වයඹ පළාත් සභා මන්ත්‍රීන් 49 දෙනාගේ චීන හා තායිලන්ත සංචාරය මහින්ද රාජපක්ෂ ජනපති අණින් අත්හිටවූ බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා කියයි.
රුපියල් කෝටි තුනක් වැය කර කණ්ඩායම් තුනක් වශයෙන් මේ පිරිස සංචාරය ඇරැඹීමට නියමිතව සිටියහ.
මුල්ම කණ්ඩායම අද (27) පිටත්වීමට සිටියේය.
මහ ඇමැති දයාසිරි ජයසේකර හා ජවිපෙ මන්ත්‍රීන් හැර සෙසු සියල්ලෝම මේ සංචාරයට එක්වීමට සිටියහ.
පළාත් සභාව බලයට පැමිණ මාස හයක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අපි දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. එහෙම නොවෙයිද? එහෙම නොවෙයි නම් අපි පොලී ගෙවන ණය නේද ?එහෙමත් නෙවෙයි නම් කොහෙන්ද? (අ)
ජනපතිට ස්තූතියි .හොද වැඩක් (දිල්)
ඇයි මහ ඇමැතිට බැරි උනාද මොවුන් නවත්වන්න? (අ)
මෙයට විරුද්ධ වුයේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මන්ත්‍රීවරයා පමණයි. (අ)
රට සවාරි යන්ඩ පුළුවන් කාට විතරද (අ)
ඇත්තටම ජනාධිපති තුමා කරලා තියෙන්නේ හොඳ වැඩක් (දී)
බය වෙන්න එපා ගරු මන්ත්‍රී තුමන්ලා. ඔබලාට රට යන්න ලැබේවා. තව දින තුනකට පසු මෙය අනුමත වෙන බව අපිට විස්වාසයි. (අ)
ඡන්දේ නිසා වෙන්න ඇති (අ)
ඡන්දෙන් පස්සේ යමු .
අපට කොරන්න කියල දඟලලා යන අය කව්රුත් කරන කෙරුවාව තමා ඔය,(අ)
තායිලන්තේ එන මන්ත්‍රීලා ඇමතිලා බොහොමයක් එහෙදි කරන දේ දන්නවා නම් එයාල ඉගෙන ගන්න එහෙ යන්නේ නෑ! (අ)
තමන්ගේ දීමන වැඩිකරගන්න,අමතර වරප්‍රසාද ලබාගන්න නම් විරුද්ද පක්ෂය ආණ්ඩු පක්ෂය කියල නෑ දෙගොල්ලොම එකයි මේ එකමුතුව රට ගොඩනැගීමට එක් උනොත් (අ)
අපරාදේ මමත් යන්න හිටියේ. (ස)
" මහ ඇමැති දයාසිරි ජයසේකර හා ජවිපෙ මන්ත්‍රීන් හැර සෙසු සියල්ලෝම මේ සංචාරයට එක්වීමට සිටියහ." මොකද ඒ ? (දී)
මට නම් හිතෙන්නේ අශ්වයෝ ටික පැන්නට පස්සෙ කියලයි ඉස්තාලේ වහලා තියෙන්නේ. (නි)
ඔය විදිහට රට සවාරි යන එක කවුරු කවුරුත් නැවැත්වුවොත්, එහෙමත් නැත්නම් සීමා කළොත් කොපමණ මුදලක් අපට ඉතුරු කරගෙන රටේ අත්‍යවශ්‍ය සංවර්ධන වැඩ කටයුතු කරන්න පුලුවන්ද? (නි)
වේදිකාව උඩට ඇවිල්ලා, පක්ෂ පාට ඉස්සරහට දමලා, එක එක්කෙනාට ඇගිලි දික් කරන හුගක් උදවිය පස්සේ කරට උඩින් අත දමාගෙන එකට වැඩ. අහිංසක මෝඩ මිනිස්සු නිකන් කුළල් කා ගන්නවා. ඕකයි යතාර්ථය. මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා බොහෝ අය රජ සැප විඳිනවා.අපේ අයට තියෙන්නේ ඡන්ද ප්‍රතිපල බලා "හුරේ"කියලා, පහුවදා සිට බඩගෝස්තරේ ගැන හිතන්න.අනේ අපොයි! (නි)
කොහෙවත් යන්න එපා මන්ත්‍රීතුමන්ලා. යන තැනක ඡන්දෙ අවසන් වෙලාම යන්න. (නි)