IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වයසට යෑම නැවැත්විය හැකිද?

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය  ආයුර්වේද විශාරද පණ්ඩිත  වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

වයසට යෑම යනු කුමක් දැයි ඔබෙන් යමකු ඇසුව හොත් ඊට ඔබ දෙන පිළිතුර කුමක් විය හැකිද? විවිධ අය විවිධ පිළිතුරු මේ සඳහා දෙනු ඇත. එහෙත් වෛද්‍ය විද්‍යානුකුලව මේ දෙස ගැඹුරින් සිතා බැලූවහොත් අවබෝධ වන්නේ වයසට යෑම යනු අන් කිසිවක් හෝ නොව සිරුරේ නම්‍යශිලි බව හීනවීම බවයි. වෙනත් විදියකට කිවහොත් ඔබ ඔබගේ සිරුරේ නම්‍යශිලිභාවය හොඳින් පවත්වාගෙන යන්නේ නම් ඔබ මහලූ නොවනු ඇත. එනම් පොදු ව්‍යවහාරයේදී නාකි නමින් හැඳින්වෙන නොහැකි තත්ත්වයට ඔබ පත් නොවනු ඇත.

ඔබගේ කෙස් සුදුවිය හැකි, දත් වැටිය හැකි, ඇස් පෙනිම දුර්වල විය හැකි, සම රැලිවැටිය හැකි, බාහිර ස්වරූපය එසේ වුවත් බොහෝ දෙනෙකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රීය වන හෘදය වස්තුවල පෙනහළු , වකුගඩු, අක්මාව වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන් හොඳින් ක්‍රියාත්මක වෙයි. එම තත්ත්වය යටතේ සිරුරේ නම්‍යශිලිභාවයද නිවැරදිව පවත්වා ගැනීමට හැකි වන්නේ නම් ඔබගේ තරුණ වියේදී මට්ටමට නැති වුවත් මැදි වියේදී ගත කළ සෞඛ්‍ය සම්පන්න ජීවිතය තව බොහෝ කලක් පවත්වා ගත හැක. ඔබගේ සියලූ අභ්‍යන්තර ඉන්ද්‍රියන් කොතරම් හොඳ තත්ත්වයෙන් පැවැතුණද සිරුරේ නම්‍යශිලිභාවය නොමැති නම් ඔබ ඇත්ත වශයෙන්ම නාකි පුද්ගලයකු බවට පත්වේ. නම්‍යශීලිභාවය යනු සිරුරේ අස්ථි හොඳන් ක්‍රියාත්මකවීම මිස වෙන කිසිවක් නොවේ. වයස අවුරුදු 60 පසු කරද්දී බොහෝ අයට දණහිස් සන්ධි වලින් නිවැරදිව නැමිය නොහැකි අතර නැවූ පසු දිගහැරීම ඉතා අපහසුය. තුනටියේ වේදනාව නිසා සමහර අයට කිසිම ඉරියව්වක ටික වේලාවක් සිටිය නොහැක. කෙටි දුරක්වත් ඇවිද යා නොහැක. වාහනයට නැගීම බැසීම පවා ඉතා අසීරුය. මෙයට හේතුව සන්ධිවල නම්‍යශීලීභාවය අඩුවීමයි. ඔබට මෙම කණගාටුදායක තත්ත්වයෙන් මිදිය හැක.

තරුණ වියේ සිටම දිනපතා දිනකට කිලෝමීටර් දෙකක් තුනක් පමණ සෙමින් දිවීම සන්ධී ආබාධ සියයට අසූවකින් පමණ වළකා ගැනීමට හැකි බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත. පිහිනීම, බයිසිකල් පැදීම වැනි ක්‍රීඩාවන් ද ඒ හා සමානව ප්‍රතිළුලදායක වේ. එහෙත් අවාසනාවකට කරුණ නම් මිනිසා තුළ ව්‍යායාම කිරීම කෙරේ ඇති අකමැත්තයි. එහෙත් යමකු මාසයක් දෙකක් පමණ මේ සඳහා යොමු වුවහොත් ඔහුට ශාරීරිකව මෙන්ම මානසිකවද ශක්තිමත් බවක් පිබිදීමක් දැනෙන නිසා නොකඩවා එය සිදු කිරීමට පෙළඹේ.

ලංකාවේ ජනග්‍රහණයෙන් සියයට 15ක් පමණ ආබාධිත පුද්ගලයන් බව සංගනණය අනුව පෙනීයයි. මෙයින් සැළකිය යුතු සංඛ්‍යාවක් දෙපාවල ආබාධ සහිත පුද්ගලයන් වේ. උප්පත්තියෙන්ම ඇතිවන ආබාධ හදිසි අනතුරු නිසා අස්ථි බිදීමෙන් ඇතිවෙන ආබාධ  විවිධ රැකියා නිසා සන්ධිවල ඇතිවන රෝග තත්ත්වය  කියවීමෙන් ඇතිවන ආබාධ මේ යටතේ සැලකිල්ලට ගත හැක. ඉහත ජේදයේ සඳහන් කළ නම්‍යශිලිභාවය පවත්වා ගැනීම මෙවැනි අයට දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා ඔවුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ ආබාධිත තත්ත්වය උග්‍ර විය හැක.  උත්පත්තියෙන් හෝ වෙනත් හේතුවක් නිසා එක පාදයක් අනෙක් පාදයට වඩා කෙටි වී ඇති අවස්ථාවක ඒ සඳහා ශල්‍ය සපත්තු යුවලක් පැළඳිය යුතුය. එසේ නොකළ හොත් කාලයාගේ ඇවෑමෙන් ආබාධිත පාදය පමණක් නොව අනෙක් පාදයේ සන්ධි  පවා විකෘතිතා ඇතිවේ. එසේම විවිධ හේතුන් නිසා වළලලූ කරෙන් පහළ කොටස අප්‍රාණිකව පහළට එල්ලී වැටෙන අවස්ථා ඇත. මෙම පුද්ගලයන් ඇවිදීමේදී එම පාදයේ ඇඟිලි තුඩු බිම ඇතිල්ලීම නිසා තුවාල සිදුවේ. එසේ තුවාල නොවීමට පාදය බොහෝ උස්සා ඇවිදීමෙන් විශාල සන්ධික පරඩු මාණයකට බලපෑම නිසා ඒවායේ අසාමාන්‍ය  ගෙවීමෙන් කෙටි කලකදීම ඇවිද සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවිය හැක. මෙම සියලූ විශේෂිත ආබාධ සඳහා විශේෂිත වූ ආයුර්වේද ඖෂධ ඇත. තෛල වර්ග ආලේප කිරීම සම්බාහනය පත්තු දැමීම මගින් සන්ධි  යථා තත්ත්වයට පත්කරගත හැකිය.

දශ මුල් එන කෂාය වර්ග  අරත්ත අල බැබිල මුල් මිශ්‍ර  ඖෂධ ඒවා අතර ප්‍රධාන තැනක් ගනී. සන්ධි වල ආබාධයක් ඇතිවූ විට කල්ගත වීමට පෙර ඒ සඳහා වහා ප්‍රතිකාර වලට යොමුවීමෙන් ඉක්මන් සුවය අත්විදිය හැකිය. එහෙත් සන්ධි  ගෙවී ඒවා තල කරලා පිරී විකෘතිතා වලට ගොදුරු වූ විට සහනයක් ලබා ගැනීම අසීරුය.



අදහස් (0)

වයසට යෑම නැවැත්විය හැකිද?

දීපානි Thursday, 26 November 2015 03:00 AM

මගේ සැමියාට සිදුවූ වාහන අනතුරක් නිසා එක පාදයක් කොට වී ඇත. ඒ සඳහා ශල්‍ය සපත්තු යුවළක් සාදාගත හැක්කේ කෙසේද? ඒ සඳහා උපදෙස් ලබාදෙන මෙන් වෛද්‍යතුමියගෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

නිශාන්ත Monday, 07 December 2015 01:46 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site