මහව ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්. බන්දුල පුෂ්පකුමාර මහතාගේ වැඩ අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට වයඹ මහා ඇමැති අතුල විජේසිංහ මහතා විසින් ගැනුණු තීරණය ඔක්තෝබර් පස් වැනි දා තෙක් අත්හිටුවන වාරණ නියෝගයක් කුරුණෑගල මහාධිකරණය අද ප‍්‍රකාශයට පත් කෙළේය. තමාට බදු රහිත වාහනයක් අනුමත නොකළැයි මහා ඇමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කිරීම නිසා මහා ඇමැති තමා සමග අමනාපවී තම සේවය අත්හිටුවා ඇතැයි ප‍්‍රාදේශීය සභාපති අධිකරණයට කියා ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වයඹ මහා ඇමැතිට වාරණයක්