දඹුල්ල හින්මොරගොල්ල ව්‍යාපාරිකයාගේ නිවසක සිරකර සිටි බව කියන 84 හැවිරිදි මව දඹුල්ල වැඩිහිටි නිවාසයට ඇතුළත් කොට සියලු වියදම් දඹුල්ල පොලිසියේ සියලු දෙනාගේ වැටුපෙන් ගෙවීමට තීරණය කළ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ .වීරසිංහ මහතා පැවසු විට සියල්ලෝම ඒ පිංකමට කැමැත්තෙන් දායක වීමට එකඟ වුහ.
පොලිසිය මෙම තීරණයට එළැඹියේ සිරකැර සිටි මව හදා ගත් පුතා පොලිසියට පැමිණ සිය මව බලා ගැනීමට නොහැකි බව පැවසීම නිසා යැයි පොලිසිය කියයි .
මෙසේ අසරණ තත්වයට පත් වුයේ ගලුද ගෙදර ඇලිස්නෝනා මාතාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා මැරුණු පසු---- කවදාවත් එන්නේ නැ. ඉන්න ජීවමාන වස්තුව අම්මා.කවදාවත් හමුවෙන්න බැරිවේවි,කතාකරන්න බැරිවේවි,දකින්න බැරිවේවි, හිතනවිට හුගක් දුක හිතේවි.(අ)
ඔබ තුමන්ලාට ජාති ජාතිත් පින් මේ කරපු වැඩේට.(නදී)
මෙවැනි පොලිස් නිලධාරින් පහල වීම ලක් මාතාවගේ පින් මහිමය නිසා විය හැක. ඔබ සියලු දෙනාටම සම්බුදු පිහිට පතමි.(නදී)
කවදා හෝ දවසක මොහුගේ දරුවනුත් මේ දේම මොහුට කරනවා.(නදී)
සාරධර්ම බිඳ වැටීමේ තත්ත්වය කියා පායි. ඇසීමට පවා අකැමැති ස්වභාවයකි. මෙවැනි අවස්ථාවල දී ක්‍රියා කිරීමට නීති සැකසිය යුතු ය.(නදී)
ඕකට කියන්නේ වෙන මොනවත් නෙවේ පවුකාරකම. කාලකන්නිකම කිව්වත් වැරදි නෑ. මම කිව්වේ ව්‍යාපාරිකයාගේ. (නදී)
මෙවැනි තිරිසන් මිනිස්සුගේ නම් ගම මාධ්‍ය මගින් හෙළි කලොත් වෙන කෙනෙක්වත් මේ වාගේ වැඩ කරන එකක් නැහැ. පොලිසියේ මහත්වරුන්ට නෝනා වරුන්ට යහපතක්ම වේවා! (නදී)
දමුල්ල පොලිසියට ප්‍රණාමය. පුතා අජාසත්වයෙකි.(නදී)
කරන්න තිබුණේ පුතාගේ ආදායමෙන් කොටසක් මහලු මඩමට ගෙවීමට නියම කරන්නයි. (ස)
මේ වගේ අයට අනාගතයේදී මේ වගේම විපාක විදින්න වෙයි (දිල්)
මහත්තයෝ ඔය ගොල්ලෝ ලොකු පින් කාමක් කර ගත්තේ.ඔබට සම්මා සම්බුදු සරණයි. (ත)
බොහොම හොද වැඩක්. දඹුල්ල පොලිසියේ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා! (නදී)
අර පොලිසියෙ මහත්වරුන්ට ගොඩක් පින් . (ත).
අපේ සංස්කෘතිය පිරිහෙන කරුණු නිතරම අහන්න දකින්න ලැබීමත් දුකක් (අ)
මෙවන් පුතුන් ජාති ජාති වාසනාවන් (අ)
මම හිතන්නේ මේ ව්‍යාපාරික පුතා පොඩි කාලේ අම්මගෙන් කිරි බීල නැතුව ඇති. ඒවගේම එයාටත් ළමයි නැතුව ඇති (අ)
අම්මත් ඔය පුතාව ඉපදුන වෙලාවේ එපා කීවා නම් එයටත් ඒකමි වෙන්නේ. ඕව ඔහුට පළදේවි (අ)
බුදු බනේ (පරාබව සූත්‍රයේ) තියනවා තමන්ට හැකියාව තියෙද්දී දෙමව්පියන් බලාගන්නේ නැතිනම් පිරිහෙනවා කියලා. ඕන් බලාගන්න වැඩි කල් යන්නේ නැහැ ඔය පුත්ට වෙන දේ. පිරිහෙනවා පිරිහෙනවා මයි.(නදී)
අසරණ තත්වයට පත් වු අම්මගේ නම නෙවෙයි අජාසත්ත පුතාගේ නම කියන්න.(නදී)
කවදා හරි දවසක ඔය ව්‍යාපාරිකයට වෙන්නෙත් මේ ටිකම තමයි.(නදී)
මේ වගේ කෙනෙක්ව හදා ගත්තේ ඇයි? (නදී)
සිය සිරුර තුල දුවන රතු රුධිරය ධවල වර්ණයට පෙරලා පෙවූ අම්ම නේද මේ ? අවාසනාවන්ත සල්ලි කාර පුත්‍රයා.(නදී)
අකල් මරණයක් හිමි නොවුනොත් ඔයාටත් වෙන්නේ වයසට ගිය දවසක ඔය දේම තමයි. එදාට ඔයාට කිසිම කෙනෙක් පිහිටට එන එකක් නැහැ.(නදී)
එම ව්‍යාපාරික පුතාගේ නමයි විස්තරයි එක්ක නිවුස් එක දාන්න තිබ්ඛෙ.(නදී)
සමාජේ පිරිහීමට වගකියන්න ඕනා ආගම දහම කියා දෙන්න ඉන්න අයයි.(නදී)
දඹුල්ල පොලිසියේ ඔබට බොහෝම පින්.(නදී)
අසරණයෙක් කියල ආදරෙන් සතෙක්ව හදාගත්ත එකේ පව් අම්මේ.(නදී)
පුතාගේ පින්තුරයක් දාන්න.(නදී)
ව්‍යාපාරික පුතා නරුමයෙක්. දඹුල්ල පොලිසියේ සියලුම මහතුන්ට මගේ උත්තමාචාරය.(නදී)
මේ පුතාට මේවා පලදෙයි.(නදී)
වැදුවත් නැතත් ඒ ඔහුගේ අම්මාය. (නදී)
මේ දරුවෝ නෙමේ. මේ අයට ආත්මයක් නැහැ.(නදී)
අපිටත් පිහිට වන්නට පුළුවන් පොලිස් ස්ථානදිපති තුමාගේ ලිපිනය වත් මෙහි පල කරන්නේ නම් මැනවි.(නදී)
පොලිසියේ මහත්තුරු කරගෙන තියෙන්නේ ලොකුම පිනක්. පුතාට යම රජුගේ පිහිට ලැබේවා.(නදී)
මෙවන් මිනිස් තිරිසනුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා (අ)
ඔය මිනිහා ...ඔය වගේ පුත්තු හැදුවාට බල්ලෙක් හදාගන්න තිබුනා (අ)
කවදාහරි ඔය පුතා මැරෙන්නේ මහපාරක ...දබුල්ල පොලිසියේ සියලු නිළධාරින්ට...අපගේ ප්‍රණාමය (අම්ම ....පෙව්කිරි කදුලින් මෙලොවමෙතරම් හැඩඋනේ ) (අ)
මෙවන් දරුවන් රටට ජාතියට මහත් ආඩම්බරයක් !!! හැබැයි පුතේ උඹගේ පරාජය වැඩි ඇතක නොවේ !!! (අ)
කවුද ඔය අජාසත්තයා ......? (අ)