රුවල් ඔරුවකින් ලෝකය වටා සංචාරය කරමින් වීර ක්‍රියාවන්හි නිරතවීමෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින ස්විට්සර්ලන්ත ජාතික යුහන් බ්‍රෝමියෝ (43) මාතර කඹුරුගමුව ආසන්න මුහුදේ දී අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ගාල්ල වරායට පැමිණීම සඳහා ඉන්දුනීසියාවේ බාලි වරායේ සිට පැමිණි ඔහුගේ රුවල් යාත්‍රාව කඹුරුගමුව ආසන්න මුහුදේ දී ගල්පරයක වැදී විනාශ වී ඇතැයි ද පොලීසිය කියයි. අනතුරට ලක්වීමෙන් පසු තමන්ට හැකි පමණින් උපකරණ කිහිපයක් ද රැගෙන බ්‍රෝමියෝ ගොඩබිමට පිහිනාගෙන පැමිණ ඇත.
ඔහු පවසන්නේ තමන් 2013 ඔක්තෝබර් මස 05 දා ස්විට්සර්ලන්තයෙන් පිටත්ව රුවල් ඔරුවකින් තනිව ලෝකය වටා ගමන් කරමින් සිටිය දී මේ අනතුරට ලක්වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරුපද්‍රිතව ලෝකය වටේ ගිය බ්‍රෝමියෝට ලංකාවේදී සිදුවූ අකර තැබ්බයට බලවත් කණගාටුව ! ඉදිරි ගමනට බුදු සරණයි ! (නදී)
අපි ඔබගේ වීර ක්‍රියාව අගය කරන්නෙමු (අ)
හම්බන්තොටත් වරායක් තියෙන බව එයා දැනගෙන ඉඳලා නැහැ වගේ. එහෙට ආවා නම් ඔය අනතුර නොවෙන්න තිබුනා.(අ)
මෙයාට පිස්සුද මන්දා. මේ වෙලාවේ මේ ලඟින් යන එකත් විනාශයක් (නදී)
හොඳ වැඩක් අපි ඒ මනුස්සයාට උදව් කරමු මේ දේ ඉවරකරන්න. ඒක අපේ සංචාරක ව්‍යාපාරයටත් හොදයි. (අ)
ලංකාවේ කෙනෙක් මේවගේ "වීර චාරිකාවක" ගිහින් ස්විට්සර්ලන්තේ අනතුරක් උනානම් කියයි හොරෙන් පනින්න ආවා කියලා. (අ)
මදැයි කොලා. (නදී)
ලංකාවට අවොත් ඉතින් ඉවරයි තමයි (නදී)
බලන්නකෝ එ්කත් අපිටමනෙ උනේ. ලෝකේ වටේ රවුන් ගහල, රවුන් ගහල වැඩ කිඩ පෙන්නලා කබුරුගමුවටම ඇවිල්ල රුවල විනාශ කරගත්ත හැටි.(නදී)
මොන බොරුද... ස්විට්සර්ලන්තයෙ අදික ජීවන බර දරාගන්න බැරුව බෝට්ටුවකින් අනවසරයෙන් ලංකාවට ඇතුල්වෙලා... (දී)
ඔහුට උදව් කරන්න. (නි)
දැක්කනේ, අපේ ලංකාවට කිට්ටුවෙන්න බැහැ ලේසියෙන් (නි)
මේක රුවල් ඔරුවක් කිව්වාම අපේ හිතට එන්නේ ගෝනි රුවලක් තිබෙන කොල්ලෑවක් සහිත ලී කඳක් හාරලා හැදූ ආදිකල්පිත ඔරුවක්. මේක එහෙම එකක් නොවේ.කාබන් ෆයිබර් වලින් හැදූ සියලුම නවීන පහසුකම් සහිත "යොට්" එකක්. මේවායේ වටිනාකම රුපියල් වලින් නම් කෝටි ගානක් විය හැකියි. (නි)
ඒ කියන්නේ ලෝකය වටේ ගියත් ලංකාව වටේ යන එක ලේසි නැහැ කියලද? (නි)
ලංකාවට ආවොත් ඉවරයි තමයි. ලංකාවට ආවත් දකුණට යන්න එපා කියන්නේ ඕකයි! (නි)