(ඉන්දිකා රාමනායක)
මීගමුව පොලිසියට වාර්තා නොවූ පැමිණිල්ලක් වාර්තා වූ පැමිණිල්ලක් බවට සටහන් කර කූඨ ලේඛන සකස් කර කාන්තාවකට පැමිණිලි පිටපත් 4 ක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ, සිවිල් ආරක්ෂක භට කාන්තාවකට එරෙහිව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇත
මීගමුව මුලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මීගමුව මුන්නක්කරය ප්‍රදේශීය පදිංචි කාන්තාවකට මොවුන් මෙම ව්‍යාජ පැමිණිල්ල සටහන් කර පිටපත් ලබා දී ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
පොලිසියේ පැමිණිලි සටහන් පොත් පරික්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd