වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කරන බවට චෝදනා කරමින් පළාත් සභා මාසික සභා රැස්විම වාර්තා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සභාවෙන් ඉවත්ව යන ලෙස වයඹ පළාත් සභාපති ටිකිරි අධිකාරි මහතා නියෝග කළේය.
වසර 28 කට ආසන්න වයඹ පළාත් සභා ඉතිහාසයේ සභා රැස්වීමෙන් මාධ්‍යවේදින් ඉවත් කිරිම සඳහා සභාපතිවරයකු නියෝගයක් දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.
සභා රැස්විම ආරම්භයේදීම පෞද්ගලික ප්‍රකාශ යටතේ අදහස් දැක්වු වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා පැවසුවේ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළවන බවට චෝදනා කළේය.
එම ප්‍රකාශයට සහාය දක්වමින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද කියා සිටියේ පසුගිය කාලයේ දී තමන් සම්බන්ධයෙන් ද කිපවරක්ම මාධ්‍ය වල අසත්‍ය තොරතුරු පළවිණි. එය තම කීර්තිනාමයට කැළලක් වු බවත් ඔහු පැවසුවේය.
පසුගිය සතියේ පළවු තවත් ප්‍රවෘතියක් පිළිබඳව අදහස් පළකළ විපක්ෂනායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති පුවතක් පුවත්පතක පළ වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ගැන මාධ්‍ය වලින් මොන තරම් නම් දේවල් කිව්වද. මහින්ද ඒ කිසි කෙනෙකුට බැන්නේ නැහැ. එතුමාට තිබුන වැදගත් කම. (ර)
ප්‍රදීප්, ඔබට මාගේ ප්‍රණාමය! (නි)
මේ ගැන පරීක්ෂණයක් කරලා බලනවා නම් හොඳයි (නි)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (බ)
තිබෙන මාධ්‍ය නිදහස රටේ ජනතාවගේ යහපත සඳහා යොදවන්න තරම් අපේ බොහෝ මාධ්‍යකරුවෝ බුද්ධිමත් නැත. (බ)
අගමැතිතුමාට මාධ්‍ය මර්දනය කර පොලිස් බලය යොදා බටහිර වාදී ඉන්දියා කොලනියක් බිහිකිරීමේ වගකීමක් තියන බව අමතක වුණාද?(ම)