කොළඹ පාසල්හි 10 හා 11 ශ්‍රේණි වාර විභාගයේ අද දිනට (23) නියමිතවූ වාණිජ හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා කියි.
මීට හේතුව මේ ප්‍රශ්නපත්‍රය කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයේ සිකුරාදා (19) සිසුනට ලබා දීම බවත් ඔහු පවසයි.
උදෑසන තිබූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය අවසන් වී දහවල් 12.30ට වාණිජ හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රය ලබා දෙන බව කලින් දැනුම් දී තිබූ නිසා සිසුහු ඒ සඳහා සූදානමින් පැමිණ සිටියහ.
උදෑසන 10ට පමණ කලාප බලධරයන් හදිසියේ පාසල්වලට දුරකතන ඇමතුම් ලබා දෙමින් පවසා ඇත්තේ 12.30ට ලබා දීමට නියමිතව තිබූ වාණිජ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවී ඇති නිසා එය නොපවත්වන බවයි.
එම විභාගය නැවත 29 වැනිදා පැවැත්වෙන බවට සිසුන්ට දැනුම් දෙන ලෙසත්, ඒ සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් එවන බවත් කලාප බලධරයන් විදුහල්පතින්ට දන්වා ඇත.
ප්‍රශ්න පත්‍රය නැවත මුද්‍රණය කිරීමට යන වියදම කදවුරුන් විසින් දරනවාදැයි තමන් නොදන්නා බවත් ඒ නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් විදුහල්පතිවරු පැවසූහ.
මේ අතර කොළඹ එක්තරා පාසලක සිසුන් හට නියමිත වේලාවට වාණජ විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබා දී ඇති අතර එම සිසුන් පැයේ ප්‍රශ්න පත්‍රය විනාඩි තිහකින් නිමා කැර ඇත.
ඒ ගැන විමසූ විට ඔවුන් කියා ඇත්තේ සිකුරාදා (19) එම ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්නපත්‍රයකට උත්තර ලියූ බවයි.
මේ අතර කොළඹ කලාපයේ 11 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රය එම කලාපයේ පාසලක සිසුවකු නිවසේ සිට කරගෙන විත් තිබියදී හසුවී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර එම සිසුවාට ලැබුණේ කෙසේදැයි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
වාරවිභාගයේ දිගින් දිගටම ගැටළු මතුවූ බවත්, නිලධාරීන් වගකීම් විරහිතව කටුයුතු කර ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත නානායක්කාර මහතා පැවසුවේ එම විභාගය නැවත ලබන 29 වැනිදා පවත්වන බවයි.
එම ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට යන වියදම කවුරුන් විසින් දරනු ලබන්නේදැයි විදුහල්පතිවරුන් විමසන බව කියූ විට අධ්‍යක්ෂවරයා පැවසුවේ වියදම තමා විසින් දරනා බවයි. එය තමාගේ පෞද්ගලික වියදමින් දරන්නේද, රජයේ මුදලින් දරන්නේදැයි විමසූ විට දුරකථනය විසන්ධි විය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පරේම මහතා පැවසුවේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයේ දී එම ප්‍රශ්න පත්‍රය සිකුරාදා ලබා දී ඇති බවට ලැබුණු තොරතුරු අනුව ප්‍රශ්න පත්‍රය අවලංගු කළ බවයි.
එය ජාතික පාසලක් නිසා විමර්ශනයකින් පසු වියදම්වන මුදල් එයින් අය කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට දන්වන බවත් අයිලප්පෙරුම මහතා පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන තමා දැනගත් මොහොතේම විමර්ශනයක් පවත්වන ලෙස උපදෙස් දුන් බවයි.
වැරදි කළ නිසිම නිලධාරියෙක් ආරක්ෂා නොකරන බවත්, කිසිම සිසුවකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතරබව බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
පාසල් පළමු වාර විභාගය හා දෙවන වාර විභාගය පාසල් මට්ටමින් පවත්වන බවත්, දුප්පත් පාසල්වලට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ගැනීමට ඇති ගැටළුවන නිසා ඇතැම් කලාප වල දෙවැනි වාර පරීක්ෂණය කලාප මට්ටමින් හෝ පාසල් කිහිපයක් එක්ව පවත්වන බවත්, තුන්වැනි වාර විභාගය පමණක් පළාත් මගින් පවත්වන බවත් රණතුංග මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, මේ කීවෙනි අවුරුද්දද විබාග ප්‍රශ්න පත්‍ර වරද්දගෙන. ලොක්කොත් නාලා , ළමයින්වත් අනාථ කරපු ? විමර්ශන වියදමත් අපරාදේ. විබාග පැවැත්විම පුද්ගලික අංශයට පවරන්න. අධ්‍යාපනයට වෙන්න තියන සියල්ල වෙලා අවසන්. දැන් යන්නේ අධ්‍යාපනයේ මළගම.(නදී)
දැන් ඉතින් අපේ රටේ ලොකු සංවර්ධනනේ සිද්ධ වෙන්නේ,පොඩි පොඩි දේවල් දැන් නිකම්ම මග හැරිලා යනවා. පේනවා නේද? (නි)
මේ සිද්ධිය දිහා සමස්තයක් වශයෙන් බලනකොට පෙනෙන්නේ රාජ්‍ය සේවය පුරාම තියෙන නොසැලකිල්ල හා වංචාව. නමුත් එවැනි දේ වලක්වන්න අවශ්‍යයෙන්ම තිබිය යුතු 'අධීක්ෂණය' ඉහල බලධාරීන්ගෙන් සිදුවෙන්නේ නැති නිසා ඒ වැඩ එහෙමම යනවා. 'වගකීම' නමැති සිද්ධාන්තය මුළුමනින්ම නොසලකා හැරලා. හැමවිටම පහල නිලධාරියෙක් ඊට ඉහලින් ඉන්න නිලධාරියට වගකියන්න ඕනෑ තමන්ගේ කාර්ය සාධනය ගැන. අපි 'යහපාලනය', 'කළමනාකරණය' ආදී වචන නිකම් කඩදාසියට සීමා කරලා තියෙන්නේ. (නි)
මේ හැම ආයතනයකම ඉහළ කළමනාකාරිත්වයේ ඉන්නේ වැඩක් කරන්න පුලුවන් අය නෙමෙයි. මිහින් එයා, ශ්‍රී ලංකන් එයා, ඔක්කොම පාඩු පිට පාඩු ලබන්නේ ඒක නිසා.(නදී)
අපේ රට දැන් ඉවරයි. පූළුවන් අය ජීවත් වෙන්න පුළුවන් විදියට වෙන රටකට යන්න (නි)
කොහොමද ආශ්චර්ය? වැඩ බැරි ටාසන්ලා පඩි ගෙවා ගෙව ගෙවා තියාගෙන ඉන්නවට වඩා නරකද එලවලා දැම්මා නම්? මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ රටේ දරුවන්ගේ ජීවිතත් එක්කයි. කිසිම මිනිහෙකුට මේවායේ වගකීමක් නැහැ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ (නි)
මේවාට බලපාන හෙනහුරාලා නඩත්තු වෙන්නේ අපේ බදුමුදල් වලින් වීමයි කණගාටු. (නි)
වරුණ, ඔයාගේ ශිෂ්‍යත්වේ ප්‍රශ්න පත්‍රයටත් මෙහෙම වුනොත් තමයි වැඩේ. මේ දවස්වල පාඩම් කරනවද! (නි)
වරුණ ශිෂ්‍යත්වේ ලියන්නත් පොඩි වැඩියි, කියන කතා ඇහුවම! (නි)
මේ පේපර් ප්‍රින්ට් කරන්නෙ පුද්ගලික මුදල් වලින්ද මන්දා? ඕකයි මට තියෙන ප්‍රශ්නෙ. (නි)
මොකද මේකේ තේරුම? විබාගයක් තිබ්බොත් අවුලක්. කලින් ප්‍රශ්න පත්‍ර පිටවෙනවා නම් විබාග ඕනෑ නැහැ. ඔක්කොම පාස් කරන්න තියෙන්නේ (නි)
අපේ රට දැන් ඉවරයි. දැන් මේ යන්නේ රටේ අවසාන කාල පරිච්ජේදය වෙන්න ඇති. දුෂකයෝ, මංකොල්ලකාරයෝ, චනචරයෝ, කුඩුකාරයෝ පිරිලා. පුළු පුළුවන් අය වෙනත් රට වලට ගිහිල්ලා තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න. ඔබේ මනාපය බුද්ධිමත්ව දෙන්න. දෙන්න කෙනෙක් නැත්නම් ජන්දයෙන් වලකින්න. මේ ඉල්ලීම කරන්නේ රටට ආදරය කරන පිරිසක් (නි)
කෙටි පණිවුඩ මගින් විභාගය කරන්න පුළුවන් විදියක් හිතුවොත් හොදි නේද?(අ)
විභාගය කියලා එකක් නැතුව ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කරගන්න ඉඩ ඇරලා නිකම් හිටියා නම් ඉවරයි. අපේ රටටත් ගැලපෙනවා.පාලනය, ආර්ථිකය,අධ්‍යාපනය,උද්දමනය, භෞමික අඛණ්ඩතාවය, හෙම්බිරිස්සාව, පාචනය, දරිද්‍රතාවය....මේ සේරම විසදෙනවා (නි)
කාටවත් ලජ්ජා නැහැ. වගකීම අරන් අස් වෙන කෙනෙකුත් නැහැ. මේකද අස්චාර්ය.(නදී)
ප්‍රධාන ඇමතිතුමා දන්නවනේ එයා ඉගෙනගන්න කාලේ එයාගේ අම්මා උගන්වන විෂය ගැන ගෙදරදිවත් කතාකරලා තියෙනවද. පාසලේදී එතුමාට දඬුවම් දුන්නම එතුමාගේ අම්මා ආවද ඒවා අහන්න. ඔබතුමාට මොකද ඔය තනතුරේ ඉඳලත් හරිදේ වෙනුවෙන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි. අපිට ලජ්ජා ඔබතුමා මෙතන ඉන්න නිසයි.පහල නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නොකරනවානම් ඒ ඔවුන් අනාගත පරපුරට කරන ඉමහත් අසාධාරණයක්. මේ වගකීමක් නැති පඹයෝ ටික එලවලා වැඩක් හරියට කරන නිලධාරීන් ටික එක්ක අනාගත පරපුරට අධ්‍යාපනය දෙන්න බලන්න. (නදී)
හේතු ගොඩක් තිබෙනවා.විභාග ප්‍රතිඵල මත පාසල් අගය කිරීම මත මෙය වලක්වා ගත නොහැකියී. ගුරුවරුන් කීර්ති නාමය සදහා විශේෂයෙන් ටියුෂන් වලට ළමුන් අද්දවා ගැනීමට ක්‍රියා කරනවා. දරුවන්ගේ අනාගතයට හෝ රටේ අනාගතයට කිසිම හොදක් වෙන්නෙ නැහැ. (නි)
දකුණු පළාතේ අයි.සී. ටී. පශ්ණ පත්‍රය ගාල්ලේ ගුරු උපදේශක මහත්තයෙක් තම ගෙදර උපකාරක පන්තියේ උගන්නලා කියලා කතාවකුත් තිබෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න (නි)
චි ලැජ්ජයි. ළමයින්ට මෙහෙම කරන්න එපා (නි)