නිවේදිකාවක් වීම තමන්ගේ සිහිනයක් නොවූවත්, තම උපාධියෙන් පසුව නිවේදිකාවක් වීමේ අරමුණෙන් ජාතික රූපවාහිනි නාළිකාවේ "ව්‍යාපාරික ලෝකය" තුළින් ඔබ හමුවට එන ඇය දිලිනි අනුත්තරාය. නිවේදනය ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඇය අපත් සමගින් මෙලෙසින් දොඩමළු වූවාය.
කොහොමද වැඩකටයුතු?
සුපුරුදු පරිදි රූපවාහිනියේ "ව්‍යාපාරික ලෝකය" වැඩසටහන කරගෙන ඉන්නවා.
ඊට අමතරව මුකුත් විශේෂයක් නැද්ද?
තියෙනවා. මම සැප්තැම්බර් මාසයේ මගේ එම්.බී එක කරන්න සූදානමින් ඉන්නවා.
පොඩි කාලයේ ඉඳන්ම ආසාව නිවේදිකාවක් වෙන්නද?
මට පොඩි කාලෙ ඉඳන් එහෙම අදහසක් තිබුණේ නැහැ. උසස් පෙළ අවසන් කරලා උපාධියක් කරන කාලෙදී තමයි මට හිතුණේ නිවේදිකාවක් වුණොත් හොඳයි කියලා. මට මුලින්ම ආසාව තිබුණේ පුවත් නිවේදිකාවක් වෙන්න. ඒකට තමයි මුලින්ම මම උත්සාහ කළේ. මම රූපවාහිනි සඳහා අයදුම් කළෙත් පුවත් නිවේදිකාවක් වෙන්න. පස්සෙ මට අවස්ථාව ලැබුණේ මෙම වැඩසටහන සඳහායි. දැන් මේ වැඩසටහන් ආසාවෙන් කරගෙන යනවා.
නිවේදනය වෘත්තියක් වශයෙන් කරගෙන යන්න බලාපොරොත්තු වන්නේ?
වෘත්තියක් විදිහටම නෙමෙයි. මම නිවේදනයට ආස නිසා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තව මේ පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනා. තවමත් අපි ආධුනිකයින්නේ. ඒවත් ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න ආසයි.
නිවේදනයෙන් සල්ලි හම්බකරන්න බලාපොරොත්තුවක් නැද්ද?
නිවේදන ක්ෂේත්‍රයෙන් සල්ලි හම්බ කරන්න බලාපොරොත්තුවක් නැහැ. නිවේදනය කරන්නේ ආසාවෙන්. මට ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳව උපාධියකුත් තියෙනවා. මම ඉස්සරහට එම්.බී එකත් කරන නිසා, ඒ පැත්තෙන් රැකියාවක් හොයාගෙන නිවේදනය විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.
වෘත්තීන් දෙකක් එකට කිරීමට හැකියාවක් ලැබෙයි කියලා හිතනවාද?
එහෙම හිතනවා. ඉස්සරහට ඒක සමබරව කරගෙන යන්න හිතනවා.
නිවේදන ක්ෂේත්‍රයට ඒමත් එක්තරා රැල්ලක්ද?
නිවේදනය අලුත් අය නිතර එකතු වෙනවා. ඒදේ හොඳයිනේ. මොකද හැමදාම අලුත් අයව දකින්න පුළුවන්නෙ. දක්ෂතාවක් තියාගෙන මේ පිළිබඳව ඉගෙන ගෙන ඉස්සරහට ආවොත් හොඳයි.
ඒ කියන්නේ මේ ක්ෂේත්‍රය පිළිබඳව යම්කිසි හැදෑරීමක් තියෙන්න ඕනාද?
ඔව් ඒක ඒ එන කෙනාට හොඳයි. එයාගේ දක්ෂතාව පෙන්නුම් කරන්න හොඳ අවස්ථාවක් වෙනවා.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. වැරදි තිබුණොත් පෙන්නලා දෙනවා.
සහයෝගය දැක්වූ පිරිස ගැන කිව්වොත්?
මගේ අම්මා ගොඩක් ආසාවෙන් හිටියා ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවට. ඉතිං අම්මා තාත්තා දෙන්නම මට ගොඩක් උදව් කළා. ඒ වගේම මගේ අක්කලා දෙන්නා මට උදව් කළා. මගේ යාළුවෝ, මම මාධ්‍ය පිළිබඳව මුලින්ම ඉගෙන ගත්තේ හරින්ද්‍ර ජයලාල් සර්ගෙන්. ඒ නිසා එයාවත් මතක් කරන ගමන් ජාතික රූපවාහිනියේ කාර්යය මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාවම මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සරසි නෙත්මිණි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'ව්‍යාපාරික ලෝකය' තුළින් ඔබේ ආලින්දයට එන දිලිනි