සිකුරාදා බේරුවලින් මූදු ගිය ධීවරයන් පස් දෙනකු මූද මැදදී මරුමුවට පත්වීමෙන් පසුව සිරුරු ගොඩබිමට ගෙන එන ආරංචිය අසා බේරුවල ධීවර වරාය අසලට රැස්වූ නෑදෑ හිතවත්හු හඬා වැළපෙන්නට වූහ.
අද පස්වරු 2.00 වට විට එක් සිරුරක් ගෙන ආ බව ධිවරයෝ කියති.
සිකුරාදා බේරුවලින් මූදු ගිය ධීවරයන් පස් දෙනකු මූද මැදදී මරුමුවට පත්වීමෙන් පසුව සිරුරු ගොඩබිමට ගෙන එන ආරංචිය අසා බේරුවල ධීවර වරාය අසලට රැස්වූ නෑදෑ හිතවත්හු හඬා වැළපෙන්නට වූහ.
අද පස්වරු 2.00 වට විට එක් සිරුරක් ගෙන ආ බව ධිවරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම කෙනෙක් බෝට්ටුවක යනවා නම් ජිවිත ආරක්ෂක ජැකට්ටු ඇඳගෙන සිටිය යුතුයි. ඕවා ගෙදර තියලා මහා ලොකුවට පීනන්න පුළුවන් අය වගේ යනවා. දැන් ඉතින් හඬා වැළපෙන්න.(නදී)
මෙය ශෝක ජනක අවස්ථාවක්. මුහුදේ ඉන්න මාලුවන්ටත් මේ වගේ දේවල් දැනිලා ඇති නේද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා!(නදී)
අමිළ,රාජිත මහත්තයා රට ගිහින්. ආවාම වන්දී ගෙවන්නම්ලූ.(නදී)
පව් අහිංසක මිනිසුන් දැන් මේ මිනිසුන් කොමද ජීවත් වන්නේ මොකද ගැහැණු අයට මුහුදු යන්නද කියන්නේ.(නදී)
කෝ බොදුබල සේනාව?(නදී)
වෙන රටක නම් ඇමති සවාරිය නවත්තල ඇවිල්ලා.(නදී)
ලෝකේ තියෙන අකාර්යක්ෂමම ආයතන තියෙන්නේ ශ්‍රි ලංකාවේ. හුලග ගියාම අනාවැකි පලකරන ආයතන මොකටද? (නි)
හද පත්ලෙන් නැගෙන ශෝඛය පල කරමි.(නදී)
මොහොමඩ්, මේ අවස්ථාව හදිසි ආපදා තත්වයක්. කෝ දැන් තියෙනවා කියන මනුස්සකම. මේ වගේ කරදරයක් වුන වෙලාවටත් ඔයාලට ඕනෑ ජාතිවාදය ආගම්වාදය. (නි)
මගේ ශෝකය මියගිය අය වෙනුවෙන් පළකරමි (නි)
වැරැද්දක් වුණා තමයි. එහෙත් සෑම දෙයටම කාලගුණයට දොස් කියලා හරියන්නේ නැහැ. මියගිය අයට නිවන් සුව පතමි. (නි)
බදු ගෙවන අයගේ සල්ලි වලින් පිටරට සම්මන්ත්‍රණ වලට මේ කාලගුනේ කට්ටිය යනවා. ගිහිල්ලා කාලා බීලා හම්බු වෙන ඩොලර් ටික පොදි ගහගෙන එනවා. මේගොල්ලන් ඇවිල්ල පිටරට දී දැන ගත්තු දේ ගැන වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑ. වැඩි දෙනෙක් මේ වාර්තාවත් ඉදිරිපත් කරන්නේ නෑ. රටේ පව් කාරයෝ.(නදී)
දහස් ගණන් සුනාමියෙන් මැරුනු රටේ මේ හතර පස් දෙනා ගැන මොන කතාද?(නදී)
කාලගුණ අනාවැකි කියන අයට වඩා, හැමදාම මුහුදත් එක්කල ජීවත් වෙන ධීවරයන්ට මුහුදු යන්න පෙර හිතන්න තිබුනනේ. එයාලට අත්දැකීම් තියනවනේ. අපි වැස්ස නැතත් කුඩයක් අරගන යනවා. (නි)
අසේල ඔයා කියන විදියට මුහුදූ ගිහින් ජීවිත ආරක්ෂක ජැකට් දාගෙන වැඩ කරන්න බැහැ.මොකද මමත් මුහුදු යන කෙනෙක් නිසා මම ඒක ගැන දන්නවා.සැම ධීවර වරායකම ධීවර කාර්යාලයක් පිහිටලා තියනවා කියලා ධීවරයෝ දන්නේ නැහැ. කාළගුණය ගැන දැනුම් දෙන්න ඕනෑ කාළගුණ අමාත්‍යංශයයි. ධීවරයෝ කියන්නේ මෝඩයෝ කියලා හිතානන් එපා. මෙහෙම දේවල් තියනවා නම් ධීවර කාර්යල මගින් ධීවරයන් දැනුවත් කරන්න ඕනෑ. ඒකයි වෙන්න ඕනෑ.මගේ සහෝදරවරුනි , නැවත මෙවන් අකල් මරණ නොවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා! (නි)
විද්‍යාව තාක්ෂණය මෙච්චර ඉස්සරහට ගිය ලෝකයේ අපි කොතනද ඉන්නේ? කරුණාකරලා නව තාක්ෂණය යොදාගන්න. සම්ප්‍රදායික දේ වලින් මිදිලා ශක්තිමත් අනාවැකි කියන තත්වයට ආවා නම් මේ අහිංසකයන්ගේ ජීවිත බේරගන්න තිබුනා නේද? දැන් මේ ජීවිත වලට වග කියන්නේ කව්ද? (නි)
කවුද මන්දා වහාම මේ ගැන වාර්තාවක් කැඳවලලු. කාලගුනේ හදන්න සුනාමියෙන් පසු හම්බවෙච්ච සල්ලි කවුද මන්දා කියලා හොරකන් කරලලු.(නදී)
ඔන්න ජපානෙට කිලෝ මීටර් 100 ගණනක් ඈත මුහුදේ අලුත් සුළි කුණාටුවක් පටන් අරන්. දැන් ටීවී එකේ දානවා ඒක ගමන් කරන්න නියමිත ප්‍රදේශ සහ එය ගොඩබිමට ඇතුල් වෙන වේගය , වෙලාව වගේ පුවත් (අ)
අල්ලා, ඔබ කොහිද?(නදී)
එංගලන්තේ වගේ දියුණු රටවල සතියක් ඉදිරියට කාලගුණ වාර්තාව රූපවාහිනියෙන් බලන්න පුලුවන්.අපේ අයට පුළුවන් කයිවාරු ගහන්න විතරයි (නි).
සෙනෙවි,මගේ දැනුමේ හැටියට,සුලුදෙයක් වුනත් ගෙදරදී අපි දුවගෙන ගිහින් දුක කියන්නේ අම්මට. ඒ වගේම ලෝ වැසියන්ට විපතක් වුණහම, කර්මය මතක් වෙන්න පෙර දෙවියෝ තමා සිහි වෙන්නේ. ඒ අපි දෙවියන් බුදුන් අදහන නිසා වෙන්න ඇති (නි)
මට මතකයි මීට වසරකට වගේ කාලයකට ඉස්සර මේ විදිහටම ධීවරයින් පිරිසක් අයහපත් කාලකගුණික තත්වය නිසා මියගිය අවස්ථාවේ රජය ධීවරයින්ට ආරක්ෂක කබා නැතිව මුහුදු යෑම තහනම් කළා. ඒ වෙලාවේ බොහෝ ධීවරයින් මොකද කීවේ මේකට විරුද්ධ වුනා. මම කියන්නේ බොහෝ නරක දෙයක් වුණාට පස්සේ රජයට හෝ තවත් ආයතනයකට හෝ කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. මේ නැති වුණ ජිවිත නිසා අසරණ වෙන අය ගැන බලන්න හෙට දවසේ ඔය කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක නිසා මින් ඉදිරියටවත් නිසි ආරක්ෂක පියවර නොගෙන ධීවර කටයුතු වල නිරත වීම තහනම් කළ යුතුයි. නැත්නම් තවත් ඉදිරියේදීත් මේ වගේ වටිනා ජිවිත අහිමි වීම කාටවත් නවත්වන්න බැරි වේවි.! මියගිය සියලු දෙනාට නිවන් සුව පතමු.!(නදී)
අපේ ශෝකය පිළිගන්න. මිය ගිය නෑ මිතුරන්ට පින් දෙන්න. ඔබ තනිවී නෑ. අපි ඔබ සමගයි. දිරි ගන්න නැගිටින්න. පින් කරන්න ඔබට සවිය ශක්තිය.(නදී)
ගොඩක් ඇමතිලා පත්තරනලට රූපවාහිනියට පේන්න බොරු පොරොන්දු දෙනවා. ලකුනු දාගන්නවා. පොරොන්දු ඉටු නොවූ අවස්ථා බහුලයි. පොරොන්දු ඉටුනොකරන අය ගැනත් ලොකු ප්‍රචාරයක් දෙන්න.(නදී)
ශෝකය පල කරමි.(නදී)
හපීස් ඒක තමයි අපිත් කියන්නේ. ඇයි අල්ලා දෙවියන්ට මේ අසරණ මිනිස්සුන්ව පේන්නේ නැද්ද? මෙහෙම මැරෙන කොට දෙවියන් කොහෙද හිටියේ. යාළුවා යම් කිසි කෙනෙකු කාර්ම ශක්තියට අනුව අන්තිම හුස්ම හෙලන දවස ඔබටත් මටත් උරුමයි. ඒක දෙවියන් නෙමේයි කාටවත් නවත්වන්න බැහැ. මිය ගිය සැමට නිවන් සුව පතමි.(නදී)
මීට වඩා ජීවිත වල වටිනාකම දැනගෙන ආරක්ෂා කාරී පියවර ගතයුතුයි. මේ මියයන්නේ අපේ රටේ මිනිස්සු. ඉතාමත් කනගාටුදායකයි.(නදී)
අනේ දෙවියනේ, අසරණ දුප්පත් මිනිසුන්ගේ ජීවිත වලට ඇයි දඩුවම් කළේ? වැරදි කරන දුර්ජන මිනිසුන් , අපරාධකරුවන් ,මිනීමරුවන් නිදැල්ලේ. අසරණ වුනේ දුප්පත් අහිංසක පවුල් ටිකක් රැකපු සැබෑ මිනිස් ජීවිත නේද? (නි)
අපි මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ (දී)
කාලගුණ විද්‍යාව මෙයට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි. ආපදා කළමනාකරණය තව කාර්යක්ෂම විය යුතුයි. අපි තාම ගල් යුගයේ. ලෝකයේ තාක්ෂනය දැන් දියුනුයි. අපගේ ආකල්ප එයට අනුගත විය යුතුයි.(නදී)
අපේ රටේ ධීවරයන්ට කාලගුණ දේශගුණ දැනුම් දීමක් ගැන හැඟීමක් අවබෝධයක් නැහැ. බහුලව මොවුන් අසන්නේ බලන්නේ හුදු විනෝදය සඳහා වූ වැඩ සටහන්. මොවුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කළ යුතුයි (නි)
අපිට දුකයි
ජීවිතය කියන්නේ ඕක තමයි. තමන් අමාරුවෙන් රැකගන්න ජීවිතය අන්තිමට සුළගක් නිසා නැතිවෙලා ගියා.(නදී)
රුපවති ඔබ හිතාගන ඉන්න කිසි දෙවියෙක් මේ ලෝකේ නැහැ. ලොකු මිත්‍යාවක ඔබ සිටින්නේ. කාර්ම සත්‍යය අනුව ඔවුන්ට මේ දේ වුනා. බුදු දහමේ පෙන්වන සදාතනික සත්‍යය එයයි. (නදී)
සෙනවි මහතාණෙනි, කරුමවාදේ හෝ දේවවාදේ ඔප්පු කර ඇස් පනාපිට පෙන්වීමට තබා කල්පිතයක් ලෙස හෝ න්‍යායාත්මකව ඔප්පුකර පෙන්වීමට කිසිවකුටත් හැකියාවක් නොමැත. ඔබේ කරුමවාදේ මෙන්ම මැවුම් වාදේද එසේමය. (නි)..
අපි ජීවිත කාලෙම හූල්ල හූල්ලා ඉදිමුද? මිය ගිය සියලු දෙනාට මොක් සුව ලැබේවා! (නි)
අතොරක් නැති සංවිදාන මොකටද මෙහෙම වෙලාවකට වත් නැත්නම්? එයාලා ඉන්නේ ආගම්වාදී වැඩවලට පමණද? (නි)
මුහුදත් එක්ක එකට ගැටී අඹු දරුවන් හට කන්න බොන්න දෙන්න හිටිය පියවරු නැති වූ දා.... මොවුන් ගැන කවුරු බලන්දෝ...මින්පසු... ජීවිතය නිම නොවන ප්‍රහේළිකාවකි (නි)
මිය ගිය සියලු දෙනාට මගේත් ගම්වාසීන්ගේත් ශෝකය. මේකට සම්පුර්ණ වගකීම කාලගුණ විද්ද්‍යා දෙපර්තමේන්තුව බාරගත යුතුය.(නදී)
මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා! (නි)
මේ තරම් විපතියක් වෙලා මිනිසු දුක් වෙන වෙලාවේ බොදු බල සේනාව ගැන හොයන අය මැරුණම දිව්‍යලෝකේම යයි නේද ? (ස)
ශෝකය පල කරමි.(නදී)
මගේ බලවත් ශෝකය.(නදී)
ජනතාව ගැන හැගිමක් නැහැ බලධාරීන්ට. අසරණ මිනිස්සු කබලෙන් ලිපට වැටිලා අද ලෝකේ හැම තැනම හැම පැයකටම කාල ගුන වාර්තාව දෙනවා. හරියටම බි බි සි , සී ඒන් ඒන් විටින් විට හැම දෙයක් ගැනම කියනවා. ධීවර අමත්‍යංශයෙන් ජනතාව දැනුවත් කරා නම් මේ දේවල් අඩු වෙන්නේ නැහැ. බලධාරින් සම්පුර්ණයෙන් මේ දේට වග කියන්න ඕනි.(නදී)
මේ හැමදේටම වගකිවයුතු අය එකතුවෙලා අපේ කාලගුන තාක්සනය වැඩි දියුණු කරන්න වැඩකටයුතු කරන්න. අනවශ්‍ය වියදම් අඩුකොට.(නදී)
හරිම කනගාටුදායක සිද්දියක්. අපගේ බලවත් ශෝකය.(නදී)
කෝ අපේ සේනාව (ස)
නැතිවුනු අයගැන දුකයි. ඒත් ඉතින් කාලගුණය ගැන කවුරු මොනවා කීවත් විශ්වාස තියන්න බෑ. අපි එයට මුහුණ දිය යුතුයි. (ස)
කාලගුණ දෙපාර්තුමේන්තුව හරි කැමතියි හොදට වහිනකොට නිදිය ගන්න. ලංකාවේ ගොඩක් අය රටට යමක් උනාට පස්සේ තමයි කලබල වෙන්නේ. නවීන ලෝකේ කොයිතරම් දේවල් තියෙනවද කරන්න. හරි කාලගුනය දැනගන්න බොරු වැඩ වලට මුදල් නාස්ති නොකර යම්කිසි හරි වැඩපිලිවෙලක් කරන්න. ඉදිරියටත් මේ දේවල් වෙනවා හරිම අසරනයි මේ ජනතාව.(නදී)
කෝ මේ රාජිත මහත්තයා යම්කිසි වැඩ පිලිවෙලක් යොදන්න මේ ජනතාව වෙනුවෙන් ඔබත් බේරුවල නේද ?(නදී)
අනේ පවු ඒ මිනිස්සු! (නි)
කාලගුණ අනාවැකි නොකියනවානම් වඩා හොදයි. කිව්වත් බොරුවක් තමයි.(නදී)
මිනිසුනේ පාපකර්ම ආත්ම ගනනාවක් අප පසුපස එනවා. මිනිසුනේ මල කුනු කන්න එපා.(නදී)
සුමිත් ඔයි කියන දේ හරි උනාට හදිසියට ඕන දේවල් අරගෙන යන්න බැරිකමක් නැහැ නේද? (නදී)
අපේ රටේ අහිංසකයන්ට සෑම දිනකම ප්‍රශ්න. ඒත් වගකිවයුත්තන් නිදි (නි)
බුද්ධ ධර්මයට අනුව අටලෝ දහමින් කම්පා නොවී සිටීමට උත්සාහ කරමු (නි)
පව් අහිංසක මිනිස්සු (නි)
ඔය මිනීටික අරගෙන ගෝල්පේස් එකේ තියන්න ලෝකෙටම අපේ වැඩ පෙන්නන්න.(නදී)