(ගයාන් සූරිය ආරච්චි)

ව්‍යාජ ඩොලර් නෝට්ටු ඇතුළු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,100 ක් සමඟ එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ඩොලර් නෝට්ටු 624 ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 251 ක් පොලිස් භාරයට  ගෙන ඇත.

එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් බව කියන මුද්‍රණ යන්ත්‍රයක්, වර්ණකාරක සඳහා උපයෝගී කර කරගන්නා උපකරණ ඇතුළු භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගෙන ඇත.