විපක්ෂය සිටින සමයේ තමන් ද ආණ්ඩුව ගෙනෙන සෑම දෙයකටම විරුද්ධ වූ බවත් එම වෛරී දේශපාලනයෙන් මිදී සියලූ දෙනාම වැදගත් දේශපාලනයේ නිරත විය යුතු යැයි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනෙන සෑම කි‍්‍රයාවට විරුද්ධ වුණා. අපිත් ඒ බලූ වැඩේ කළා. අපි වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනේ. හොඳ දේ හොඳයි කියන්නත් වැරැද්දක් තිබ්බොත් එය විවේචනය කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. වැදගත් දේශපාලනයට අපි පියමනින්න ඕනේ. අපි අපේ දරුවන්ට අනාගත පරම්පරාවට මොනවාද දෙන්නේ ? අපි වැරැදි ද අනාගත පරම්පරාවට උරුම කරන්නේ. ආණ්ඩුවක් පැරැදුණාම පැරැදුණු කණ්ඩායම උත්සාහ කරන්නේ නව ආණ්ඩුව පෙරළන්න. එහෙම කරන්න බැහැනේ. නියමිත අවුරුදු කිහිපයක් ඇතුළත මැතිවරණ, ජනපතිවරණ පවත්වන්න බැරි බව ව්‍යවස්ථාවේ තිබෙනවා. හිතු මනේපට මැතිවරණ තියන්න බැහැනේ. එය අපි තේරුම් ගන්න ඕනේ.‘ යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
නිදහස ලබාගත් දවසේ පටන් අපි අහන කතාවක්නේ ඔබතුමා කියන්නේ. අනේ සක්‍රියව අවංකව ජනතා සේවයට දායක වෙන්න. (නි)
අනේ අම්මපා! ඇමතිතුමා ඔය කියන්නේ මුළු හදවතින්ම හිතලද? (නි)
ඇයි පැරදුනු අය පාර්ලිමේන්තුවටත් ගියේ. (ර)
කියන විදියටම කරයිද? (නි)
දෙව්දත් බුදු බණ කීවා වැනිය (බ)
ඇයි ඉතින් පළාත් පාලන මැතිවරණෙ තියන්න ඔච්චර බය? අඩු ගානේ ගොවියෝ උද්ඝෝෂණය කරන කොට එලියට වත් එන්නේ නැහැ බයට. (ර)
ඇයි මහත්තයෝ මේ? බයවෙලාද? (නි)
අනේ මගේ කට ! (බ)
අනේ මගේ කට ! (බ)
මේ රට පාලනය කරන්න ඕනෑ මිනිස්සුන්ට කැමති අය මිසක් මෙයාලට ඕනෑ අය නෙමෙයි. මිනිස්සු එපා කියලා ගෙදර යවපු අය දමාගෙන විකාර කරනවා. කොච්චර අපහාස කළත් මිනිස්සු තාමත් ආදරේ මහින්දට. (නි)
එහෙනම් පළාත් පාලන මැතිවරණය තියන්නකෝ බලන්න ඇද ඇද ඉන්නේ නැතුව. අපිට වැඩ පෙන්ව්න්න (නි)
ඔරුව පෙරලුනාම ඒ පැත්තට වැඩිය මේ පැත්ත හොඳයි කියන අය ඕනෑතරම් (නි)
දැන් කරන්නෙත් ඒ වැඩේම තමයි ඉතින්. (නි)
බලය අතට ආවහම තමයි ඔය දේවල් මතක් වෙන්නේ. වැදගත් දේශපාලනය සහ ලංකාව කියන්නේ කිසිම දවසක ළංනොවන දෙයක් (නි)
එතකොට මහින්ද අතහැරලා හංසයාගේ පිටේ නැග්ගේ පාවාදීමේ දේශපාලනයද? ඔවා දෙනු පරහට තම සම්මතෙහි පිහිටා සිට (නි)