(තිලකරත්න දිසානායක)
"කීරි සම්බා" සහල් යැයි කියා ගම්පහ සතොස ශාඛාවෙන් පාරිභෝගිකයකු මිලදී ගත් සහල් කීරි සම්බා නොවන බවට පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථවීම නිසා එම සතොස ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.
පාරිභෝගිකයකු කළ පැමිණිල්ලක් මත ගම්පහ සතොස ශාඛාව වෙතින් ලබාගත් කීරි සම්බා ලෙසින් අලෙවියට තිබූ සහල් සාම්පලයක් , බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් පරීක්ෂාවට ලක් කොට ලබාදී ඇති වාර්තාව පදනම් කරගනිමින් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
ගම්පහ ප්‍රදේශයේ පාරිභෝගිකයකු පසුගිය ජනවාරි 26 වෙනි දින ගම්පහ සතොස වෙතින් මිලදීගත් " කීරි සම්බා " කිලෝ පහක ප්‍රමාණය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත මේ පිළිබඳව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි මහතා වෙත දැනුම් දී ඇති අතර මේ පිළිබඳව සොයා බලන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කොට ඇත.
මේ අනුව එම ඒකකයේ නිලධාරීන් විසින් ගම්පහ සතොස ආයතනයෙහි අලෙවිය පිනිස තිබූ "කීරි සම්බා " සහල් සාම්පල ලබා ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හරහා ඉබ්බාගමුව , බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ව්‍යාජ කීරි සම්බා අලෙවි කළ සතොසට නඩු