
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය .
වර්ෂාවත් සමඟ හමාගිය සැඩ සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුම ට ද දැඩි ලෙස හානි සිදුව තිබිණි . නිවාස රැසක වහල සුළගේ යාමෙන් හා ගස් කඩා වැටීමෙන් එම හානි සිදුවී තිබිණි.
පස්වරු හය පමණ වන විට ලැබී ඇති තොරතුරු අනුව නිවාස විසිපහකට පමණ හානි සිදුවී සිදු වී ඇතැයි ද තවත් හානි සිදු වූ න වූ නිවාස හෝ දේපළ හා පුද්ගලයන් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට ක්‍රියා කරන බව ද ආපදා සහන නිලධාරීන් යොදවා ප්‍රදේශයට සිදුවී ඇති හානි පරීක්ෂාකර පීඩාවට පත් ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ ය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd