද ? කවද්ද එක හරියට කරන්නේ? අද අර කුලියාපිටියේ ඉපදුන ගමන් ළදරුව මරුන , ඒකත් වර්ජනේ සාර්ථකත්වයේ ලකුණක් නේද? වර්ජනය කරන කොට ඔය කවුරු කවුරුත් බිලිදෙන්නේ එයාලට පඩි ගෙවන අහිංසක මිනිස්සුන්ව තමයි. අපි වෙනුවෙන් සේවය කරන්න දගලන්නේ දේශ පාලුවෝ වගේම නේ. ප්‍රේමදාස මහත්මය, ජේ. ආර්. මහත්මය ඉන්න ඕන මේවට. අහිංසක මිනිස්සුන්ගෙම සල්ලි වලින් පඩි අරන් . උන්ටම ලොකු කම් පෙන්වන උන් කාටත් ශාප වේවා.(ස)
පළමුවෙන්ම (ස)