IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන් ?

සේරුනුවර ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය ඉදිරිපිට වෙරුගල්ආරු නාවික හමුදා කඳවුරේ භටයකුට පහර දී ටී 56 අවියක් දමා පැන ගිය තිදෙනා සොයා පොලීසිය, හමුදාව හා නාවික හමුදාව අද මෙහෙයුමක් ඇරඹීය. රාජකාරී ගමනක් යමින් සිටි නාවික භටයා මේ තිදෙනා අත තිබූ මල්ලේ මොනවාදැයි ඇසූ විට ඔවුන් එක්ව එම භටයාට පහර දී ඇතැයි කියති.

පහරදුන් අය පැන ගිය පසු මල්ල සෝදිසි කළ භටයා එහි තිබූ ටී. 56 අවියක් සොයාගෙන ඇත. කොටි සටන් පැවති සමයේ වෙරුගල්ආරු කරුණාගේ ද බළකොටුවකි. හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ගොඩබට ස්ථානය වශයෙන් පාෂාණ පබ්බත විහාරය හැඳින්වේ.



අදහස් (0)

වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන් ?

දමිත් Tuesday, 06 May 2014 05:28 PM

ඒ වුණාට කොටි නලවන අයත් ඉන්නවා (නි)

:       0       0

අසංග Tuesday, 06 May 2014 09:28 AM

ගරු ආරක්ෂක ලේකම් තුමනි, අපේ හමුදාව ඒ පැති වලින් ඉවත් කරන්න කියපු අයට දැන් හොඳ පිළිතුරක් දෙන්න පුළුවන් නේද? මේ දේවල් තවත් මුල් දුවන්න කලින් ඉක්මන්ට පියවර ගත්තොත් හොඳයි. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 06 May 2014 09:41 AM

ටී 56 අරගෙන ඇවිදින අය, මිනිසුන්ට පහර දෙන අය අද ලංකාවේ නැත්තේ මොන පළාතේද? (ස)

:       0       0

අල්විස් Tuesday, 06 May 2014 06:26 PM

නියමයිනේ. කවදාවත් නැති තරමට කාන්තා නම් වලින් හෝ ගාලා අදහස් වැටෙනව නේ. කමක් නැහැ. කොටින්, උන්ට ඍජුව සහ අනියම් වශයෙන් සහය දෙන්නන් අල්ලා දියහැකි උපරිම දඬුවම දෙන්නට කියලා අපිත් බලධාරීන්ට කියනවා. මේක ඉල්ලීමක් පමණයි. (නි)

:       0       0

මානගේ Tuesday, 06 May 2014 10:38 AM

කොටි හොල්මන්ද? කොටි ලේබලයෙන් ආ වෙනත් හොල්මන්ද? (ස)

:       0       0

මහේෂ් Tuesday, 06 May 2014 10:44 AM

නාවික භටයාට පහර දීල, ටී 56 දාලා ගිහිල්ලලු. පොඩ්ඩක් අවුල් වගේ නේද? (ස)

:       0       0

උමේෂ් Tuesday, 06 May 2014 10:57 AM

සමහරක්ට මේවත් විහිලු..... අනේ මන්දා. (ස)

:       0       0

ලලිත් Tuesday, 06 May 2014 07:35 PM

ආයේ ඉතින් පිටින් කොටි අමුතුවෙන් එන්නෙ මොකටද? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 06 May 2014 11:23 AM

"මෙහෙයුමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු සොයාගනී" යන සතුට දනවන ප්‍රවෘත්තිය ඉක්මණින් අසන්නට ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Tuesday, 06 May 2014 08:09 PM

ත්‍රස්තවාදීන් නැති කිරීමට නම්, අදත් කියන්න වෙන්නේ එදා කියපුදේමයි, '"නිතර සොයා පහරදීම"... බලා ඉන්නවට වඩා සුදුසු නිතර සොයා සැක නොසිතන තැන් විශේෂයෙන් සොයා බැලීමයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 11:01 AM

අපේ හමුදාව ඒ පැත්තෙන් අයින් කරන්න කියන්නේ එයාලගේ කෙරුවාවල් නැවත පටන් ගන්න කියල ඕන කෙනෙක් දන්නවා. නමුත් ගොඩක් සිංහලයොත් දැන් ත්‍රිවිද හමුදාව ගැන කතා කරන්නේ උපහාසයෙන්. අයෙත් කොහේ හරි බෝම්බයක් පත්තු වෙනකන් එයාලට අතීතය අමතකයි. ඕකට තමා කියන්නේ ඔක්කොටම මතක තියෙන්නේ ප්‍රයෝජනය ගන්නකන් විතරයි. (දී)

:       0       0

ඉන්දික Tuesday, 06 May 2014 11:54 AM

මහේෂ් අපිට නම් එහෙම නැහැ. ලිපිය හොඳට කියවන්න. එතකොට හරියයි. (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 11:30 AM

විස්තර හරිහැටි නොදැන මොකුත් කියන්න බැහැ තවම. (ස)

:       0       0

ලලිත් අපොන්සු Tuesday, 06 May 2014 08:46 PM

පෙරේරා, ඔයා කියන්නේ මොන කට්ටියටද? (නි)

:       0       0

ඉන්දික Tuesday, 06 May 2014 11:59 AM

කුමාරි, ඔබ හරි. ඒ විතරක් නෙවේ, හදිසියේවත් එහෙම බෝම්බයක් පිපිරුනොත් ඒකටත් බනින්නේ ආණ්ඩුවටයි හමුදාවටයි. (ස)

:       0       0

සරත් Tuesday, 06 May 2014 12:53 PM

පළමුවෙන්ම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ කරන්නන්ට විරුද්ධව කටයුතු කරන්න. ඔවුන්ගේ ප්‍රකාශ වලින් ජනතාව නීතිවිරෝධී ක්‍රියාදාමයන්ට පෙලඹෙනවා (නි)

:       0       0

අමාලි Tuesday, 06 May 2014 02:13 PM

දැන් ඒ දවස්වල බෝම්බ වලට බයේ වෙව්ල වෙව්ල හිටිය ඒවා සේරම අමතක වෙලා වගේ සමහරු ප්‍රතිචාර s දාන්නේ, විහිලුවකට ගන්න එපා මේක රටේම සමස්ත ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක්.(නදී)

:       0       0

කමනි Tuesday, 06 May 2014 02:37 PM

මේවා නම් සුබ ආරංචි නෙවෙයි. ජනතාව හොඳ කල්පනාවෙන් ඉන්න ඕන කාලයක්. ආරක්ෂාව ගැන හැමෝටම වගකීමක් තියෙනවා. (ස)

:       0       0

සදුනි Tuesday, 06 May 2014 03:11 PM

කුමාරි ඔයා හරි. අපේ සමහර පණ්ඩිතයෝ කතා කරන්නේ තිස් අවුරුදු යුද්ධයක් නොතිබුණා වගේ.මොවුන් ටී 56 අරන් යන්න ඇත්තේ ලොකු විනාශයකට බව පැහැදිලියි. (ස)

:       0       0

සුජානි Tuesday, 06 May 2014 03:14 PM

තාමත් කොටින්ගෙ අදුරු සෙවනැලි තියෙනවා. එයාලගේ අරමුණ ඊළම ලබා ගැනීම. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනි. රටේ සෑම ප්‍රදේශයකම හමුදාව යොදවනවා නම් වඩා හොඳ වේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site