වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් හය දෙනකු මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
සමන්තුරේ සිට කොළඹ ආගමන විගමන කාර්යාලයට වෑන් රියකින් එමින් සිටි පිරිසක රියදුරු,කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බව පොලිසිය පවසයි.
තුවාලකරුවෝ වරකාපොල,කෑගල්ල,වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ජායාරූප - රුවන් පතිරණ
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
![20151230_062708[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0627081.jpg)
![20151230_075928[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0759281.jpg)
![20151230_080009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0800091.jpg)
![Warakapola_Accident_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_11.jpg)
![Warakapola_Accident_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_21.jpg)
![Warakapola_Accident_(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_31.jpg)
![Warakapola_Accident_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_41.jpg)
![Warakapola_Accident_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_61.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයේ හැටි දැක්කහම අනතුරේ තරම හිතාගන්න පුලුවන් (නි)
මෙවැනි අනතුරු සිදුවීම ගැන මම ඉතා කණගාටුවෙමි. මේවාට පිළියමක් වශයෙන් දඩ මුදල් වැඩි කළාටම මදි. රියදුරු බලපත් දෙනවිටදී විධිමත් පරීක්ෂණයක් කළයුතුය. හුඟ දෙනෙක් මාර්ග නීති මතක තියාගන්නෙ රියදුරු බලපත්‍රය ගන්නාවිටදී පමණයි. තමාට රිය පාලනය කර ගන්න පුළුවන් වේගයකින් යනවා නම් බොහෝදුරට අනතුරු වළකා ගතහැකිය. (නි)
පාස්පෝට් එක ලෝකයේ දියුණු රටවල ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. එලෙස ලංකාවෙත් ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්න පුළුවන්. දෙයක් කියන්න කරන්න පෙර 1919ට කතාකර තහවුරු කරගන්න (නි)
මගේ අත්දැකීම් වල හැටියට, පොඩි වාහනයක් ඉස්සරහින් එනවා පෙනි පෙනීත් බස් රථ පාරේ අනෙක් මංතීරුවෙන් ධාවනය කර විදුලි පහන් දල්වා අපට පාරෙන් වාහනය ඉවතට ගන්න දැනුම්දෙන අවස්ථා බොහොමයි. බස් රථ, ටිපර් රථ රියදුරන්ගේ නොසැළකිල්ල, පමණට වැඩි වේගයෙන් ධාවනය පිළිබඳ කරුණාකර විමසිලිමත් වන්න. රියදුරන්ගේ නීතිගරුක බව, හික්මීම මඟින් මෙවැනි අනතුරු වළක්වාගත හැකි බව මගේ විශ්වාසයයි. කරුණාකර මංතීරු නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න. සියලු නීති සියලු දෙනාට එක සේ වියයුතුය. (නි)
ලංකාවේ බස් අනතුරු ගැන අපි දවස් පතා කියවනවා. එහෙත් එක්සත් ජනපදයේ මෙවැනි අනතුරක් ගැන අපට කාලෙකින් දැනගන්න ලැබුනේ නැහැ. ඇමෙරිකාවේ රියදුරන් වගකීමෙන් රිය පදවනවා. සේෆ්ටි ෆස්ට් කියලා සෑම බසයකම දැන්වීමක් දකින්න තිබෙනවා. (නි)
මමත් පාස්පෝට් ගන්න ගියා, සුමාන දෙකකට කලින්. තට්ටු තුනක් පඩිපෙළ දිගේ පෝලිම. ලියකියවිලි බාරදෙන්න නෙමෙයි, නොම්මරයක් ගන්න. ඒක අරන් පැය දෙකකටත් වඩා හිටියා බාරදෙන්න. මිනිසුන්ට කොළඹ එන එක අඩුකරන්න පුළුවන් නම්, ගොඩක් ප්‍රශ්න විසඳෙයි. මාර්ග අනතුරු විතරක් නෙමෙයි, තදබදයත්. ඇයි බැරි මේවා පළාතකට එකක් ගානෙ දාන්න? (නි)
මෙම අනතුරට බොහෝවිට බස් රියදුරාගේ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවක් විය හැක. බස් රියදුරන් ඔවුන් පමණක් මාර්ග භාවිතා කරන්න අවසර ඇති අය ලෙස මාර්ග භාවිතය මෙවැනි අවාසනාවන්ත අනතුරු සඳහා හේතුවක්. (නි)
බණ්ඩා, අනුර, යොහාන්, ඔබ වැරදියි. ඔබ මේ දකින්නේ පාර මැද තිබෙන ඉර නොවේ. බස් රියැදුරා රථය හැකිතරම් අයින්කර තිබෙනවා. මේ තියෙන්නේ පාරේ වම් පැත්තේ සීමාව (නි)
ප්‍රමිතියකින් තොර රියදුරු පාසල්, සන්තෝසමට බලපත්‍ර නිකුත් කරන පරීක්ෂකවරුන්, මාර්ග නීති උල්ලංගනය කරන රියදුරා නවතා ඔහුගෙන් සන්තෝසමක් ගෙන මුදාහරින්නන්, යල්පැනගිය නීතිරීති, වරදේ ප්‍රමාණයට හෝ ස්වාභාවයට සරිලන දඬුවම් නොලැබීම, ප්‍රමිත්යකින් තොර වාහන සඳහා මාර්ග ධාවනයට බලපත් නිකුත් කිරීම.... වරද කොතනද? (නි)
හද සසළ කරන සිද්ධියක් (නි)
මොන ගමන ගියත් වේග සීමාවක් තිබෙනවා කියලා තේරුම් ගන්න අනිත් යන්න ඉන්න අයත් (නි)
ලලිත් කියන විදියට සමන්තුරේ පාස්පෝර්ට් කාර්යාලයක් දැම්මා කියමුකෝ. නමුත් මෙයාලා විදේශගත වෙනවා නම් කටුනායකට යන්න කොහොමත් කොළඹ එන්න ඕනෑ නේද? (නි)
පාර හොදට හදල තියන පලියට යන අයදැනගන්න ඕනේ කොහොමද යන්නේ කියල පෙනෙන විදියට වැන් එක වේගයෙන් ගිහින් වගේ (කෞ)
බස් රථය පදික වේදිකාවටම ගෙන තිබෙන බව පෙනෙනවා. ඊට කදිම නිදසුන තමයි බස් රථය මගී ආවරණය ඇතුළටම ගොස් තිබීම. බස් රියදුරා තමාට අයිති මාර්ගයට වඩා වම් පැත්තට අරගෙන තිබෙනවා අනතුර වැළැක්වීමට. (නි)
බස් රථය බොහෝ අයින් කර ඇති බව පේනවා. මෙයා වෑන් රථයේ රියදුරාට නින්ද යාම නිසා විය හැකියි. (බ)
මෙවැනි අනතුරු කොපමණ සිදුවෙලා කී දෙනෙක් මැරුණත් මෙතෙක් තද නීති අනුමත කරලා නැහැ මෙවැනි රියදුරන් දින කීපයක් රිමාන්ඩ් එකේ ඉදල මේගොල්ලෝ නිදහස් වෙනවා නැවත අර විදියටම රිය පදවනවා මෙහි අදහස් දක්වන වැඩි දෙනක් කියනවා සේම අනික මේ අයට මහන්සිය විතරක් නෙවේ හරියාකාර අත්දැකීම් නැහැ (බ)
මේ පෙනෙන්න තිබෙන සුදු ඉර පාරේ මැද තිබෙන ඉර නෙමෙයි. මේක පාරේ අයිනේ ඉර. බස් එක හරි පැත්තේ ඇවිල්ලා තියෙන්නේ (නි)
බස් රියදුරාගේ සම්පුර්ණ වරද ....වැරදි පැත්තෙන් ආපු බසය අනතුරින් පසුව නිවැරදි මාර්ගයට අරගෙන තියෙනවා නමුත් බසයේ පිටි පස රෝද තවමත් තියෙන්නේ පාරේ අනික් පැත්තේ ....(කෞ)
ලලිත් මහතා සහ එයට එකග මහතුණි. සියල්ල සිදු වන්නේ පින් පවු අනුව මතක තබාගන්න. සමන්තුරේ ඉදන් පාස්පෝර්ට් හදාගත්තත් වෙන දෙයකින් හරි මේ දේ වෙනවා. ඒක ලෝක ස්භාවය. බුදු දහම ගැන දැනුවත් වෙන්න. (කෞ)
බණ්ඩා මහත්තයෝ හරියට බලල කතා කරන්න බස් එක තියෙන්නේ පාර අයිනේ. (කෞ)
තුවාලලැබූ අයට ඉක්මන් සුව ලැබේවා! (නි)
ධනංජය බුද්ඩ දර්ශනය ගැන අන් යට බණ කියන්න කලින් ඔබ දැනුවත් වන්න.කර්මය වුවද යම්තාක් දුරකට වලක්වා ගත හැකි මාර්ග එහි සදහන් වෙනවා ."ඔයා කියන තියරියට අනුව හැමදේම කරුමේ" (බ)
හැමදාම කියවන්න තියෙන්නේ අනතුරු සහ මරණ ගැන. ඒ සදහා කරන පිළියම් ගැන වචනයක් වත් නැ. මේක යුද්දෙට වඩා මහා ඛෙදවාචකයක්. අනතුරු නිසා මිනිසුන් මැරෙනවා.මිනිස්සු අනාත වෙනවා, අංග විකල වෙනවා, රටේ බදු මුදල් රෝහල් වල බෙහෙත් සහ අනෙකුත් වියදම් වලට වය වෙනවා, දේපල නැතිවෙනවා, රට එකම දුකක් වෙනවා. මේවා නැති කරන්න බෑ තමයි, එත් අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා.අයි මේ ගැන කතා නොකරන්නේ? වාහන අඩු කරන්න ගියාම එකටත් බනිනවා. (කෞ)
මම නම් කනගාටු වන්නේ කුඩා දරුවා ගැන පමණි,අනතුරට පත් රථයේ සුන් බුන් දුටුවිට මියගිය ගිය රියදුරු අමනයගේ රිය පැදවීම ගැන කියන්න පුළුවන්. අමන රිය පැදවීම පාලනය කරගන්න මෙහි සිටි මහා මිනිසුන්ට නොහැකි වුවාද? (ම)
සම්පුර්ණ වරද වෑන් රියදුරාගේ විය යුතු යැයි මගේ මතය.......(ම)
බස් රථය වැරදි පැත්තේ ධාවනය කර තිබෙන බව පින්තුරයෙන් පෙනේ. අනතුර සිදු වුණ වහාම තම පැත්තට ගැනීම සිදුව ඇත. (ම)
ලෝකේ රටවල්වල පාස්පෝට් ගැනීම, රියදුරු බලපත් ගැනීම, වගේ දේවල් පැය ගණනාවක් වාහන වල නොගිහින් ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්නට පුළුවනි. නමුත් අපේ රටේ තවමත් අර කාක්කෝ පිරුණු කාර්යාලවල රස්තියාදු වෙලා තමයි එව්වා ලබාගන්න වෙලා තියෙන්නේ. නවීන තාක්ෂණය නිසිලෙස උපයෝගී කරගත්තනම් මේ සියලු දෙන අද සතුටින් සම්මන්තුරේ ඉඳලම තමන්ගේ කාර්යය කරගන්නවනේ? (බ)
මෙතන සම්පූර්ණ වැරැද්ද වෑන් රථයේ, බැලූ බැල්මට එක පේනව අනික පොලීසියෙන් කියන්නෙත් වෑන් එක වැරදි ලෙස ඉස්සර කරන්න ගිහින් බස් එකේ වැදුන කියල, බස් රියදුරා ලොකු උත්සහයක් අරන් තියෙනව අනතුර වලක්වන්න (කෞ)
පස්පොර්ට් හදාගන්න නුවර තියනවනේ. මෙයාල එක දවසෙන් ගන්න එකට යන්න හදන්න ඇත්තේ. (ම)
මෙහෙමත් අනතුරු, සියල්ලටම හේතුව නොසැලකිලිමත්කම. හොදීන් බැලුවොත් ටටා ටොයෝටා වලට වඩා හයිය වගේ. (බ)
අපරික්ෂාවෙන් රියපදවන්නන් කොටුකිරීමට වහාම ක්‍රමවේදයක් ඇතිකළ යුතුය.ආරක්‍ෂිත කැමරා සවිකිරීම හෝ මාර්ගයේ තැන්තැන්වල පොලිස් නිලධාරී ස්ථානගත කිරීම.දඩුවම් කිරීමට අනතුරක් වෙනකම්ම බලාසිටියයුතු නැත.අපරික්ෂාකාරිව ඉස්සර කිරීම, හැරවීම, අධික වේගය මාර්ග නීති උල්ලංඝනය අනිකුත් රියදුරන් අපහසුතාවයට පත්කිරීම වැනි ක්‍රියාවලට දඩුවම් කළ යුතුය. (බ)
අනුර හොඳට බලන්න බස් රථය වැරදි පැත්තේ ද ධාවනය කරලා තියෙන්නේ කියලා........(බ)
නොසැලකිලිමත් ලෙස සහ නිදිමත ඇතිව රාත්‍රී වාහන පැදවීම බොහෝ මාර්ග අනතුරු වලට හේතුවක්. මේ ගැන මිනිස්සු නොසිතන්නේ ඇයි (ම)
වෑන් රථ රියැදුරා වැරදි වැරදි බව පෙනේ (ම)
දිනපතා මහමඟ මිනිසුන් මැරෙනවා. නමුත් රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ (නි)
ලංකාවේ මිනිසුන්ට වාහන ලැබුනට නියමාකාරව වාහනයක් පදවන්නේ කෙසේද යන්න කියලා දීලා නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. මාර්ග සංඥා වලට අනුකූලව රිය පදවන්නේ කී දෙනාද? (නි)
ඔව් ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න අයට පාරවල් කන්නද, නේද? නුවර අධිවේගී පර හදන්නත් කිසි උවමනාවක් නැහැ. ඒවායේ අධිවේගයෙන් ගියත් මේ වගේ හැපිලා මැරෙන්නේ නැහැ (නි)
මට නම් හිතෙන්නේ අවිනීත රියදුරන්ට වගේම මිනිසුන්ට කිසිම ආරක්ෂාවක් නැති මෙවැනි වාහන ගෙන්වීමත් තහනම් කරන්න ඕනෑ. අනතුරකදී මිනිසුන්ට ආරක්ෂාවක් වාහනයෙන්ද සැපයෙන්න ඕනෑ. අපේ ඇටකටු තරම්වත් මේ වාහන ශක්තිමත් නැහැ. (නි)
මම ලලිත්ගේ අදහස අනුමත කරනවා (නි)
ලංකාවේ රියදුරු පාසල් වල උපදේශකයින්ට මුලින්ම උගන්වන්න ඕනෑ. ගියර් හතර මාරුකරලා යන්න විතරයි උගන්වන්නේ. පාරට ගුහිල්ලා තමයි අනිත් දේවල් ඉගෙනගන්න ඕනෑ. (නි)
ලලිත්, ඔබ කියන කතාව සම්පුර්ණ නිවැරදියි. සමන්තුරේ සිට කොළඹට පැමිණීමට සිදුවීම ඉතා කණගාටුදායකයි (නි)
ලංකාවේ කිසිම දෙයකට ආරක්ෂාවක් නැහැ, කිසිම ප්‍රමිතියක් නැහැ (නි)
ලලිත්, ඔබ කියන කතාව සම්පුර්ණයෙන් නිවැරදියි. එහෙත් ලංකාවේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ රටක් දියුණුවෙන වැඩපිළිවෙළක් නෙමෙයි. සහනාධාර, නිකන් ඉඳලා පඩි ගන්න, නිකම් ඉගෙනගන්න, නිකන් බෙහෙත් ගන්න ඔයවගේ දේවල්. ඒ හින්දා අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින දුපතක් විතරයි (නි)
අනේ දෙවියනේ! (නි)
ලලිත් මහතාගේ අදහසට 100% එකඟ වෙමි. කළයුත්තේ ගමට මේවා ව්‍යාප්ත කිරීමයි. (නි)
මම ලලිත්ගේ අදහසට එකඟයි. ඉස්සර ගාල්ලේ මාතර කච්චේරි වලින් පාස්පෝර්ට් නිකුත්කළා. දැනුත් ඒ වගේ වැඩපිළිවෙලක් දැම්මා නම් හොඳයි (නි)
මොනවා කිවුවත් වැඩක් නැහැ වාහනවල සවිශක්තිය නැතුව (නි)
විදේශ ගමන් බලපත් ලබාගැනීමට ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් ලංකාවේ තිබුනත් මේ පිරිසට කොළඹ එන්නත් උවමනාවක් තිබෙන්න ඇති. (නි)
අපේ රටවල මීට අවුරුදු 200 කට විතර ඉස්සර වාහන තිබුනේ නැහැනේ. අපි ඉස්සර ගමන් ගියේ පයින් හරි කරත්ත වලින් හරි. කාර්මික විප්ලවය නිසයි මේ හැමදේම (නි)
අනේ මේ වාගේ අනතුරු සිදුනොවේවා. වෙන මොනවා කියන්නද පව්. (කෞ)
අනතුරු වලට හේතුව බීමත්කම සහ රියදුරු ගේ නිදිමත කම එම නිසා ගමනක් යනවිට රියදුරු ගැන වඩාත් සැලකිලිමත් වන්න (කෞ)
වාහන වලින් ලැබෙන ආරක්ෂාව හොඳටම මදි. කිසිම ශක්තිමත් බවක් නෑ. (කෞ)
මෙතන අදහස් දාන අයගේ මොළයේ තරම මේකෙන් හොඳට පෙනෙනවා. හුඟදෙනෙක් ලලිත්ගේ අදහසට එකඟලු. මේගොල්ලෝ හැපුනේ පාස්පෝර්ට් ගන්න ආ නිසාද? වෙන ගමනක් ආවත් හැපෙන්නේ නැද්ද? මෙතන මුලිකම වරද නොසැළකිලිමත්ව රිය පැදවීම කියලා මෙයාලට තේරෙන්නේ නැත්තේ මොකද මන්දා? (නි)
මුහුණට මුහුණ හැපීම වැළකීමට විකල්පය තමයි "ටූ වේ" පාරේ බෙදෙන තැන ආරක්ෂිත බෙදීමේ ආවරණයක් (සේෆ්ටි ඩිවයිඩර්ස් ) යෙදීම. නමුත් මෙය අධික වියදමක්. මෙම රටවල මුහුණට මුහුණ හැපීම වළක්වා තිබෙන්නේ එවැනි ආධාරකයකිනි. වාහන එළවීමේදී රියදුරුගේ පරීක්ෂාව අවශ්‍ය වගේම රියදුරන්ගේ ආරක්ෂාවටත් මාර්ග පද්ධතිය හරියාකාරව සකසා තිබීමත් අවශ්‍යය (නි)
මෙහෙම අනතුරු වෙන්නේ රියදුරන්ගේ තීරණ ගැනීමේ තියෙන අඩුපාඩු නිසා. ඔබට හැකිනම් අන්තර් ජාලයට ගිහිල්ල අයිපිඩිඊ පද්ධති කියවලා බලන්න. දකින දුර, හිතන දුර, තිරිංග දුර හා සම්පුර්ණ නවතින දුර තීරණය වන්නේ රියදුරාගේ පළපුරුද, දැනුම හා ආකල්ප මතයි. (ම)