ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් පාප්තුමන් හා ඊජිප්තුවේ ප‍්‍රධාන ඉස්ලාම් පූජක (ඉමාම්) අහමඞ් අල් තයිබ් පූජකතුමන් දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා විශාල ඡායාරූපයක් එම බැනරයේ මුද්‍රණය කොට තිබිණි. ලෝක ප‍්‍රකට ඉතාලි සමාගමක් වන යුනයිටඞ් කලර් ඔෆ් බෙනටන් ආයතනය ඡායාරූප දෙකක් එක්කොට එම බැනරය සදා තිබිණි. වෛර නොකරමු යන තේමාව යටතේ තම සමාගම ප‍්‍රසිද්ධ කළ බැනරයට වතිකානුවෙන් මෙතරම් අප‍්‍රසාදයක් එල්ල වෙතියි අපේක්‍ෂා නොකළ බව සමාගමේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙනටන් පවසයි. පසුව බැනරය ඉවත් කැරිණි. වෛර නොකරමු යන තේමාව යටතේ මෙයට ප‍්‍රථම එම සමාගම විසින් ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා, චීනයේ ජනාධිපති හූ ජින් තා ඕ සමගත්, වැනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් සමගත් එවැනි ආකාරයට සිප වැළඳගත් බැනර යුරෝපය පුරා ප‍්‍රදර්ශනය කැර ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදටම ගැලපෙන ජෝඩුව
ඇයි බැරි
බින් ලාඩන් සමග ගත්ත එක කෝ?