සේරුනුවර ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය ඉදිරිපිට වෙරුගල්ආරු නාවික හමුදා කඳවුරේ භටයකුට පහර දී ටී 56 අවියක් දමා පැන ගිය තිදෙනා සොයා පොලීසිය, හමුදාව හා නාවික හමුදාව අද මෙහෙයුමක් ඇරඹීය. රාජකාරී ගමනක් යමින් සිටි නාවික භටයා මේ තිදෙනා අත තිබූ මල්ලේ මොනවාදැයි ඇසූ විට ඔවුන් එක්ව එම භටයාට පහර දී ඇතැයි කියති.
පහරදුන් අය පැන ගිය පසු මල්ල සෝදිසි කළ භටයා එහි තිබූ ටී. 56 අවියක් සොයාගෙන ඇත. කොටි සටන් පැවති සමයේ වෙරුගල්ආරු කරුණාගේ ද බළකොටුවකි. හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ගොඩබට ස්ථානය වශයෙන් පාෂාණ පබ්බත විහාරය හැඳින්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට කොටි නලවන අයත් ඉන්නවා (නි)
ගරු ආරක්ෂක ලේකම් තුමනි, අපේ හමුදාව ඒ පැති වලින් ඉවත් කරන්න කියපු අයට දැන් හොඳ පිළිතුරක් දෙන්න පුළුවන් නේද? මේ දේවල් තවත් මුල් දුවන්න කලින් ඉක්මන්ට පියවර ගත්තොත් හොඳයි. (ස)
ටී 56 අරගෙන ඇවිදින අය, මිනිසුන්ට පහර දෙන අය අද ලංකාවේ නැත්තේ මොන පළාතේද? (ස)
නියමයිනේ. කවදාවත් නැති තරමට කාන්තා නම් වලින් හෝ ගාලා අදහස් වැටෙනව නේ. කමක් නැහැ. කොටින්, උන්ට ඍජුව සහ අනියම් වශයෙන් සහය දෙන්නන් අල්ලා දියහැකි උපරිම දඬුවම දෙන්නට කියලා අපිත් බලධාරීන්ට කියනවා. මේක ඉල්ලීමක් පමණයි. (නි)
කොටි හොල්මන්ද? කොටි ලේබලයෙන් ආ වෙනත් හොල්මන්ද? (ස)
නාවික භටයාට පහර දීල, ටී 56 දාලා ගිහිල්ලලු. පොඩ්ඩක් අවුල් වගේ නේද? (ස)
සමහරක්ට මේවත් විහිලු..... අනේ මන්දා. (ස)
ආයේ ඉතින් පිටින් කොටි අමුතුවෙන් එන්නෙ මොකටද? (නි)
"මෙහෙයුමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු සොයාගනී" යන සතුට දනවන ප්‍රවෘත්තිය ඉක්මණින් අසන්නට ලැබේවා! (නි)
ත්‍රස්තවාදීන් නැති කිරීමට නම්, අදත් කියන්න වෙන්නේ එදා කියපුදේමයි, '"නිතර සොයා පහරදීම"... බලා ඉන්නවට වඩා සුදුසු නිතර සොයා සැක නොසිතන තැන් විශේෂයෙන් සොයා බැලීමයි. (නි)
අපේ හමුදාව ඒ පැත්තෙන් අයින් කරන්න කියන්නේ එයාලගේ කෙරුවාවල් නැවත පටන් ගන්න කියල ඕන කෙනෙක් දන්නවා. නමුත් ගොඩක් සිංහලයොත් දැන් ත්‍රිවිද හමුදාව ගැන කතා කරන්නේ උපහාසයෙන්. අයෙත් කොහේ හරි බෝම්බයක් පත්තු වෙනකන් එයාලට අතීතය අමතකයි. ඕකට තමා කියන්නේ ඔක්කොටම මතක තියෙන්නේ ප්‍රයෝජනය ගන්නකන් විතරයි. (දී)
මහේෂ් අපිට නම් එහෙම නැහැ. ලිපිය හොඳට කියවන්න. එතකොට හරියයි. (දී)
විස්තර හරිහැටි නොදැන මොකුත් කියන්න බැහැ තවම. (ස)
පෙරේරා, ඔයා කියන්නේ මොන කට්ටියටද? (නි)
කුමාරි, ඔබ හරි. ඒ විතරක් නෙවේ, හදිසියේවත් එහෙම බෝම්බයක් පිපිරුනොත් ඒකටත් බනින්නේ ආණ්ඩුවටයි හමුදාවටයි. (ස)
පළමුවෙන්ම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ කරන්නන්ට විරුද්ධව කටයුතු කරන්න. ඔවුන්ගේ ප්‍රකාශ වලින් ජනතාව නීතිවිරෝධී ක්‍රියාදාමයන්ට පෙලඹෙනවා (නි)
දැන් ඒ දවස්වල බෝම්බ වලට බයේ වෙව්ල වෙව්ල හිටිය ඒවා සේරම අමතක වෙලා වගේ සමහරු ප්‍රතිචාර s දාන්නේ, විහිලුවකට ගන්න එපා මේක රටේම සමස්ත ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක්.(නදී)
මේවා නම් සුබ ආරංචි නෙවෙයි. ජනතාව හොඳ කල්පනාවෙන් ඉන්න ඕන කාලයක්. ආරක්ෂාව ගැන හැමෝටම වගකීමක් තියෙනවා. (ස)
කුමාරි ඔයා හරි. අපේ සමහර පණ්ඩිතයෝ කතා කරන්නේ තිස් අවුරුදු යුද්ධයක් නොතිබුණා වගේ.මොවුන් ටී 56 අරන් යන්න ඇත්තේ ලොකු විනාශයකට බව පැහැදිලියි. (ස)
තාමත් කොටින්ගෙ අදුරු සෙවනැලි තියෙනවා. එයාලගේ අරමුණ ඊළම ලබා ගැනීම. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනි. රටේ සෑම ප්‍රදේශයකම හමුදාව යොදවනවා නම් වඩා හොඳ වේවි. (ස)