IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වියදම් සොයාගැනීමට නොහැකිවී කී‍්‍රඩිකාවෝ දෙදෙනෙක් විසිවෙති

වියදම් සොයාගැනීමට නොහැකිවීම නිසා ප‍්‍රවීන කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ලෝක මේස පන්දු ශූරතාවලියෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලින් ඉවත්ව සිටින බව මේසපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලිය මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදීත් ලෝක ශූරතා මේසපන්දු ශූරතාවලිය මැයි 11 සිට 15 වැනිදා දක්වා ප‍්‍රංශයේ පැරීස් නුවරදීත් පැවැත්වේ.

මෙම තරගමාලා සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා කණ්ඩායම්වලට වියදම් දීමට කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත. වියදම් සොයා ගැනීම මේසපන්දු සංගමයේ වගකීමක් බව කී‍්‍රඩා අමාත්‍යාංශය අවධාරණය කරතිබේ.

වියදම් සොයාගත නොහැකිවීම නිසා තරග සංචාර වලින් ඉවත්වූ එරන්දි වරුසවිතාන හා උමායා ටෙහානි වෙනුවට ශී‍්‍ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට පවනි සිරිසේන හා ප‍්‍රවීනා සිල්වා ඇතුළත් කර තිබේ. ඉෂාරා මධුරංගි, නුවනි නවෝද්‍යා හා රිද්මි කරඳආරච්චි මෙවර ලෝක ශූරතා හා පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගමාලා සඳහා සහභාගීවන සෙසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ වෙති.

මේ අතර තරග සංචාර සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට කී‍්‍රඩකයන් පස්දෙනෙකු නම් කළත් ලෝක ශූරතාවලියට සහභාගීවන්නේ ඉන් කී‍්‍රඩකයන් තිදෙනෙකු පමණි. ඒ සමස්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රොහාන් සිරිසේන ඇතුඑව නිර්මාල් ජයසිංහ හා උදය රණසිංහ පමණි.

වියදම් ගැටඑ හේතුවෙන් මිලින්ද ලක්ෂිත හා යසිත් කාවින්ද නවදිල්ලි නුවරදී පැවැත්වෙන පොදුරද මඬුලූ ශූරතාවලියට පමණක් සහභාගීවීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

ජගත් රාජපක්ෂ මහතා මෙම තරග සංචාර වලදී සමස්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරු ලෙසත් කටයුතු කරයි. තමාරා ඩෝරින් මහත්මිය කී‍්‍රඩිකාවන් භාර නිලධාරිනිය ලෙස නම්කර තිබේ.

කාන්තා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් බහුතරයක් පාසල් සිසුවියන් වන අතර පිරිමි කණ්ඩායමේ උදය රණසිංහ මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවෙකි. සංචාරයට එක්ව සිටින කී‍්‍රඩිකාවන් වැඩිදෙනෙකු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සිසුවියෝ වෙති. පවනි සිරිසේන කුරුණෑගල මලියදේව ආදර්ශ බාලිකා විදුහලේ සිසුවියකි.

මේ අතර මෙම ප‍්‍රධානතම අන්තර්ජාතික තරගමාලා සඳහා ශී‍්‍ර ලංකාවේ පෙර සූදානම ප‍්‍රමාණවත් නොවූ බවට චෝදනා එල්ල වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මේසපන්දු සංගමයේ නිලවරණය කැඳවූ සමයේ තෝරාගත් බැවින් ඒ කෙරෙහි නිලධාරීන්ගේ උනන්දුව ප‍්‍රමාණවත් නොවූ බව එහිදී හෙළිවී තිබේ.

කෙසේ වුවත් මීට දින ගණනාවකට ඉහතදී ලෝක ශූරතා හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරග සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පූර්ව පුහුණුවීම් ආරම්භ කළ බවත් වාර්තාවේ. කී‍්‍රඩිකාවන් භාර නිලධාරිණිය සම්බන්ධයෙන්ද ගැටඑ සහගත තත්ත්වයන් පවතින බව මේසපන්දු ප‍්‍රවීනයෝ පිරිසක් ‘ලංකාදීපයට’ පැවසූහ.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි 04 වැනිදා දිවයිනෙන් පිටත්ට යයි.

 



අදහස් (0)

වියදම් සොයාගැනීමට නොහැකිවී කී‍්‍රඩිකාවෝ දෙදෙනෙක් විසිවෙති

චතුරිකා ලියනගේ Monday, 29 April 2013 01:33 PM

ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රීඩා අතර බොහෝ ගැටළු සහගත තත්වයක තිබෙන ක්‍රීඩාවන් අතරින් එක ක්‍රීඩාවකි ශ්‍රීලංකා මේස පන්දු. සුදුස්සාට සුදුසු තැන ලැබීමේ දුෂ්කරම අඩියක තිබෙන මෙම ක්‍රීඩාව ගැන බලදාරින්ගේ අවදානය සැබවින්ම ලැබිය යුතුයි. එම අවදානය ඉක්මනින්ම ලැබී ක්‍රීඩාවේ අනාගතයට සුදුසු පියවර ඉක්මනටම ගතහොත් අප මව් බිමට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වන බව අනිවාර්ය වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අනුග්‍රහය සහ නිසි පහසුකම් ජාතියේ ජයග්‍රහණ වලට මහත් රුකුලක් වේ.

:       0       0

අමල් Saturday, 27 April 2013 10:21 AM

අපේ ක්‍රීඩාව ට ගිය කල ! (ස)

:       0       0

තරිඳු Saturday, 27 April 2013 10:21 AM

පව් අප්පා...(ස)

:       0       0

ශාමන් Saturday, 27 April 2013 10:23 AM

විනාසයි..(ස)

:       0       0

සුප්‍රා Saturday, 27 April 2013 11:43 AM

දැන් දෙමව්පියන්ගේ උනන්දුව නිසා කරගෙන යන ටිකක් දෙනෙක් විතරයි ඉන්නේ. රටේ අනිත් හුගක් දේවල් වලට වෙනවා වගේ , මේකත් එක දෙයක් පමණි. සතියකට ඉස්කෝල 4 කට වඩා පුහුණු ගිවිසුම් ගහගත්තු පුහුණු ගුරුවරු ඉන්නවා. තමුන් ලංකාවට ගෙන්වන වෙළද නාමය නැතුව වෙන වෙළද නාමයක් සහිත මේස පන්දු ක්‍රීඩා උපකරණයක් පාවිචි කළොත් ඒ ළමයාගෙන් පලිගන්න ගුරුවරු ඉන්නවා. මේ දේවල් දිහා ඇස් ඇරලා බලන්න කවුරුත් නැහැ (නි)

:       0       0

උපුල් Saturday, 27 April 2013 11:44 AM

මන්දපෝෂිත, මන්දබුද්ධික අපේ ජාතියට ජය වේවා! (නි)

:       0       0

අසේල Saturday, 27 April 2013 02:15 PM

අනේ පව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site