ශ්‍රී ලංකාව යළිත් වාර්ගික හා ආගමික ගැටුම් නැමැති ගැඹුරු අගාධය වෙත දෑස් දල්වාගෙන සිටිනු පෙනෙතියි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා පවසයි.
මෑත කාලයේදී රටේ ඇති වු උනුසුම් ආගමික වාතාවරණය ගැන තමාත් එක්සත්ජාතික පාක්ෂිකයනුත් ඉමහත් කණගාටුවට පත් වන බවත් කවර හෝ ආගමික සිද්ධස්ථානයකට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවද ජයසුරිය මහතා කියයි.
බෞද්ධ ජීවන මාර්ගය හා බෞද්ධ වටිනාකම් සොදා පාළු කිරීමට නම් හැගීම් පාලනය කැර සංයමයෙන් වචන භාවිත කැර බුදුන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වීමට අප උත්සුක විය යුතුයැයිද ජයසුරිය මහතා සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරු මහතාණනි, ඔබගේ අදහස් හරිම නිවැරදියි. හොදින් හෝ නරකින් අප යුද්ධය නිම කර ඇත. නමුත් ආගම් යුද්ධ ඇති වුවහොත් මුළු රටම කෙටි කාලයක් තුල ඉක්මනින් විනාශ වීමට පුළුවන (නි)
සාරංග ඔය ඔය කියන දියුණුව අපි ලබන කොට පිට රටක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.(නදී)
සාරංග ඔය ඔය කියන දියුණුව අපි ලබනකොට පිට රටක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ (අ)
බෞද්ධයන්ට පමණක් නොව අසාධාරණයන් වෙන්නේ සමස්ත ලංකා වැසියන්ට.ඒ වෙනත් ආගම් වලින් නොව ,දේශපාලන වශයෙන්. (නි)
බෞද්ධයින්ට මේ වගේ සේනා හදන්න වුණේ අපිට තියන අසාධාරනකමට එරෙහි වෙන්න ඕනෑ නිසා. මේක අපේ රට. අපේ පැරණි සිංහලුන් දිවි පුදා මුදා ගත්තේ අපි වෙනුවෙන් බව මතක් කරමි. (නි)
තරංග ,ඔබ බෞද්ධයෙක් නම්, ඔබේ දහම පිළි අරගෙන ඉන්නවා ජනගහනයෙන් සියට 74 ක්. එතකොට අනිත් සියයට 26 න් ද ඔබේ දහමට අසාධාරන වෙන්නේ? මෝඩ කතා විමසිල්ලෙන් ඉන්න අයට කියන්න එපා. (නි)
කරු ජයසුරිය මහතාගේ අදහස ඉතාමත් අගය කරමි. වසර ගණනාවක් ගුටි කකා හිටිය අපි තවත් ගුටි හොයන්න ගියාම අපට සැනසීමක් කවදා ලැබෙයිද? (නි)
අපි බුද්ධිමත්ව හැසිරෙමු, රටත් ආගමත් ජාතියත් යන 3 බලයම බේරාගත හැක. (නි)
සමහරු වෙනම ඇඳුම් ඇදලා සමාජයේ වෙන්වෙන්න හදනවා, වෙනම පරිපාලන කලාප ඉල්ලනවා, සමහර පළාත් එකතු කරන්න කියනවා, ස්වයං පාලනය ඕනෑ කියනවා, නිජභූමි සංකල්ප ගැන කියනවා, ශරීයා නීති ගෙනෙන්න හදනවා, මෙහෙම කියන හැමදෙනාම දේශපාලුවන් සමග එකතුවෙලා, විනාශ කරන්න හදන්නේ සිංහල බෞද්ධයාව කියලා හැමෝටම තේරුම් යනකොට සිංහලයා සුළු ජාතිය වී බංග්ලාදේශයේ සුළුතර බෞද්ධයන් අද දින මුහුණපාන අවාසනාවන්ත සිදුවීම් වලට යම් දිනෙක ලක්වනු ඇත. (නි)
ගාමිණි,ළිඳේ සිටිනා ළිං මැඩියකු නොවන්න. සිංහලයාට අසාදාරණය සිදුවුවේ ඔබම කියනා මෙම 26%න් මය (නි)
කරු මහත්තයෝ ඔබ හරියටම හරි. (නදී)
සමීර,ඔයා දන්නවද ආසියාවට රටවල් කීයක් අයිති වෙනවද කියලා? රටවල් 51 ක්. ඉන් රටවල් 21ක් මුස්ලිම් රාජ්‍යයන්. එතකොට ඔයා කියන ඔය ලොකුම පල්ලිය හැදෙන්නේ ලංකාවේද? ලියන්න පෙර සිතන්න. (නි)
සජි ,මම ළිඳේ ඉන්න මැඩියෙක් නම් , සියයට 24 වර්ගයාට ළඟදීම දණ නමන්න වේවී (නි)
වාර්ගික සහ ආගම් ගැටුම් වැඩි පුරම ඇති කරවන්නෙත් විරුද්ධ පක්ෂය. පවතින රජය අස්ථාවර කිරීමට මෙය උපයෝගී කරගන්නේ. අනික් අය නම් ඔය බල සේනාවල් උරුමය කියා ගන්න කොටස . තවත් රාජ්‍ය නොවන සංවිධානද මෙයට උදව් කරනවා මුදල් වලින්. මෙහි අරමුණ රට සහ රජය අස්ථාවර කිරීමයි.(නදී)
කරු මහත්තයාත් දැන් බහු ආගමික වෙලාද? ආගමික ගැටුම් එපා තමයි. ඒත් බුද්ධාගමට කරන කෙනහිලි කම් නැවැත්විය යුතුයි. ප්‍රසන්න, ඔබේ අදහසට සතුට පල කරමි. (නි)
කරු ජයසුරිය මහත්තයෝ පොඩ්ඩක් රටේ තත්වය ඇස් අර බලන්න . කොලොන්නාවට සිදුවී තියෙන දෙය බලන්න. කොළඹ අවට සියලු නගර වලට සිදුවී ඇති දේ බලන්න.(නදී)
අපි බෞද්දයෝ. ඕන කෙනෙක් ඕනා දෙයක් කරගන්න කම් බලාගෙන ඉමු. එතකොට හරිද ජයසූරිය මහත්තයෝ. (නදී)
ප්‍රසන්න මහතාගේ අදහස හරි. මෙතන කරු ජයසුරිය මහතාගේ අදහසට එකගව කතා කරන අය මුලින්ම ප්‍රසන්න මහතා මතු කරන ප්‍රශ්නවලට සාදාරණ විසදුමක් යෝජනා කරලා ඉන්න. ඒවා ඇත්තටම සිංහල බෞද්ධ ජනයට තියෙන තර්ජන.(දී)
කරු මහත්තයා, දැන් සිංහලයාගේ ඇස ඇරිලා තියෙන්නේ. අපි මෝඩයෝ නෙවේ හොඳේ. චන්ද ප්රෙතකමට ගිහින් තියෙන චන්දෙත් නැති කරගන්නවා.(නදී)
ආගම් වලින් සිදුවන නරකම දෙය නම් මිනිසුන් බෙදා වෙන් කිරීමයි.(නදී)
කරු ජසුරිය මහතා ගේ අදහස හරි එත් මේ මොහොතේ බෞද්දයන් විදියට අපිට බලාගෙන ඉන්න බෑ. මොකද දැන් ආසියාවේ ලොකුම පල්ලිය හදන්න හදන්නේ ලංකාවේ ලංකාව කියන්න බෞද්ද රටක් ලංකාවේ බැරිද ලොකුම පන්සල හදන්න.......... අපි බෞද්ද රටේ ප්‍රධාන තැනක් බෞද්ධයට ලැබිය යුතු නැද්ද මුස්ලිම් අයට මැදපෙරදිග තියනවා දෙමළුන්ට තමිල්නාඩුව තියෙනවා මේ රට පමනයි බෞද්ධයන්ට තියෙන්නේ......අපේ සිංහල කොල්ලෝ මැරිලා ලංකාවේ ලොකුම මුස්ලිම් පල්ලිය හදනකම් අපි බලාගෙන ඉන්න අන්ද බෞද්දයෝ නොවේ අපි (දී)
මෙයා මේ කියන්නෙත් බොදු බල සේනා වගේ සංවිදාන ගැන මිසක් අනෙක් ආගම් වල එළිපිටම තියෙන අන්තවාදය ගැන එහෙම නෙමෙය්.(අ)
කරු ජයසුරිය මැතිතුමනි, අපි ඔබ තුමාගේ අදහසට එකඟයි. ඒත් ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක්. අද සමහරක් අය ලංකාවේ තියන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න යනවා. ලංකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න නිදහස තියනවා. අපිට සෞදි ගිහිල්ලා පන්සලක් අදන්න ඕනා කියන්න බැහැ. ඒ රටවල් වල නීතිය අරිම දරුණුයි. අපේ ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් සෞදියට ගියාම තනිකරම වෙනස්. ඒ අය ඉතාගෙන ඉන්නේ සෞදිය ඒ අයගේ රට කියලා. අපේ සිංහල බෞද්ධයන්ව පාවා දෙනවා.ඒ අතින් ඒ අයට අපේ රටේ ඕනෑම විදියට ජීවත් වෙන්න නිදහස තියනවා. අනිත් කාරණය නම් අපේ රටට හෙන ගාලා තියෙන්නේ අපේ දේශපලකයෝ එක ඡන්දෙට රට ජාතිය ආගම සේරම පාවා දෙනවා. අද ඒ වගේ යුගයක අපි ජීවත් වෙන්නේ. හැබැයි එක දෙයක් මතක තියාගන්න කව්රුත් අපි ජීවිත පිදුවත් අපේ රට ජාතිය ආගම සංස්කෘතිය නැතිවෙන්න නම් ඉඩ තියන්නේ නැත. මේවා සියලුම දෙනා දැනගෙන සිටියොත් හොඳයි.(නදී)
කරු ජයසුරිය මහත්මයෝ.මමත් ඔබතුමාගේ යටතේ වැඩ කල අයෙක්. ඔබතුමාගේ දෙසපලකයෙක් වසයෙන් දුන් සමහර නියෝග ඉටු නොකිරීම ගැන ඔබතුම කෙදිනකවත් මගෙන් නිදහසට කරුණු විමසුවේ නැහැ. නමුත් මෙතැනදී ඔබතුමාගේ ප්‍රකාශය සාදාරන වුවත් සිංහල බෞද්ද අපි හැමදාම නැගිට්ටේ ඉවසන්න බැරිම තැනට පත්වුවහම. බලන්න ග්රෑන්ඩ් පාස් ස්වර්ණ චෛට්‍ය පාර,මරදාන ශ්‍රී වජිරඥාන මාවත, පන්සල පාර අසිංහල ජනගහනයට ලක් වී ඇති ආකාරය.කෙදිනක හෝ කොළොඹ මහා නගර සබවෙන් මෙම පාරවල් වලට මුස්‌ලිම නම් දීමට යෝජනා වුවහොත් රාජ්‍ය බලයට පැමිණිය හැකි දෙපක්ෂයම , චන්දයට ඇති කෑදර කම නිසා එම යෝජනාවලට විරුද්ද වෙනවද. පළමුවෙන් ඔබතුමාලා දෙගොල්ලම සිංහලයාගේ අයිතිය රකින්න .එවිට අපි නිස්සබ්ද වන්නම්. (දී)
මේ නිකන් ඉන්න ඇයි බොදු බල සේනාව කැසිනෝව සම්බන්දයෙන් මොකෝ මුනිවත රකින්නේ ? ඒක පටන් ගන්නලු යන්නේ ජාතිය විනාස මුඛයට යන මග අපේ අතින්ම වෙනවා. ඉස්සරලා අපේ වත්ත සුද්ද කරලා ඉමු.(නදී)
සිංහලයට අසාදාරනයක් වී නැති පවසන අයටයි මේ. ඔබල උතුරු සහ නැගෙනහිර පළාත් වල යන්න අවශ්‍ය නැහැ. කොළොඹ නගර සභා සිමාව තුල එදා සිංහලයන් වැඩියෙන් සිටි ප්‍රදෙසවල අද තත්වය බලන්න. (දී)
කිසි සේත්ම අනුමත කරන්න බහ වාර්ගික ගැටුම් නම් අපි ලාංකිකයෝ විදිහට නවත්තන්න ඕනේ මෙවන් දේවල් (දී)
මේ බෞද්ධ මහත්තයෝ. වාර්ගික ගැටුම් නම් එපා (දී)
රුවන් ඔබගේ කතාව හරි
ඔය මෝඩ කතා නවතාල තියන වැඩක් කරගන දියුණු වෙන්න බලන්න. අපේ රණවිරුවෝ මේ රට සතුරන්ගෙන් ආරක්ෂා කරලා අපට දුන්නේ ආයෙත් මේ රට නැති කරන්නද.රටට ආදරේ නම් රට රටේ ගැන කැක්කුමක් තියනවනම් ඔය මෝඩ අදහස් ඉවත්කරගන්න. සාමය ජාතින් අතර ඇතිකරන්න. (දී)
ඔබ හරියටම හරී....පක්ෂ පාට නොබලා මෙවැනි දේවල් අපි වහාම වැළක්විය යුතුය. මෙම දේවල් වලින් සිදුවන්නේ රටක් විනාශ වීම මිස කිසිම ආගමක් රැකිමක් නොවේ...කාට හෝ දේශපාලනය කිරීමට රටක් තිබිය යුතුය දියුණු වූ රටවල් දෙස බලන්න..එවැනි කිසිම රටක මෙවැනි දේවල් සිදු නොවේ ... ඔවුන් දුෂණයට වංචාවට එරෙහිවනවා මිස මෙවැනි නොවැදගත් දේවල් වලට සිත නොදේ. එම නිසා වහාම මෙවැනි ක්‍රියා නවත්වන්න...නැතිනම් ඔබට යලි 80 සහ 90 දශකයේ තිබු මිනීමැරුම් බෝම්බ පිපිරීම් යලි ඇතිවිම නොවැලක්විය හැකිය. (ස)
බෞද්ධයන්ටම තඩිබාන්න බලා ඉන්න දේශපාලුවනේ ඉස්සෙල්ලා බෞද්ධයන්ට වෙන අසාධාරණේ ගැන සාධාරනවා හිතන්න. (ස)