රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ අවසන් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසීය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයයේදී ඔහු මෙසේ කීය.
දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මගපෙන්වීමට පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු විසි එක සහ අනු කමිටු හතද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් හමාර කොට ඇති බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මාස දෙක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද සදහන් කළේය.
කිසිදු කමිටුවක් මේ අවස්ථාවේදී ගන්නා ලද තීරණ එළි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුළ අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන නිසා යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කිරීම,රටතුළ බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බව මන්ත්‍රීවරයා පැවසීය.
රජය හා කමිටුද කිසිවක් නොකරන බවට ජනතාව නගන චෝදනා පදනම් විරහිත බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු සියළු යුතුකම් හා වගකීම් මේ වන විට ඉටු කොට අවසන් ව ඇතැයිද වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මෙයාලට පුදුම උනන්දුවක්නේ තියෙන්නේ
මන්තිතුමෝ ජාතිවාදී ලෙස ප්‍රස්න ඉදිරිපත් කරළා මේ කෙලින් සිටීමේ හැකියාවක් නැති යහපාලන ආණ්ඩුවෙන් සිංහලයාගේ අනාගතයට පහර වදින ඉල්ලීම් ලබාගෙන සිංහලයන් අතරේ සිටින දෙමල ජාතිකයන්ට ප්‍රස්න ඇති කරන්න එපා. බල පෙරේත දෙසපාලනයෙන් තොරව සිංහලය ගැන කතා කරන්නන් ගැන සුළුවෙන් සිතන්නත් එපා. (අ)