නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට පත් කළ කමිටුවේ කාලය අප්‍රේල් අවසන් වන තෙක් දීර්ඝ කර ඇතැයි එහි සභාපති ලාල් විජේනායක මහතා කියයි.
ලංකාවේ දිස්ත්‍රික් සියල්ලගේම පාහේ ගොස් ඔවුන් මහජන අදහස් ලබා ගත් අතර වැඩිම උද්යෝගයක් තිබූ දිස්ත්‍රික් දෙක වූයේ යාපනය සහ අනුරාධපුරය.
අවසන් වාර්තාව සකසා ගැනීමට කාලය මදි වූ බැවින් මාසයකින් කාලය දික් කර තිබේ. මීට පෙර කමිටුව පත් කරනු ලැබුවේ මාස තුනක් සඳහාය.
ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජික ගණන 20කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වලට ගියාට ගැහැණු විතරයි ඉන්නේ. ආයතනවලට එන්න (බ)