ආගමික අසමගිය ඇති කරන තාලයේ එස්එම්එස් කෙටි පණිවුඩ යැවීයැයි කියන සිව් දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රුපියල් දස දහස බැගින්වූ මුදල් ඇප සහ රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

මොහොමඩ් රිලා, මොහොමඩ් සිරාස්, මොහොමඩ් කියාස් හා මොහොමඩ් නෆ්ලාර් මේ සිව් දෙනාය.

ඔවුන් සිංහල මුස්ලිම් ජනයා අතර ගැටුමක් ඇති කිරීමේ අදහසින් එසේ නොකළ බවත්, අන්තර්ජාලයේ පළ වූ පණිවිඩයකට ප්‍රතිචාර දක්වා ඇති බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් එම් සුහයිර් මහතා අධිකරණයට කරුණු දැක්වීය.