IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වයඹ පළාත් සභාව මාධ්‍ය කට වහයි

වයඹ  පළාත් සභාව සම්බන්ධයෙන්  අසත්‍ය  තොරතුරු  පළ කරන බවට  චෝදනා  කරමින්  පළාත්  සභා  මාසික සභා රැස්විම වාර්තා කිරිමට  පැමිණ සිටි  මාධ්‍යවේදීන්ට  සභාවෙන්  ඉවත්ව යන ලෙස වයඹ  පළාත්  සභාපති  ටිකිරි  අධිකාරි  මහතා  නියෝග කළේය.

වසර 28 කට  ආසන්න වයඹ  පළාත්  සභා  ඉතිහාසයේ  සභා රැස්වීමෙන්  මාධ්‍යවේදින්  ඉවත් කිරිම සඳහා  සභාපතිවරයකු  නියෝගයක්  දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

සභා රැස්විම ආරම්භයේදීම පෞද්ගලික ප්‍රකාශ  යටතේ  අදහස්  දැක්වු  වයඹ  පළාත්  ප්‍රවාහන හා  මහාමාර්ග අමාත්‍ය  ගුණදාස දෙහිගම මහතා පැවසුවේ  මාධ්‍යයේ  අසත්‍ය තොරතුරු  පළවන බවට  චෝදනා  කළේය.

එම ප්‍රකාශයට  සහාය දක්වමින්  වයඹ  ප්‍රධාන අමාත්‍ය  ධර්මසිරි  දසනායක මහතා ද කියා සිටියේ  පසුගිය කාලයේ දී  තමන්  සම්බන්ධයෙන්  ද කිපවරක්ම මාධ්‍ය වල අසත්‍ය තොරතුරු  පළවිණි. එය තම කීර්තිනාමයට  කැළලක්  වු  බවත් ඔහු පැවසුවේය.

පසුගිය සතියේ   පළවු  තවත්  ප්‍රවෘතියක්  පිළිබඳව අදහස්  පළකළ විපක්ෂනායක ප්‍රසන්න ශමල්  සෙනරත්  මහතා  තමන්ගේ  කිසිදු  සම්බන්ධයක්  නොමැති  පුවතක්  පුවත්පතක පළ වීම සම්බන්ධයෙන්  විරෝධය පළ කළේය.



අදහස් (0)

වයඹ පළාත් සභාව මාධ්‍ය කට වහයි

දහම් Tuesday, 16 February 2016 09:48 AM

මහින්ද ගැන මාධ්‍ය වලින් මොන තරම් නම් දේවල් කිව්වද. මහින්ද ඒ කිසි කෙනෙකුට බැන්නේ නැහැ. එතුමාට තිබුන වැදගත් කම. (ර)

:       0       0

ජනක Tuesday, 16 February 2016 11:05 PM

ප්‍රදීප්, ඔබට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

යටවත්ත Tuesday, 16 February 2016 07:24 AM

මේ ගැන පරීක්ෂණයක් කරලා බලනවා නම් හොඳයි (නි)

:       0       0

ජනක Tuesday, 16 February 2016 08:03 AM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 16 February 2016 08:33 AM

තිබෙන මාධ්‍ය නිදහස රටේ ජනතාවගේ යහපත සඳහා යොදවන්න තරම් අපේ බොහෝ මාධ්‍යකරුවෝ බුද්ධිමත් නැත. (බ)

:       0       0

බැසිල් Tuesday, 16 February 2016 12:11 PM

අගමැතිතුමාට මාධ්‍ය මර්දනය කර පොලිස් බලය යොදා බටහිර වාදී ඉන්දියා කොලනියක් බිහිකිරීමේ වගකීමක් තියන බව අමතක වුණාද?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site