රජයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තික සංවිධාන 19ක් වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනුයේ පෞද්ගලික වාසි අපේක්‍ෂාවෙන් නොව රාජ්‍ය සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
වාහන බලපත‍්‍රයක් වෙනුවෙන් රජයේ නිලධරයන් ජනතාව අපහසුතාවයට පත් කරන බවට ඇතැමුන් චෝදනා කළත් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ අනාගතයේ දී රාජ්‍ය සේවයට එක්වන අයට අහිමිවන විශ‍්‍රාම වැටුප ඇතුළු වරප‍්‍රසාද රැක දෙමින් ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ අපේක්‍ෂාවෙන් බව එම කමිටුවේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.
නව වරප‍්‍රසාද නොව තිබුණු වරප‍්‍රසාද හෝ රැකගැනීමට නොහැකි වුවහොත් අනාගත පරපුර රාජ්‍ය සේවයට එක්නොවී රාජ්‍ය සේවාව අඩාල වී යනු ඇතැයි ද සභාපතිවරයා කිවේය.
නිදහස් සෞඛ්‍ය සේවා අඩාල කර රට ව්‍යාපාරික පැලැන්තියට පවරා දීමේ හා විදේශීය වෘත්තිකයක් මෙරටට ගෙන ඒමේ උත්සාහයක රජය නිරත වී සිටින බව කී ඒ මහතා ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවද කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය චන්දන ජයකොඩි, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු වැඩ වර්ජනයට සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.
ඡායාරූප හා වීිඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයි දාගෙන හිටියට කොන්දොස්තර කෙනෙක් තරම් වත් තත්ත්වයක් නැති ජාතියක්. අහිංසක ලෙඩ්ඩුන්ව ඇපේට තියනවා කාර් එකකට. මුන්ට මිනිස් ජීවිතයක් කාර් එකක් තරම් වත් වටින්නේ නැහැ. එ් වුනාට කියන්නේ එයාල දෙවිවරු කියල. (බ)
පළමු හැදුන ලෙඩේ බරපතලයි බෙහෙත් නැතිව සුවවිය. දැන් ඇත්තේ පළමු හැදුන ලෙඩේ වෙනුවෙන් ඇතිවු අතුරු ආබාධයකි එය සුළු ලෙඩක්ය. (බ)
මෙයාලා ස්ට්‍රයික් කරන්නේ තිබුන දේවල් රැකගන්නයි. අලුත් දෙයක් ඉල්ලනවා නොවෙි. (ර)
දෙන්න නං එපා පර්මිට්. අපිත් මහන්සි වෙලා මේ රටට හම්බකරන අය. අපි දුක් විඳලා විදලා වහනයක් ගත්තේ. ඒකත් තියෙන ඔක්කොම බදු ගෙවලා. ඇයි මේ අයට විතරක් ඔක්කොම සහන? (ර)
අපේ වීර දොස්තර මහත්තුරුන්ට ජය වේවා. (ර)
මෙච්චර කල් මේ පර්මිට් එක දුන්නා. ඒ දුන්නු එක තමා මේ අය ඉල්ලන්නේ. ඉතිං ඒකේ අසාධාරණේ මොකද්ද? (ර)
ඔහෙලා හෙදියන්ට දෙන පුහුණුවටත් විරුද්ධ වුණ අයනේ. මෙයාලා හිතන්නේ මෙයාලා විතරයි ජීවත්වෙන්න ඔන කියල. දැන් එහෙනම් අපිට පර්මිට් එපා කියල කියනවකෝ අනික් ඉල්ලීම් මොනවාද. මුදල් දෙනවා නම් ඔනෑම දෙයක් කරන කට්ටිය. නාගොඩ කෙනෙක් වම වෙනුවට දකුණ කපල මේ වගේ නොසැලකිල්ලෙන් වැඩ කරන්නේ (අ)
මොනවට කළත් වර්ජනය වර්ජනයමයි (නි)
සුමනපාල, අයිතිවසිකම් හා වරප්‍රසාද කලවම් කරගන්න එපා. (නි)
සේන,පෙන්ෂන් එක නැතුව කවුද රාජ්‍ය සේවයට එන්නේ? (නි)
වෘත්තීය සංගමයක් යම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන්නට තීරණය කලහොත් එහි සාමාජික සියලුදෙනාම එයට එකග වියයුතුය.වෛද්‍ය සංගමය අද දින වැඩවර්ජනය කලත් ගොඩක් රෝහල්වල වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රතිකාර වල යෙදුනා.මමත් රෝහල් සේවාවේ සිටින කෙනෙක්(ද්‍යෛ නොවේ)මම සේවය කරන රෝහලේ වෛද්‍යවරුන් රොගීන්ගේ ප්‍රතිකාර කටයුතු කලා ඉතා ඕනෑ කමින්.ඉතා සුලුපිරිසක් තමයි රෝගීන් ඇපයට තියලා පටු අරමුණු වෙනුවෙන් වැඩකරන්නේ.(අ)
දොස්තරලා අලුත් දෙයක් ඉල්ලනවා නෙමෙයි. තියෙන දේ රැකගන්න දඟලන්නෙ. දොස්තරලාට වෘත්තිය ක්‍රියාමාර්ග තහනම්ද? කියන්නකො බලන්න දොස්තරලාට විකල්පයක් වර්ජනය නොකර කරන්න පුලුහන් (අ)
ලසන්ත, එතකොට දොස්තරලා විතරද සේවය කරන්නේ? වැඩිපුර වැඩකරන අඩුවෙන් නිවාඩු ගන්න, රජයට බදුගෙවන පුද්ගලික අංශයේ අයට මොකුත් නැහැ. හැමෝම කරන්නේ සේවයක් වග මතක තියාගන්න. දොස්තරලට විතරක් විශේෂ වරප්‍රසාද අවශ්‍ය නැහැ. (නි)
වැඩ කරන්න පුළුවන් මිනිස්සු පිටරටින් හරි එනවට අපි කැමති(අ)
අපේ මෝඩ වීරයන් ටික දැන් නැට්ට උස්සගෙන දොස්තරලට බනිනවා, තමන්ගේ බොක්කටත් වදින අයවැය ගෙනාපු එවුන් අමතක වෙලා. (අ)
මෙතන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා වෘතිය සමිති රාශියක් මේ වැඩ වර්ජනයට සම්බන්ද බව. අපේ කමෙන්ට්ස් වීරයන් දොස්තරලට විතරක් බනිනවා. එතනම පේනවා නේද එයාලගේ කුහක කම? (අ)
රටට හෙණ ගැහුවත් කමක් නැහැනේ එයාලට ඕන පෝමිට් ඒක කල්ප ගානකින්වත් හදන්න බැරි රටක් ලංකාව (අ)
අන්න තිලක්ට තේරිලා. (නි)
දොස්තරලා වර්ජන කියනකොට බනින්න සූදානම් පිරිසට ඒ මිනිසුන් කරන සේවය අමතක කළහැකිද? පුදුමවිය යුතු නැත මේ ගැන. (නි)
ඔහොම කතාවක් මුලින් කිව්වා නම් අපි මොන ලෙඩේ හැදුනත් කොත්තමල්ලි ටිකක් බීල ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවනේ..(ම)
අපි දන්නවා මොකටද වර්ජනය කලේ කියල, දැන් නිකන් බොරු කියන්න එපා . (ස)
වැඩේ පත්තු වුනාම කාරනේ වෙනස් කළා වගේ, මහා පරිමාණයෙන් චැනල් කරලා හම්බ කරනවා මදිවට ලැජ්ජා නැද්ද තමන්ට වාසි ගැන හිතල ස්ට්‍රයික් කරන්න. තන්හාව, එලොවට යනකොට ඔය පර්මිට් එකත් නැහැ කාර් එකත් නැහැ (බ)
ස්මිත්, තිබුන දේවල් නැති කරනවට විරුද්ධ එක වැරදිද? (ර)
මෙයාලාගේ වර්ජනය ඉතාමත් අසාධාරණයි- රජයේ සේවයට ඇතුලත් වෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා පෙන්සන් එක තිබුණත් නැතත්. (ම)