අතින් පයින් හා පොලුවලින් දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී කමල් ඉන්දික ඇතුළු පස් දෙනෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
බී ලසන්ත,
එස් එච් ජයසේන තිලකරත්න, ඩී ආර් කේ අසේල දිසානායක හා ඩබ්ලිව් එම් එස් සංජය විජේසූරිය රිමාන්ඩ් කරනු ලැබූ සෙසු සැකකරුවෝ වෙති.
පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස ගමන් ගත් වාහනයේ වැලි ලොරියක් ගැටීමෙන් පසු ලොරි රථයේ සිටි දෙදෙනකුට ඔවුන් පහර දී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් හිතෙනවා යුද්ධෙන් මිය ගියා නමි මීට වඩා හොදයි කියලා.(නදී)
පත් උනා විතරයි නේද? දැම්මම යක්කු වෙලා. (ස)
මිනිස්සුන්ගේ මනාපයෙන් බලය අරන් මිනිස්සුන්ටම වින කරන අයට හොද පාඩම්. (නදී)
මීට වසර හතරකට පහකට කලින් නම් දේශපාලකයෝ මේ වගේ මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, කුඩු ජාවාරම් සහ වෙනත් අපරාධ කරන්න පොඩි බයක් තිබුනා .මොකද මේ වගේ අපරාධකරුවෝ බේරගන්න කවුරුවත් හිටියේ නැහැ.නමුත් අද මොවුන් හැම දෙනාම නිදහස් වෙනවා.අනිත් එක මැතිවරණෙකින් වත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.මැතිවරණයකදී දේශ ප්‍රේමය පෙන්වා දන්සලක් දුන්නම මිනිස්සුන්ට මොවුන් කල කී දේවල් සියල්ල අමතකයි.ඉතින් හැමදාම දිනන නිසා බය නැතුව, හිරිකිතයක් නැතුව, ඕනෙම වැරැද්දක් කරනවා. (ස)
අලුතෙන් පත් කරන්න ඉස්සෙල්ල කිවුවා, ඒත් වයඹ මිනිස්සු දුන්නා, දැන් ඉතින් හූල්ලපල්ලා. ඊළඟ සැරේ වත් පාඩමක් උගන්නන කටයුතු කරමු (නදී)
රටේ සිදුවන අපරාධ වලින් සියට අනු අටකට දේශපාලුවෙක් සම්බන්දයි .(නදී)
ගුටි කන තරමට ක්‍රියාව සාර්ථක කර නොගත් එකයි කණගාටු. හප්පන එක හප්පන්න ඕනේ අවසන් ප්‍රතිපලය ලැබෙන ලෙස.(නදී)
මෙරට කාල කන්නි කරන්නේ මේ රටේ ඉන්න කාල කන්නි මිනිස්සුමයි. මොකද මේ දේසපාලකයන්ට ඡන්දය දීල ඔතනට යවන්නේ මේ රටේ මිනිස්සුමයි. ඒක නිසා දුක් වෙලා වැඩක් නැහැ, තව ටිකක් වැඩිපුර ගැහුවනම් තමයි හොඳ. (ස)
මෙයාලට ඇප දුන්න ගමන්ම අර දෙන්නම රෝහලේ. (ස)
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවාලු (නි)
ලංකාවේ මෙම ප්‍රාදේශීය සබා ක්‍රමය අතුගා දැමිය යුතු දෙයක්. රටට වන කිසිම සේවයක් නැහැ. (නි)
තමන් කළ දේ බූමරංගයක් මෙන් තමන් පසුපස පැමිණේ (නි)
මේ විදියට හැසිරෙන හැමගේම මන්ත්‍රීකම අහෝසි කරන්න ඕනෑ. (නි)
මේ වාගේ අයට ඡන්දෙ දුන්නු අයටයි අත් අඩංගුවට ගන්න තියෙන්නේ! (නි)
විල මැද බංගලාවට යන්න සුදුසුකම් සපුරා ගන්න හදනවා වගේ. (ස)
මෙන්න මල්ලි ආශ්චර්යය (ස)
ගණන් ගන්න එපා එයාලා දේශපාලන දිවියට සුදුසුකම් සපුරනවා. (ස)
ගණන් ගන්න එපා එයාලා දේශපාලන දිවියට සුදුසුකම් සපුරනවා. (නදී)
ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම ද තමයි පටන්ගෙන තියෙන්නේ. (ස)
දැන් මෙයා ටිකෙන් ටික සුදුසුකම් හදාගන්නවා. ඒ නිසා එයාට බනින්න එපා (නි)
නඩු නැතිව දඬුවම් දෙන්න. අපි එයාලට මනාප දීලයි තියෙන්නේ. (ස)