IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වීර චාරිකාව කඹුරුගමුවෙන් නවතී

රුවල් ඔරුවකින් ලෝකය වටා සංචාරය කරමින් වීර ක්‍රියාවන්හි නිරතවීමෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින ස්විට්සර්ලන්ත ජාතික යුහන් බ්‍රෝමියෝ (43) මාතර කඹුරුගමුව ආසන්න මුහුදේ දී අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ගාල්ල වරායට පැමිණීම සඳහා ඉන්දුනීසියාවේ බාලි වරායේ සිට පැමිණි ඔහුගේ රුවල් යාත්‍රාව කඹුරුගමුව ආසන්න මුහුදේ දී ගල්පරයක වැදී විනාශ වී ඇතැයි ද පොලීසිය කියයි. අනතුරට ලක්වීමෙන් පසු තමන්ට හැකි පමණින් උපකරණ කිහිපයක් ද රැගෙන බ්‍රෝමියෝ ගොඩබිමට පිහිනාගෙන පැමිණ ඇත.

ඔහු පවසන්නේ තමන් 2013 ඔක්තෝබර් මස 05 දා ස්විට්සර්ලන්තයෙන් පිටත්ව රුවල් ඔරුවකින් තනිව ලෝකය වටා ගමන් කරමින් සිටිය දී මේ අනතුරට ලක්වූ බවයි.



අදහස් (0)

වීර චාරිකාව කඹුරුගමුවෙන් නවතී

ගාමිණී - සිරි Thursday, 31 July 2014 04:12 PM

නිරුපද්‍රිතව ලෝකය වටේ ගිය බ්‍රෝමියෝට ලංකාවේදී සිදුවූ අකර තැබ්බයට බලවත් කණගාටුව ! ඉදිරි ගමනට බුදු සරණයි ! (නදී)

:       0       0

ටී එච් ආරියපාල Thursday, 31 July 2014 05:12 PM

අපි ඔබගේ වීර ක්‍රියාව අගය කරන්නෙමු (අ)

:       0       0

ධම්ම Thursday, 31 July 2014 08:23 PM

හම්බන්තොටත් වරායක් තියෙන බව එයා දැනගෙන ඉඳලා නැහැ වගේ. එහෙට ආවා නම් ඔය අනතුර නොවෙන්න තිබුනා.(අ)

:       0       0

සුනිල් රණවීර Friday, 01 August 2014 01:35 PM

මෙයාට පිස්සුද මන්දා. මේ වෙලාවේ මේ ලඟින් යන එකත් විනාශයක් (නදී)

:       0       0

ෂාමන් Friday, 01 August 2014 02:03 AM

හොඳ වැඩක් අපි ඒ මනුස්සයාට උදව් කරමු මේ දේ ඉවරකරන්න. ඒක අපේ සංචාරක ව්‍යාපාරයටත් හොදයි. (අ)

:       0       0

තිලා Friday, 01 August 2014 02:11 AM

ලංකාවේ කෙනෙක් මේවගේ "වීර චාරිකාවක" ගිහින් ස්විට්සර්ලන්තේ අනතුරක් උනානම් කියයි හොරෙන් පනින්න ආවා කියලා. (අ)

:       0       0

පුබුදු Friday, 01 August 2014 03:06 AM

මදැයි කොලා. (නදී)

:       0       0

ලංකා Friday, 01 August 2014 03:22 AM

ලංකාවට අවොත් ඉතින් ඉවරයි තමයි (නදී)

:       0       0

මාටින් Friday, 01 August 2014 04:04 AM

බලන්නකෝ එ්කත් අපිටමනෙ උනේ. ලෝකේ වටේ රවුන් ගහල, රවුන් ගහල වැඩ කිඩ පෙන්නලා කබුරුගමුවටම ඇවිල්ල රුවල විනාශ කරගත්ත හැටි.(නදී)

:       0       0

ෂෙහාන් Friday, 01 August 2014 04:26 AM

මොන බොරුද... ස්විට්සර්ලන්තයෙ අදික ජීවන බර දරාගන්න බැරුව බෝට්ටුවකින් අනවසරයෙන් ලංකාවට ඇතුල්වෙලා... (දී)

:       0       0

පෙරේරා Friday, 01 August 2014 04:54 AM

ඔහුට උදව් කරන්න. (නි)

:       0       0

අසංක Friday, 01 August 2014 04:58 AM

දැක්කනේ, අපේ ලංකාවට කිට්ටුවෙන්න බැහැ ලේසියෙන් (නි)

:       0       0

සෑම් Friday, 01 August 2014 04:58 AM

මේක රුවල් ඔරුවක් කිව්වාම අපේ හිතට එන්නේ ගෝනි රුවලක් තිබෙන කොල්ලෑවක් සහිත ලී කඳක් හාරලා හැදූ ආදිකල්පිත ඔරුවක්. මේක එහෙම එකක් නොවේ.කාබන් ෆයිබර් වලින් හැදූ සියලුම නවීන පහසුකම් සහිත "යොට්" එකක්. මේවායේ වටිනාකම රුපියල් වලින් නම් කෝටි ගානක් විය හැකියි. (නි)

:       0       0

ප්‍රිමේෂිකා Friday, 01 August 2014 05:00 AM

ඒ කියන්නේ ලෝකය වටේ ගියත් ලංකාව වටේ යන එක ලේසි නැහැ කියලද? (නි)

:       0       0

ලංකා Friday, 01 August 2014 06:13 AM

ලංකාවට ආවොත් ඉවරයි තමයි. ලංකාවට ආවත් දකුණට යන්න එපා කියන්නේ ඕකයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 326 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 523 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 369 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 661 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1304 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 616 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site