පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බාර දී මෙතෙක් නව හැදුනුම්පත් නොලැබුණු තමන්ට ඉදිරි මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම ගැටළුවක් වී ඇති බව හැදුණුම්පත් අළුත් කිරීම සදහා බාර දී ඇත්තෝ කියති.
තාවකාලික හැදුණුම්පත් නිකුත් කිරීම මෙම මස 15 වැනිදා අවසන් වීමට නියමිත බව සහකාර මැතිවරණ කොමසාරිස් සුමින් ඡන්දන මහතා කියයි.
පහළොස් වැනිදාට ඇත්තේ වැඩකරන දින දෙකක් හා නිවාඩු දින දෙකක් පමණි.
වසර කීපයක් පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බොහෝ දෙනෙක් තම පැරණි ජාතික හැදුනුම්පත මේ වන විට තම ප්‍රදේශ වල ග්‍රාම නිලධරයනට හෝ දැයට කිරුළ වැඩ සටහන යටතේ පැවැත්වෙන ජංගම සේවා වලට බාර දී ඇත.නමුත් ඔවුන්ට මෙතෙක් නව හැදුනුම්පත් ලැබී නැත.මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම ගැටළුවක් විය හැකි බව ජාතික හැදුනුම්පත් අළුත් කිරීම සදහා බාර දී ඇති අයළුන් කියති.
මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීම සදහා ඉදිරිපත් කළ හැක්කේ ජාතික හැදුණුම්පත හෝ මැතිවරණ කොමසාරිස් විසින් නම් කර ඇති හදුනා ගැනීමේ පත්‍රයක් හෝ මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කැරුණුතාවකාලික හැදුනුම්පතක් පමණක් බව මේ සම්බන්ධයෙන් කරණ ලද විමසුමකදී පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම කියන විදියට නම් වැඩකරන්න එපා (නි)
හැරී දම්ම ඔයා හරි
මොකක්ද අමිල කටුනායක, ඡන්දදායකයාටත් බොරු පොරොන්දු දෙන්න අවස්ථාවක් දෙන්නකෝ. (නි)
මේ වැඩ කරන දින දෙක තුල හැදුනුම්පත අරන් දෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න. (ස)
මොන වගේ වැඩක්ද දන්නේ නැහැ මේක. (නි)
එතනිනුත් පෙනෙන්නේ නොහැකියාව නෙවෙයිද ? කිසිම වැඩකට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නෙමෙයිද ? පැලැස්තර විසඳුම් කාරයෝ බව නෙමෙයිද ? (අ)
හැමදාම ඡන්දයක් ,විභාගයක් , ආවාම හැදුනුම්පත් ප්‍රස්නයක් අපි හැමෝම වෙලාවට වැඩකටයුතු කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ . සාම පුද්ගලයෙක්ම වෙලාවට තමතමන්ගේ අත්‍යවශ්‍ය දේ කල්නොදමා වෙලාවට වැඩකටයුතු කරන්න කුදකලම පුරුදුවෙමු . (අ)