IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'ව්‍යාපරික ලෝකය' ඔබ හමුවට එන දිලිනි

2016-05-10-ent-47

රූපවාහිනි නාලිකාවේ 'ව්‍යාපරික ලෝකය' තුලින් ඔබ හමුවට එන ඇය දිලිනි අනුත්තරාය. නිවේදනය ක්ෂේත්‍රය තුලින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඇය අපත් සමග මෙසේ එක්විය.

 

කොහොමද දිලිනි?

හොඳින් ඉන්නවා.

 

කොහොමද වැඩකටුයුතු?

සුපුරුදු පරිදි රූපවාහිනියේ %ව්‍යාපාරික ලෝකය^ වැඩසටහන කරගෙන ඉන්නවා.

 

ඊට අමරතව මුකුත් විශේෂයක් නැද්ද?

තියෙනවා. මම සැප්තැම්බර් මාසයේ මගේ එම්බී එක කරන්න සූදානමින් ඉන්නවා.

 

පොඩි කාලයේ ඉඳන්ම ආසාව නිවේදිකාවක් වෙන්නද?

පොඩි කාලයේ ඉඳන් එහෙම අදහසක් තිබුණේ නැහැ මට. උසස් පෙළ අවසන් කරලා උපාධියක් කරන කාලයේදී තමයි මට හිතුනේ නිවේදිකාවක් වුණොත් හොඳයි කියලා. මට මුලින්ම ආසාව තිබුණේ පුවත් නිවේදිකාවක් වෙන්න. ඒකට තමයි මුලින්ම මම උත්සහ කලේ. මම රූපවාහිනි සඳහා අයදුම් කලෙත් පුවත් නිවේදිකාවක් වෙන්න. පස්සේ මට අවස්ථාව ලැබුණේ මෙම වැඩසටහන සඳහායි.

 

නිවේදිනයද වෘත්තියක් වශයෙන් කරගෙන යන්න බලාපොරොත්තු වන්නේ?

වෘත්තීයක් විදිහටම නෙමෙයි. මම නිවේදිනයට ආස නිසා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. තව මේ පිළිබඳව ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඕනා. තවමත් අපි ආධුනිකයිනේ. ඒවත් ඉගෙන ගෙන ඉස්සරහට යන්න ආසයි.

 

නිවේදනයෙන් සල්ලි හම්බකරන්න බලාපොරොත්තුවක් නැද්ද?

නිවේදනය කරන්නේ ආසාවෙන්. මට ව්‍යාපාරික කළමණාකරණය පිළිබඳව උපාධියකුත් තියෙනවා. මම ඉස්සරහට එම්බී එකත් කරන නිසා. ඒ පැත්තෙන් රැකියාවක් හොයාගෙන නිවේදනය විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

 

වෘත්තීයන් දෙකක් එකට කිරීමට හැකියාවක් ලැබෙයි කියලා හිතනවාද?

එහෙම හිතනවා. ඉස්සරහට ඒක සමබරව කරගෙන යන්න හිතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - දිලිනිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-05-10-ent-46
2016-05-10-ent-45



අදහස් (0)

'ව්‍යාපරික ලෝකය' ඔබ හමුවට එන දිලිනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site