IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වීරකැටිය කටුගෙයිනුත් ගහලා?

වීරකැටියේ කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තක්සේරු නිලධාරීන් කණ්ඩායමක් ද සමග මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීහු අද එහි ගියහ.



අදහස් (0)

වීරකැටිය කටුගෙයිනුත් ගහලා?

දුමින්ද Friday, 11 December 2015 04:58 AM

රට දුවන්නේ පරීක්ෂණ කොමිසන් වලින්ද (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 11 December 2015 05:58 AM

මෙහෙම බලාගෙන ගියහම දුෂණයට අසු නොවුනු තැනක් නැහැ වගේ. මේවා අත හරින්න හොද නැහැ. වැරදිකරුවන් දඬුවම් දිය යුතුයි. (ම)

:       0       0

හිමාල් Friday, 11 December 2015 06:06 AM

විමර්ශන ප්‍රමාද වෙනකොට කෝ විමර්ශන අහනවා.විමර්ෂණ කරන කොට ඕක විතරද කරන්නේ අහනවා.ප්‍රශ්න කරන කොට පළි ගන්නවාලු. නිගමනය මේකයි, මේවයින් කාපු අයට රිදිලා මෙතනත් අමාරුවට කෙඳිරි ගානවා. (බ)

:       0       0

සාමා Thursday, 10 December 2015 10:50 PM

ඔහොම යමු. හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

ප්‍රසන්න Friday, 11 December 2015 08:18 AM

මගේ අම්මෝ ඔය විමර්ශනවලටත් දැන් කෝටි ගානක් යන්නැති. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 December 2015 12:38 PM

අනේ දැන්නම් මේ කන්දොස්කිරියාව අහලම එපාවෙලා. හොරකම් කරලලු, මිනිමරලලු, මංකොල්ලකාලලු. හැබැයි ඉතින් මේ වෙනතුරු එකක් අල්ලගන්න බැරිවුණා. කාවද මේ රවටන්න හදන්නේ? ඡන්දෙ දීපු අපිවද? (නි)

:       0       0

ඇසළ Thursday, 10 December 2015 01:32 PM

පිටබැද්දර ජයා තේරෙන්නේ නැද්ද බබෙක් වගේ අහන්නේ? අවුරුද්දක් තිස්සේ අල්ලපු හොරකමකුත් නැහැ. කරපු වැඩකුත් නැහැ. කළ අයට කරන්න දුන්නෙත් නැහැ බාගෙට කරලා තිබුණ වැඩ ඉවර කරන්නෙත් නැහැ. කරන්න කියලා අලුතින් පටන්ගත් දෙයකුත් නැහැ. එකම දෙයයි කළේ. බදු වැඩිකර, සහනාධාර කැපුවා. මහජනයා දැන් පාරේ. ඔයා දුන්නට අපි නම් ඡන්දෙ දුන්නේ නැහැ. (නි)

:       0       0

වන්නිආරච්චි Thursday, 10 December 2015 01:59 PM

එකක් හොයලා අවසන් කරලා හිටියා නම් නේද හොඳ? (නි)

:       0       0

මහසෙන් Thursday, 10 December 2015 02:00 PM

ළඟදීම ඔක්කොම සාක්කි එක්ක හොරු එළිකරයි කියලා අපි තාමත් විශ්වාස කරනවා (බ)

:       0       0

සුමිත් Friday, 11 December 2015 04:21 AM

මට තියෙන ප්‍රශ්නේ තමා අර නළුවගෙන් මොකද ප්‍රශ්න නොකරන්නේ කියල, එයා කිව්වනේ මහින්ද බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියල, රන්මිහිතැන්නේ ප්‍රචාරක වියදම කියල ලොකු ගානක් ගහ ගත්ත කියල කිව්වා පහුගිය කාලේ (බ)

:       0       0

මුණසිංහ Friday, 11 December 2015 12:05 PM

ගහපු නැති තැනක් දැන් කොහෙද තියෙන්නේ.(හේ)

:       0       0

විජේවර්ධන Thursday, 10 December 2015 03:32 PM

ලංකාවේ මොන නඩුවද අවුරුදු දෙක තුනකින් අහලා අවසන්කළේ? (නි)

:       0       0

කන්නන්ගර Thursday, 10 December 2015 03:40 PM

මේ රටේ මිනිස්සු තියන දෙස් දෙවොල්වල හැටියට මේ වැසි දවස්වල ඔය පැත්ත පළාතේ යන්න එපා .කාලගුණ දෙපාර්තමේන්තුවත් ඒවා ගිගුරුම් සහිත වැසි ලැබෙනවා කියල .ඕකට කියන්නේ කර්ම කියල පලදෙනවමයි (බ)

:       0       0

චන්දන Thursday, 10 December 2015 04:37 PM

මේ හැමෝම අදහස් දාන්නේ කිසිම වරදක් වෙලා නැතුවා වගේ. තව ටිකක් ඉවසලා ඉන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site