රුපියල් අට ලක්ෂ පනස් දහසක් වටිනා රත්තරන් පටි 12 ක් සිය ගමන් මල්ලේ පතුලේ සගවාගෙන ඉන්දියාවේ බොම්බාය බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් පටි රාජසන්තක කළේය. අත් අඩංගුවට ගනු ලැබූ රන් පටි වල බර ග‍්‍රෑම් 170 කි. සැකකරු මේවා ඉතා සූක්ෂම ලෙස ඔහු රැගෙන ආ ගමන්මල්ලේ රෝදය අසල පතුලේ සගවා තිබූ බව රේගුව කියයි. සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 45 වියැති ව්‍යාපාරිකයෙකි. ඔහු අද ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ බෝම්බාය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එහිදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරක් අනුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවිර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයා පටි රෝල් කරගනී
රංජනී Sunday, 09 June 2013 10:51 AM
වැඩේ හොදා, දඩේ මදි.(නදී)
රංජිත් සිල්වා Saturday, 08 June 2013 08:36 PM
දඩ ගැහුවනම් එයාගේ නම දාන්න පුළුවන් නේද? වංචා කරන යට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ලජ්ජා කරන එක. එතකොට අනිත් අයත් පාඩම් ඉගන ගනී.(නදී)
චන්ද්‍රා-ඇමරිකාව Saturday, 08 June 2013 09:34 PM
ගුවන් තොටුපොල අරක්ෂක අංශ වල අයටත් ප්‍රතිලාභ ලබාදී තවත් දිරි මත් කල යුතුයි.(නදී)
නසාර් Sunday, 09 June 2013 03:07 PM
මේ අය හොරු වෙන්නේ කොහොමද ? මේ මුදල් රජයට යන්නේ ? කාගේ ඔඩොක්කුවට යනවද කියන්නනම් දන්නේ නැහැ.(නදී)
ලලිත්-එස්.එල් Sunday, 09 June 2013 12:35 AM
අනේ දෙයියනේ ලක්ස 8 හොරකමට විසිපන්දහද දඩය ? ඉතින් බලාගෙන ගියාම මෙවැනි හොරුන් තව තවත් බිහිවෙන්න හේතුවක් තමයි මේ දඩ ක්‍රමයත්.(නදී)