ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු යැයි ද, නව පක්ෂයක් ගොඩ නගා ගත යුතු යැයි ද, කළ යුතු නොකළ යුතු දේ තේරුම් බේරුම් කර ගත යුතු යැයි ද මෛත්‍රීපාල සිරිසේන ජනපති පක්ෂ මහා සමුළුව අමතමින් කීවේය.
වෛරී දේශපාලනය නැති කර රටේ අභියෝගවලට මුහුණ දී ජනතාවගේ හා රටේ ඕනෑ එපාකම්වලට මුල් තැන දිය යුතු බව ද, හැම දෙනාම මිත්‍රශීලීව ක්‍රියා කළ යුතු යැයි ද ජනපතී පැවසීය.
ජාත්‍යන්තර අභියෝගයේ සිට දේශීය අභියෝග දක්වා සියලු ප්‍රශ්න ගැන හැම දෙනකුටම පූර්ණ අවබෝධයක් සිටිය යුතු යැයි ද , ආණ්ඩු බලයක් අනාගතයේ දී ලබා ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු යැයි ද ඔහු කීවේය.
පක්ෂයේ සභාපති ජනපතිවරයාගේ මේ අදහස් දක්වද්දී ඔහු ළඟ ආසනයේ පක්ෂ අනුශාසක හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ සමහර දේශපාලකයන්ගේ කටවල් පාලනය කිරීමට කටයුතු නොකළහොත් ඔවුන් හරහා ජාතිවාදය හා වෛරී දේශපාලනය වැපිරීම හමුවේ නව පාර්ලිමේන්තුවට බරපතල ගැටලු වලට මුහුණපෑමට සිදුවනු ඇත. (නි)
ඔබ බොහෝ දුරට හරි. නමුත් කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, දුෂකයන්ට, වංචා කාරයන්ට, බොරු කාරයන්ට, ජනතා මුදල් ගසා කන්නන්ට මෙය ලයිසන් එකක් කරගන්න ඉඩ දෙන්න එපා. ලක්ෂ 62 ජනතාවගේ අභිප්‍රායන් මුදුන් පමුණුවන්න (ම)