IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වයඹ හැදුනුම්පත් ප්‍රශ්නයක්

පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බාර දී මෙතෙක් නව හැදුනුම්පත් නොලැබුණු තමන්ට ඉදිරි මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම ගැටළුවක් වී ඇති බව හැදුණුම්පත් අළුත් කිරීම සදහා බාර දී ඇත්තෝ කියති.

තාවකාලික හැදුණුම්පත් නිකුත් කිරීම මෙම මස 15 වැනිදා අවසන් වීමට නියමිත බව සහකාර මැතිවරණ කොමසාරිස් සුමින් ඡන්දන මහතා කියයි.

පහළොස් වැනිදාට ඇත්තේ වැඩකරන දින දෙකක් හා නිවාඩු දින දෙකක් පමණි.

වසර කීපයක් පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බොහෝ දෙනෙක් තම පැරණි ජාතික හැදුනුම්පත මේ වන විට තම ප්‍රදේශ වල ග්‍රාම  නිලධරයනට හෝ දැයට කිරුළ වැඩ සටහන යටතේ පැවැත්වෙන ජංගම සේවා වලට බාර දී ඇත.නමුත් ඔවුන්ට මෙතෙක් නව හැදුනුම්පත් ලැබී නැත.මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම ගැටළුවක් විය හැකි බව ජාතික හැදුනුම්පත් අළුත් කිරීම සදහා බාර දී ඇති අයළුන් කියති.

මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීම සදහා ඉදිරිපත් කළ හැක්කේ ජාතික හැදුණුම්පත හෝ මැතිවරණ කොමසාරිස් විසින් නම් කර ඇති හදුනා ගැනීමේ පත්‍රයක් හෝ මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කැරුණුතාවකාලික හැදුනුම්පතක් පමණක් බව මේ සම්බන්ධයෙන් කරණ ලද විමසුමකදී පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා පැවසීය.  

 



අදහස් (7)

වයඹ හැදුනුම්පත් ප්‍රශ්නයක්

අමිල කටුනායක Wednesday, 11 September 2013 08:56 PM

ධම්ම කියන විදියට නම් වැඩකරන්න එපා (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 12 September 2013 11:25 AM

හැරී දම්ම ඔයා හරි

:       0       0

ධම්ම Thursday, 12 September 2013 12:25 AM

මොකක්ද අමිල කටුනායක, ඡන්දදායකයාටත් බොරු පොරොන්දු දෙන්න අවස්ථාවක් දෙන්නකෝ. (නි)

:       0       0

ධම්ම Wednesday, 11 September 2013 04:54 PM

මේ වැඩ කරන දින දෙක තුල හැදුනුම්පත අරන් දෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න. (ස)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:45 AM

මොන වගේ වැඩක්ද දන්නේ නැහැ මේක. (නි)

:       0       0

බෙනට් Wednesday, 11 September 2013 05:28 PM

එතනිනුත් පෙනෙන්නේ නොහැකියාව නෙවෙයිද ? කිසිම වැඩකට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නෙමෙයිද ? පැලැස්තර විසඳුම් කාරයෝ බව නෙමෙයිද ? (අ)

:       0       0

සමන් Wednesday, 11 September 2013 06:34 PM

හැමදාම ඡන්දයක් ,විභාගයක් , ආවාම හැදුනුම්පත් ප්‍රස්නයක් අපි හැමෝම වෙලාවට වැඩකටයුතු කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ . සාම පුද්ගලයෙක්ම වෙලාවට තමතමන්ගේ අත්‍යවශ්‍ය දේ කල්නොදමා වෙලාවට වැඩකටයුතු කරන්න කුදකලම පුරුදුවෙමු . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site