IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යවස්ථාව වෙනස් කරන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දෙයි

(අංජුල මහික වීරරත්න)

රටේ අවශ්‍ය ක්‍රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැප්තැම්බර් 10 වැනිදා පක්ෂ සම්මේලනය පැවැත්වීමට මෙහිදී තීන්දු කෙරිණි .

අරගලයේ දී ජනතාව පැවසූ ආකාරයට රටේ ක්‍රම වෙනසක් කිරීමට අදාලව පක්ෂ ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සමගි ජන බලවේගයට එක්වීම නිසා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කෙරුණු මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ට නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟත්වය පළ කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත්, විධායක සභාව තීන්දු තීරණ ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමට සහ මාර්ගගත ක්‍රමවේදයට අනුකූලව පක්ෂය සංවිධානය කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුනේ බල මණ්ඩල 75 ක් පැවැත්වීමට නමුත් මේ වන විට බල මණ්ඩල රැස්වීම් 132 ක් පවත්වා තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බල මණ්ඩල සංවිධානය කළ සියළු දෙනාටම ස්තූති කළ බවද එජාප මහලේකම්වරයා කීය.

 



අදහස් (7)

ව්‍යවස්ථාව වෙනස් කරන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දෙයි

Channa Wednesday, 02 August 2023 09:48 PM

නායකතුමා මැරෙනකන්ම නායකත්වයේ තියාගන්න පුළුවන් ව්‍යවස්ථාවක් වහාම ගෙන එන්න.

:       0       0

Perera Thursday, 03 August 2023 04:58 AM

ඕක කරන්න තිබුනේ දශකයකට දෙකකට ඉස්සෙල්ලා අර අපිට පිට පිට චන්ද පරදින්න ගත්තු කාලේ

:       0       0

de silva Thursday, 03 August 2023 07:42 AM

ව්‍යවස්ථාවේ නෙමේ ප්‍රශ්නේ තිබෙන්නේ නායකයාගේ ,නායකයාට මිනිස්සු චන්දෙ දෙන්නේ නැතිනම් කරන්න දෙයක් නැහැ 3-4% අරන් චන්දෙ දිනන්න බැහැ

:       1       7

සමිත Thursday, 03 August 2023 09:05 AM

කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි වූ පක්ශයකින් ලැබෙන අවසරයේ වලංගුභාවය කුමක්ද

:       1       9

සෙනරත් Thursday, 03 August 2023 09:20 AM

ඔබ අද බලයේ ඉන්නෙ අරගලයට පින්සිදු වන්නට. ඔබ පක්ශයේ කදවුරකුත් අරගල බිමෙ තිබ්බ කියල මතක නැද්ද. එසේ තිබියදීත් අප ඔබ පත් කලේ ව්‍යවස්තාවට අණ්ඩ දාන්න නෙවෙයි . ඒ සදහා ජනවරමක් 2.5%. ජන්ද ගත්ත ඔබට නෑ. කරුණාකර පොජපෙ ඔබ ගැන තැබූ විශ්වාසය රකින්න. අගමැති අපේ. ආණ්ඩුව අපේ.

:       2       3

Rata Perata Thursday, 03 August 2023 11:41 AM

රටේ දාහක් ප්‍රශ්න .මෙයා සංදර්ශන දානවා .අරගලය ගැන කතා කරන්න මේ පක්ෂෙට කිසිම අයිතියක් නෑ

:       0       0

Hafeel Thursday, 03 August 2023 01:59 PM

එක්සත් ජාතික පක්ෂය දැන් සිරි කොත කියන ගොඩනැගිල්ලට සීමා වෙලා. මේ ගොඩනැගිල්ල වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කළා නම්, මෙම පක්ෂයේ නිර්මාතෘන්ට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site