IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වයඹ පළාත් මන්ත්‍රී රට සවාරිය නවතී

වයඹ පළාත් සභා මන්ත්‍රීන් 49 දෙනාගේ චීන හා තායිලන්ත සංචාරය මහින්ද රාජපක්ෂ ජනපති අණින් අත්හිටවූ බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා කියයි.

රුපියල් කෝටි තුනක් වැය කර කණ්ඩායම් තුනක් වශයෙන් මේ පිරිස සංචාරය ඇරැඹීමට නියමිතව සිටියහ.

මුල්ම කණ්ඩායම අද (27) පිටත්වීමට  සිටියේය.

මහ ඇමැති දයාසිරි ජයසේකර හා ජවිපෙ මන්ත්‍රීන් හැර සෙසු සියල්ලෝම මේ සංචාරයට එක්වීමට  සිටියහ.

පළාත් සභාව බලයට පැමිණ මාස හයක් පමණ වේ.

 

 



අදහස් (0)

වයඹ පළාත් මන්ත්‍රී රට සවාරිය නවතී

පිටිගල Thursday, 27 March 2014 02:17 PM

ඔය අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. එහෙම නොවෙයිද? එහෙම නොවෙයි නම් අපි පොලී ගෙවන ණය නේද ?එහෙමත් නෙවෙයි නම් කොහෙන්ද? (අ)

:       0       0

ෆෙෂීක් Thursday, 27 March 2014 02:32 PM

ජනපතිට ස්තූතියි .හොද වැඩක් (දිල්)

:       0       0

ධම්ම Thursday, 27 March 2014 02:35 PM

ඇයි මහ ඇමැතිට බැරි උනාද මොවුන් නවත්වන්න? (අ)

:       0       0

මැටිල්ඩා ද සිල්වා Thursday, 27 March 2014 02:39 PM

මෙයට විරුද්ධ වුයේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මන්ත්‍රීවරයා පමණයි. (අ)

:       0       0

ජානක. Thursday, 27 March 2014 03:06 PM

රට සවාරි යන්ඩ පුළුවන් කාට විතරද (අ)

:       0       0

සෙන Friday, 28 March 2014 01:55 AM

ඇත්තටම ජනාධිපති තුමා කරලා තියෙන්නේ හොඳ වැඩක් (දී)

:       0       0

උපාලි Thursday, 27 March 2014 03:11 PM

බය වෙන්න එපා ගරු මන්ත්‍රී තුමන්ලා. ඔබලාට රට යන්න ලැබේවා. තව දින තුනකට පසු මෙය අනුමත වෙන බව අපිට විස්වාසයි. (අ)

:       0       0

සමීර Thursday, 27 March 2014 03:13 PM

ඡන්දේ නිසා වෙන්න ඇති (අ)

:       0       0

ප්‍රසන්ක Thursday, 27 March 2014 03:18 PM

ඡන්දෙන් පස්සේ යමු .

:       0       0

චන්ද්‍රා Thursday, 27 March 2014 03:20 PM

අපට කොරන්න කියල දඟලලා යන අය කව්රුත් කරන කෙරුවාව තමා ඔය,(අ)

:       0       0

ස්ටැන්ලි Thursday, 27 March 2014 03:41 PM

තායිලන්තේ එන මන්ත්‍රීලා ඇමතිලා බොහොමයක් එහෙදි කරන දේ දන්නවා නම් එයාල ඉගෙන ගන්න එහෙ යන්නේ නෑ! (අ)

:       0       0

නිහාල් Thursday, 27 March 2014 03:56 PM

තමන්ගේ දීමන වැඩිකරගන්න,අමතර වරප්‍රසාද ලබාගන්න නම් විරුද්ද පක්ෂය ආණ්ඩු පක්ෂය කියල නෑ දෙගොල්ලොම එකයි මේ එකමුතුව රට ගොඩනැගීමට එක් උනොත් (අ)

:       0       0

සේන Thursday, 27 March 2014 04:16 PM

අපරාදේ මමත් යන්න හිටියේ. (ස)

:       0       0

චන්දිමා Friday, 28 March 2014 06:07 AM

" මහ ඇමැති දයාසිරි ජයසේකර හා ජවිපෙ මන්ත්‍රීන් හැර සෙසු සියල්ලෝම මේ සංචාරයට එක්වීමට සිටියහ." මොකද ඒ ? (දී)

:       0       0

සෙන්සා Friday, 28 March 2014 08:35 AM

මට නම් හිතෙන්නේ අශ්වයෝ ටික පැන්නට පස්සෙ කියලයි ඉස්තාලේ වහලා තියෙන්නේ. (නි)

:       0       0

නන්ද Thursday, 27 March 2014 07:03 PM

ඔය විදිහට රට සවාරි යන එක කවුරු කවුරුත් නැවැත්වුවොත්, එහෙමත් නැත්නම් සීමා කළොත් කොපමණ මුදලක් අපට ඉතුරු කරගෙන රටේ අත්‍යවශ්‍ය සංවර්ධන වැඩ කටයුතු කරන්න පුලුවන්ද? (නි)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 07:10 PM

වේදිකාව උඩට ඇවිල්ලා, පක්ෂ පාට ඉස්සරහට දමලා, එක එක්කෙනාට ඇගිලි දික් කරන හුගක් උදවිය පස්සේ කරට උඩින් අත දමාගෙන එකට වැඩ. අහිංසක මෝඩ මිනිස්සු නිකන් කුළල් කා ගන්නවා. ඕකයි යතාර්ථය. මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා බොහෝ අය රජ සැප විඳිනවා.අපේ අයට තියෙන්නේ ඡන්ද ප්‍රතිපල බලා "හුරේ"කියලා, පහුවදා සිට බඩගෝස්තරේ ගැන හිතන්න.අනේ අපොයි! (නි)

:       0       0

ෆ්‍රෑන්ක්,ජර්මනිය Thursday, 27 March 2014 09:35 PM

කොහෙවත් යන්න එපා මන්ත්‍රීතුමන්ලා. යන තැනක ඡන්දෙ අවසන් වෙලාම යන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site