වැඩි කළ විදුලි බිලට එරෙහි අද සංවිධානය කළ වැඩ වර්ජනය සාර්ථක වූ බවත්, වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කළ දා සිට අද දක්වා සමස්ථ ක්‍රියාවලියේදී ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කළ හැකි වූ බවත්, තම ඉල්ලීම ඉටු නොවුණු නිසා වෙසක් සතිය අවසානයේ ඉදිරි පියවර ගන්නා බවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු කේ ඩී ලාල් කාන්ත මහතා කියයි.
බොරැල්ල, නුගේගොඩ, මොරටුව, නුවර, තඹුත්තේගම සහ නාරාහේන්පිට තැපැල්හල්වල සේවක පැමිණීම ඉතා අඩු මට්ටමක තිබුණු බවත්, ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයක් උදේ දහය වන තෙක් වර්ජනය කළ බවත්, එහි සේවකයන් ඉන් පසු ‘පිකටින්‘ ඇරැඹූ බවත් හෙතෙම සඳහන් කරයි.
කටුනායක හා බියගම ගාම්න්ට් 15ක් සම්පුර්ණයෙන් වසා ඇතැයි ද, අනුරාධපුර පාසල් රැසක ගුරු පැමිණීම සියයට විස්සක්වත් නැතැයි ද, හලාවත හා ගාල්ල කළුවැල්ල නගරවල කඩ සාප්පු රැසක් වසා දමා ඇතැයි ද, ඇහැලියගොඩ කඩසාප්පුවල කළු කොඩි ඔසවා ඇතැයි ද, වතුකරයේ තේදළු නෙළීම සියයට හැටකින් අඩු වී ඇතැයි ද ඔහු කියයි.
අධ්‍යාපන බලධාරීන් කියනුයේ පාසල් අධ්‍යාපනය අද සාමාන්‍ය පරිදි සිදු වන බවයි. බොහෝ පාසල්වල අද පැවැත්වෙන වෙසක් වැඩසටහන් වලටද ගුරුවරුන් උනන්දුවෙන් සහභාගී වන බව ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් හොදට ආවනේ වැඩට
නැතුව... නැතුව වර්ජනය සාර්ථකයි. (නි)
පොඩි රස්සාවක් කරන මිනිස්සු පවා වැඩක් කරලා යමක් හම්බකරලා රටට බරක් නැතුව ජීවත් වෙනවා. ජේ වී පී එකේ හැමෝම නිකම් ඉදන් වැඩක් කරන එකෙකුට වැඩක් කරන්න දෙන්නේ නැතුව හැමදාම රට ප්‍රපාතෙට දාන වැඩ තමා එදා ඉදන් කලේ. මෙයාලා රටට බරක්. අනිත් අයට බන කියන්න විතරයි මෙයාලා දන්නේ. රස්සාවක් කරලා රටට බරක් නැතුව ජීවත් වෙන්න දැන්වත් ඉගෙනගත්තොත් හොදයි.(නදී)
ජනතාවනි අපි මතක තිය ගන්න ඕනේ එතුමා වැඩ වර්ජනය මෙහෙය වන්නේ එතුමා පොහොසත් වන්න නොව ජනතාවට වෙච්ච අසාධාරනයට ජනතාවට සාදාරන පිළිතුරක් ලබා ගන්න බව. යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 4 ට වැඩයි. යුද්දේ විකුණන් කන්න හැමදාම ඉඩදීම අපි කරන ලොකුම මෝඩකමක්.(නදී)
සියල්ල කෙසේ සිදු උනත් අවසානයේ නැවතත් පහර වදින්නේ ජනතාවට. (නදී)
ලංකාවේ මිනිස්සුන්ට ලෝකය පිළිබඳව දැක්මක් නැහැ. ලෝකේ දැන් වෙනස් වෙනවා. බලය මාරු වීම අත්‍යවශ්‍යයි (නි)
ලාල් කාන්ත මහත්තයා. දැන් ඉතින් ඔක්කොම හරි නේද? ආණුඩුව පෙරලුනාද? බොරු වැඩ නොකර නිදහසේ ඉන්න බලන්න යුද්දෙත් නැති එකේ.(නදී)
කවුද කියන්නේ
කොහොම නමුත් කඹ ඇදිල්ලකට නොගිහින්, ක්‍රියා මාර්ග සමච්චලයට භාජනය නොකර, සාධාරන වෙන එක රජයේ යුතුකම. නැතිනම් දිනෙන් දින වැඩිවන උද්ධමනය නිසා ජනතාවගේ ඉවසීමේ කට්ට පනින්න පුලුවන්. එවිට ඔවුනුත් මර්‍ධනයට එරෙහිව නැගී සිටියි. අතීතයෙන් උදාහරණ ගන්න. (නදී)
ඕවා කරලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ලයිට් කපන්න ඕනෑ (නි)
අනුර මහත්තයෝ මේ වර්ජනය කරන්නේ ලාල් කාන්තගේ විදුලි බිල අඩු කරගන්න නෙමේ අපි හැමෝටම සහනයක් බලා පොරුත්තුවෙන් නිකන් බත් කන හරකෙක් වෙන්න එපා යුද්දේ ඉවර උනේ වසර 4 කට කලින් කෝ මිනිස්සුන්ට ලැබුන සහනය අපි කියන්නේ මිනිස්සුන්ට ඕන මුලික දේවල් ටිකටවත් සහනයක් දෙන්න කියලා.(නදී)
අනේ ඉතින් වර්ජනයක්වත් නිදහසේ කරගන්න අපිටම කියලා රටකුත් දැන් තියනවනේ. නේද ? (නි)
අපේ ආයතනයේ සේවයට පැමිනීම නම් අද ඉතා ඉහලයි. (නි)
අද වර්ජනයක් තිබුනද? අනේ මන්දා, අද වෙනදට එන කෝච්චියට කලින් තවත් එකක් ආවා. ඒක නිසා අද වෙනදට කලින් වැඩටත් ආවා. (නි)
හැම ස්ට්‍රයික් එකෙන්ම වෙන්නේ රට තව පස්සට යන එක විතරයි (නි)
කට තිබුණු පලියට කතාකරන්න එපා. .ලාල් කාන්තලා විදුලි බිල වැඩි කරනවට සටන් කරන්නේ අපි හැමෝම වෙනුවෙන්. මේකෙන් ඔයාගෙත් විදුලි බිල අඩුවෙනවා කියල මතක තියාගන්න (නි)
අනුර, "නිදහස" යන්න, සුද්දා දීපු එකවත්, ඊලාම් යුද්ධෙන් පස්සෙවත් පෙනෙන දේ නොවේ. අපේ සාමාන්‍ය ජනයාගේ ප්‍රායෝගික ක්‍රියාකරකම් වටා වැටක් තියනවා. නිදහස භුක්ති විඳින සුළුතරයක් ( මුදල් හා බලපුලුවන්කාරකම් ඇති ) අර පොදු ජනතාවගේ නිදහස හරස්කරගෙන, අපි මානසිකවම වහල්ලු වෙලා ඉන්නේ. සැබෑ නිදහස විඳින්න නම් යන්න ඔබලා බනින යුරෝපයට, ඇමෙරිකාවට. (නි)
අනුර, "නිදහස" යන්න, සුද්දා දීපු එකවත්, ඊලාම් යුද්ධෙන් පස්සෙවත් පෙනෙන දේ නොවේ. අපේ සාමාන්‍ය ජනයාගේ ප්‍රායෝගික ක්‍රියාකරකම් වටා වැටක් තියනවා. වල්බූරු නිදහස භුක්ති විඳින සුළුතරයක් ( මුදල් හා බලපුලුවන්කාර කම් ඇති ) අර පොදු ජනතාවගේ නිදහස හරස්කරගෙන, අපි මානසිකවම වහල්ලු වෙලා ඉන්නේ. සැබෑ නිදහස විඳින්නනම් යන්න ඔබලා බනින යුරෝපයට, ඇමෙරිකාවට.(නදී)
දේශපාලකයෝ පත්කරන වන්දිබට්ටයෝ දේශපාලකයොත් සමග හොරා කාලා බංකොලොත් උනහම එම පාඩුව අපේ කරේ එල්ලන එක සාදාරනයි කියලා පෙළපාලි යන අපතයෝ ඉන්න රටක් මේක. අපට ගහන්ට ඕනේ.(නදී)
දේශපාලකයෝ පත්කරන වන්දි බට්ටයෝ දේශපාලකයොත් සමග හොරා කාලා බංකොලොත් උනහම එම පාඩුව අපේ කරේ එල්ලන එක සාදාරනයි කියල පෙළපාලි යන අපතයෝ ඉන්න රටක් මේක. අපට ගහන්ට ඕනේ.(නදී)
වැඩ වර්ජනය ජනතා විමුක්ති පෙරමුණේ පැත්තෙන් ඉතාම සක්‍රිය දායකත්වයක් දක්වා තිබූ බව අපි දන්නවා. කෙසේ නමුත් මතක තියා ගන්න, අපි ජනතා විමුක්ති පෙරමුණ බව. මේ රටේ දුක් විදින මිනිසුන්ගේ අයිතීන් රැක දෙන්න ලෙයින් කදුලින් තම සහෝදර දායකත්වය සපයපු ඉතිහාසයක් ඇති පක්ෂයක් බව (නි)
අනේ ලාල්කාන්ත, නිකන් පස්ස ඇන ගත්තා නේද ? අපිට නම් වැඩ වර්ජනයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නැහැ. දැන් කරන්න ඕන වැඩ වරණ එක නෙවෙයි. තව වැඩියෙන් වැඩ කරන එක. අනිත් එක ඔයා දන්නැද්ද අත හෙල්ලුවොත් තමයි කට හොලවන්න පුළුවන් කියලා. සාදාරන වර්ජනයක් ගේන්න, අපිත් සහයෝගය දෙනවා.(නදී)
රත්න ඔබ හරි එපාවෙලා තියෙන්නේ.(නදී)
ලාල් කාන්ත ඔබතුමාට මතකද එදා හිල්ටන් එකේ ඔබතුමාගේ අනුදැනුම ඇතිව කරපු වර්ජනය. ඒකට මොකද උනේ, අපේ කොල්ලෝ ටොකු ඇනගෙන ගෙදර. මොකක්ද ඔබ තුමා ගත්ත පියවර ඒකට.(නදී)
මෙම වර්ජනයට කොටසක් විරුද්ධයි. තවත් කොටසක් කැමැතියි. ඒක තමා ස්‌වභාවය.(නදී)
අහිංසක මිනිස්සු නොමග ඇරලා පාරට අරන් රට කන්නද ලාල්කාන්ත මහත්තය උත්සහ කරන්නේ. උගුර බැරැන්ඩි වෙනකන් බොරුවට කෑ ගහන් නැතිව රට ගැන හිතලා වැඩ කරන්න. මොනවා නැතත් නිදහසේ ලංකාවේ ඕනෑම තැනකට යන්න පුළුවන් තත්වය අද තියනවා. ඒ නිසා වැදගත් විදියට සාකච්ඡා කරලා සමයෙන් හැම දෙයක්ම විසදගමු.(නදී)
ඔබම වර්ජනය කරලා ඔබම කියනවා සර්තකයි කියලා. ලාල් කාන්ත සහොදරයා නිකන් ජනතාව අමාරුවේ නොදාම වැඩක් බල ගන්න. විදුලිබිල ගැන අපි බලා ගන්නම්.(නදී)
මේ කියන විස්තර ඇහුවම හරියට අලියාගේ පිටේ කුබියෙක් ගිහින් වගේ.(නදී)
වර්ජනය සාර්තකයි. ඉල්ලීම් අසාර්තනයි. ඡන්දයක් තිබුනොත් අනෙත් සියල්ලන්ම අසාර්තකයි. ඇස්ගෙඩි වලට හෙන වැදිලද සිහලුන්නේ.(නදී)
වර්ජනය සාදාරණයි, රජය නාස්තිකාර වියදම් අඩු කොට සාමාන්‍ය ජනතාවට සෙත සැලසිය යුතුයි. ඒ අය සැප විඳින්නේ අපේ ඡන්දෙන්.(නදී)
රට කාපු ලාල්කාන්තලට තවත් ඉඩ දිය යුතුද? මුන්ට ප්‍රේමදාස සංකල්පයම තමා යොදවන්න් ඕනා.(නදී)
පසුගිය කාලේ සටන් කරල පඩි වැඩි කරල දුන්නා දැන් ලයටි බිලත් අඩුකරල මිනසුන්ට හොදින් ජිවත් වෙන්න වටපිටාවක් හදන්න මේ වර්ජනය කරන්නනෙ. නැතව ලාල් කාන්ත මහත්තයට ගෙදර අරං යන්න නෙවි. තේරුම් ගන්න උත්සහ කරන්න.(නදී)
අද දවසේ දුක්විදින්න වුනෙත් අහිංසක ජනතාවටමය . (නි)
අපිනම් ඔහොම දෙයක් දෑක්කේ නැහැනේ. (නි)
අපි ඔබට හිස නවා ගෞරව කරමු (නි)
වැඩ වර්ජනයේ සාර්ථ අසාර්ථක භාවය තීරණය වන්නේ එය පැවැත්වීමේ මූලික අරමුණ ඉටුවීමේ සම්භාවිතාවය මතයි. වැඩිවන මිල මට්ටමට එරෙහිව නැගී සිටින්න තිබුනේ මීට ගොඩාක් කලකට කලින්. නමුත් මේ රටේ ජනයා දේශපාලන කියමන් හමුවේ හැමදාම රැවටෙනවා. කුමන පක්ෂයක් උනත් පත්කරගන්නේ අපේ වුවමනාවට නම් එය හසුරවන්න ජනතාවගේ බලපෑම අනිවාර්යයි. නමුත් අතීතයේ සිට අපි නිහඬ නිසා මේ අයට ජනතා ඉල්ලීම් ඇහුනත් ගානකට නොගනී. රටක විපක්ෂයේ කාර්යභාරය මීට වැඩි හෙයින් ප්‍රථමයෙන් එය ශක්තිමත් විය යුතුයි. එවිට අනාගතයටවත් ප්‍රයෝජනවත් වෙයි.(නදී)
මේ බුරුවට මොලේ අමාරුව හැදිලද කොහෙද.(අ)
මීගොඩ මහාපරිමාන සමාගමක වර්ජිත සේවකයින්ගේ දිනෙක වැටුපට අමතරව මාසික දිරි දීමනාවත් නවතා , 5%කින් බෝනස් කපන බවටත්, අනියම් සේවකයින් පහකරන බවත් දැනුම් දී තිබෙනවා. (නදී)
යාපා, ඔබේ ඡන්දය සැප විදින්නේ නැති කෙනෙකුට දමන්න. මොකද ඡන්දෙ ඉල්ලන්නේ එක පක්ෂයක් නෙවෙයිනේ.(නදී)
හිත හදා ගන්න කියනවාද මන්දා
ඒ ගැන පුදුමවෙන්න ඕනෑ නැහැ (නි)
ලාල් කාන්ත මහත්තයා කොහොම කෙනෙක් වුණත් මේ අසාධාරනයකට එරෙහිව එයාලා හරි ඉදිරිපත් වෙන එක ගැන ස්තුතිවන්ත වෙයල්ලා මිනිසුනේ. (නි)
ඔබලා මොන රජය ආවත් අලකරන්නම තමා බලන්නෙ. ඒ ඔබලාගේ පෑවැත්මට මිසක් ජනතවට ආදරේට නෙමේ.(නදී)
අසාර්ථක සංවර්ධනය අතහැර මුදල් ඉතුරු කළා නම් මේ විදුලි බිල මහජනතාවට පැටවිය යුතු නැහැ. (නි)
වර්ජනයක් තිබුණද ඇ්තතටම සාර්ථක වෙන්න ? අපි දැක්ක විදියට නම් මිනිස්සු ඔක්කොම වැඩට ගියා.වැස්ස නිසා නතර වුණ කීපදෙනෙක් විතරයි ගෙදර හිටියේ (නි)
රටේ නීතියක් නැහැ. මෙහෙම ගියොත් ලංකාවත් සිම්බාබ්වේ තත්වයට පත්වෙයි. අල ගෙඩියක් ගන්න මුදල් වීල් බැරැක්කයක පටවන්න වෙයි. රටේ උද්ධමනය දවසින් දවස ඉහළ නගිනවා. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ගීය ගායනා කල ගායකයාගේ කටේ සීනි දාන්න ඕනෑ. (නි)
අපට හරි ලේසියි ලාල් කාන්තව හැල්ලු කරන්න. මොනවා හරි මෙතන ලියන එක විතරනේ. නේද? ජේවීපී එක මෙතෙන්දි දේශපාලන වාසියක් ගන්නවා වෙන්න පුලුවන්. ප්‍රශ්නය එක නෙමෙයි නේද? අනුර, ප්‍රසා, කුමාරි, දැන් සන්තෝසද, විදුලි බිල අඩු වුනේ නැති එක ගැන වර්ජනය නිසා? (නදී)
මෙතන අදහස් දාන සමහර අය ගැන ඇත්තටම කණගාටුයි. (නි)
ලාල් කාන්ත සහෝදරයා නියමයි. වර්ජනය සාර්තකනේ. මොනවද දැන් දිනාගත්තේ. මොන ඉටි ගෙඩියක්වත් නැහැ. වැඩ වරපු එකාගේ දිනක පඩියට කෙළවුණා. සනීපයිනේ, ලයට් බිලෙන් අඩුවෙලා එයිනේ, සහෝදරයා මීට වසර තිහ හතළියකට පෙර හිටපු නුගත් ඡන්ද දායකයෝ දැන් නැහැ. දැන් ඉන්නේ උගත් බුද්දිමත් ජනතාවක්. ඒ මිනිස්සු දන්නවා තමුසෙලා ඕව කරන්නේ එයාලට ආදරයට නෙවි තමුසෙලගෙ බඩ වඩාගන්න කියලා. ඒ පටු අදහස් නැතිව රටට යමක් කරන්න. අවංකව ඉදිරිපත්වන බවට මිනිසුන්ට වැටහුනේ කවදටද එදාට ඒ මිනිස්සු සහෝදරයන්ව දිනවයි. කිසි ජගතෙකුට එය වලක්වන්න බැහැ. දැන් කළේ ආණ්ඩුව තව ටිකක් උස්සලා තිබ්බ එකයි.(නදී)
ලාල්කාන්ත මහත්තයාගේ ඇස් පෙන්නේ නැද්ද කොහෙද වර්ජනය සාර්ථක කියන්න. අසාර්ථක උනත් කියන්නේ හැමදාම ඔය ටිකනේ.කොච්චර කෑ ගැහැව්වත් ආණ්ඩුව පෙරලන්න බැහැ.(නදී)
අපි ලංකාවේ නොසිටියත් මේ රජය විසින් මේ කරනා අත්තනෝමතික ක්‍රියා පිළිකුලෙන් හෙලා දකිමි. කෙහෙලියට ලක්ෂ 15 බිලක් ගෙවුවට, අහිංසක ගෙවල් වල මිනිස්සුන්ගේ රුපියල් 500 ගෙවා ගන්න බැරිව දුක් විදිනවා. මේවා සහගහන අපරාධ මහින්ද මහත්තයෝ.(නදී)
මේවා බලනකොට විදුලි බිල වැඩි කිරීම මේ අයට පමණක් කරන්න අපේ දරුවන්ට පාඩම් කරන්නවත් බැරි තත්වයකට විදුලි බිල වැඩි කරලා තියෙන්නේ.(නදී)
ලාල් කාන්ත මහත්තයත් දිනුම් මහින්ද මහත්තයත් දිනුම් අපි හැම දාම පරාදයි.(නදී)
වර්ජනය සාදාරනයි. වර්ජනයට විරුද්දව කතා කරන අයගේ නුවණැස පෑදේවා.(නදී)
වර්ජනය සාර්ථකයි කරවපු අය කියනවා, අසාර්ථකයි ආණ්ඩුව කියනවා, තේරුම් ගන්න බැහැ. මේකට මුල විදුලි බිල නම් අපි මෙහෙම කරමු. වැඩි උනාට කැමති අයට බිල බාරගන්නත්, විදුලි බිල අඩු කරගන්න කැමැති අය විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර බිල අඩු කරගන්නත්. මෙමගින් බහුතරය දැනගමු. විදුලි බිල වැඩි කිරීමට බහුතරයක් කැමැති නම් එම අයගෙන් මුදල් අයකරගෙන අඩු කරන අයගේත් වියදම පියවා ගනිමු.(නදී)
මේ විදුලි බිල වැඩිකිරීම හරි අසාදාරණයි. මම වගේ සුළු පරිමාන කර්මාන්ත කරන යට පාරට බහින්න වෙලා තියෙන්නේ. රජයට මේක දැනෙන්න අරින්න ඊළඟ ඡන්දෙ එනකන් හිටියොත් අපේ ළමයි සේවකයෝ බාගෙට මැරිලා තියෙයි. වර්ජන වලට මමත් කැමති නෑ .එත් වෙන මොනවා කරන්නද?(නදී)
ඕන තැනක පාරේ බැහැල යන්න පුළුවන් කියලා හැමදාම යුද ජයග්‍රහණ ගැනම කියව කියවා ආණ්ඩුවට ඕනදෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්න පුලුවන්ද? යුද්දේ ඉවර උනා කියල මින්ස්සුන්ගේ ප්‍රශ්න විසදෙන තැනට අද ඇවිල්ල තියනවද? කුමාරි සහෝදරි ඔයාගේ අදහස් දැක්වීම ඇතුලෙම තියෙන්නේ ඔයාගේ නොදැනුවත්කම.(නදී)
මේ වැඩ වර්ජනය ලාල් කාන්තට උන අසාදාරනයක් ගැනද? විදුලි බිල වැඩි වීම ගැනද? පටු දේශපාලනය ඉවත් නර රටේ පොදු ප්‍රශ්න වලදී එකතු වෙමු.(නදී)
අපි නම් කොහෙවත් දැක්කෙත් නැහැ ඇහුවෙත් නැහැ වැඩ වර්ජනයක් තියෙනවා කියලා. මොනවා කරන්නද ලාල් මහත්තය ඔයාල කියන දේවල් අහන්න දැන් කව්රුවත් නැහැ.(නදී)
තමන්ට අසාධාරණයක් උනහම එයට පක්ෂවත් විපක්ෂවත් කතා කරන මෝඩ රට ගැන මොන කතාද?(නදී)
ඔය ලාල් කාන්තල ජේ වී පි එකේ ඉස්සර ඉඳන් කරේ ලංකාව අරාජික කරන එක . මිනිසුන් මරල බැංකු කඩල අහිංසක පාසල් දරුවන් නොමග ඇරලා . 1971 කරපු දේවල් අපිට මතකයා. පළවැනි ත්රස්තවාදය ලංකාවේ . එහි බොහෝ නායකයන් අද බොහෝ සැප සම්පත් සහිත ජීවිත ගෙවනවා . එය නොලේබුන අය තාම ලංකාව තවත් අරාජික රටක් කරන්න උත්සහ ගන්නවා . මන් දන්නවා මෙය ගොඩක් යට රිදෙයි කියා . නමුත් මෙය තමා සත්‍ය කතාව.(නදී)
ලාල්කාන්ත, රටක් වශයෙන් ගත්තම රජය කරපු වැඩ ඔක්කොම අමතක වෙලා. ඔයා පස්ස බිම ඇනගන්නේ නැතිව වැඩක් බලාගන්න. ජනතාව රජය ගැන බලාගනීවි. පරාද වෙච්ච දේශපාලකයෙක් තුත්තිරි ගස්වල එල්ලෙනවා වගේ නේ ඔයත්.(නදී)
හෙට 22 එළිවෙනකොට විදුලි බිල අඩුවෙලා තියේවි. විදුලි බල ඇමති අස්වෙලා තියේවි. ආණ්ඩුව කරකියාගන්න දෙයක් නැතුව ආණ්ඩුව විසුරවන්න දිනයක් සොයාවි. ලාල්කාන්ත දකින හීන දැන් අපිටත් පේනවා.(නදී)
අනේ මන්දා මට නම් අදත් වෙනදා වගේමයි. වර්ජනයක් තියෙන පාටක් වත් දැනුනේ නැහැ.(නදී)
අනේ මහත්තයෝ..ඕවට කියන්නේ ගොන්පාට් කියලා. ඔයාල වර්ජන මෙහෙයවලා දිනාදුන් දෙයකුත් නෑ. ඡන්දෙයක් තිබුණු දාට ඇපත් නෑ.(නදී)
දැනගන්න සතුටුයි 80 වර්ජකයන්ට කල දේ මේ ආණ්ඩුවෙන් මෙවර වර්ජකයන්ට කරන්නේ නම් රනිල් මහත්තයා ගන්න පියවර ගැන.(නදී)
ආණ්ඩුව එයාලට ඕනෑ දේ කරනවා. මහජනතාව ලැජ්ජා විය යුතුයි. (නදී)