ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රියාව අතර ගුවන් ගමන් සේවාවක් වසර 10 කට පසු අද (28) සිට යළි ආරම්භ විය.
ඕස්ට්‍රියා ගුවන් සමාගමට අයත් බෝයිං 767-300 වර්ගයේ ධී 047 දරණ ගුවන්යානය වියානා අගනුවර සිට අද පෙරවරු 7.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ආරම්භක අදියරේ දී දෙරට අතර සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක‍්‍රියාත්මක වන අතර ලබන අප්‍රේල් මාසයේ සිට සතියකට ගමන් වාර තුන බැගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, ඔයත් ඉතාලි වල ඉන්න ඔලුව ඉදිමුණ කෙනෙක් වගේ. වෙන්නප්පුවේ හෝ වේවා, මීගමුවේ හෝ වේවා ඔක්කොම ලංකාවේ මිනිස්සු. (නි)
සුබ ආරංචියක් (නි)
යහපාලානේ සුබවාදී තවත් ජයග්‍රහණයක් , ජය වේවා කිවුවා(ම)
මෙවැනි ගුවන් ගමන් සෑම රටක් සමඟම ඇතිකර ගන්න. රටේ ආර්ථිකය ගොඩගත හැකියි. (නි)
අපේ රටට තව තවත් ගුවන් ගමන් ලැබෙන්න ඕනේ. (බ)
රටවල් අතර ගුවන් ගමන් සම්බන්ධතා ඇතිකර ගැනීම ආර්ථික මෙන්ම සහයෝගිතා වර්ධනය කෙරෙහි බලපානවා. හොඳ දෙයක් (නි)
කරුණාකරලා ගුවන් යානයක් මිලානෝ සිට කටුනායකට දමන්නත් කටයුතු කරන්න (නි)
අපෝ ජයන්ත ඔයා හිතුවද ගුවන් ගමන් ආරම්භ කරන්නේ සමෘධි ආධාර යටතේ කියල මිලානෝ ඉඳල කටුනායකට ගුවන් යානයක් ඉල්ලන්න? මේවා අන්තර්ජාතික ව්‍යාපාර, කටයුතු කෙරෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. ඔබ මීගමුවේ හෝ වෙන්නප්පුවේ කෙනෙක්ද?....(රේ)
මිලානෝ සිට කටුනායකට ගුවන් යානයක් දමන්න කටයුතු කලොත් ඉතාමත්ම කාලොචිතයි....(රේ)
රට දියුණුවෙනවා දකින්න අපිත් ආසයි (නි)
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
පිටිගල, ජයන්ත කියන්නේ මිලානෝ සිට කෙළින් ගමනක් නොවෙයි. (නි)