ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට සංදේශයක් බාරදීම සඳහා කොටි හිතවාදී, ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ කළ ඉල්ලීමක් චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර සිටී.
ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව සඳහන් කරමින් අදාළ සංදේශය චෙන්නායි හි සිටින ඇමෙරිකා කොන්සල් ජනරාල්වරයා හමුවී බාර දීමට වයිකෝ උත්සාහ කර ඇති අතර එම ඇමෙරිකා කොනසල් ජනරාල්වරයා තමා හමුවීම මඟ හැරිය බව වයිකෝ ඉන්දීය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇතැයි හින්දු වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි වෙච්ච දේ? (නි)
අය්යෝ පව්. දැන් විමල් වීරවංශට යි ගම්මන්පිලටයි බෙරිහන් දෙන්න මාතෘකාවක් නැති වෙලාම යනවා මෙහෙම ගියොත්. (බ)
මහින්ද කළේ කට්ටියත් එක්ක රට තුළ ජාතිවාදය අවුස්සලා ජනතාවගේ මනස විකෘතිකර දේශපාලන වාසි ගන්න බලයේ රැදිලා ඉන්න සැමදා. විදේශ සබදතා සම්පුරන්යෙන් විකෘති කරා එතුලින් නැගුනු ප්‍රතිපලය මානව හිමිකම් උගුලක පටලවලා රට ලෝකෙන් වෙන්කළා. දේශපාලන විද්‍යාවේ අවබෝධය සැමට මෙතුලින් වැටහෙනු ඇත. (බ)
වර්තමාන රජයේ දක්ෂතා ඉතා හොඳ පෙරනිමිතක් ගරු අගමති තුමා ලොව පිළිගත් නායකයා.(ම)
බොහොම හොඳ දෙයක් !!! (ම)
කොහොමද වැඩ? බුද්ධිමත්ව ලෝකෙත් එක්ක වැඩකරන්න, ඒ තුළින් ලංකාවට ප්‍රතිලාභ ගන්නේ කියලා අපේ අගමැතිතුමා පෙන්වනවා. ශක්තිමත් විදේශ ප්‍රතිපතියක් තිබෙනකොට කාටවත් රටට ඇඟිලි ගහන්න බැහැ. අද ඒ දේ තමයි පෙන්නුම් කරන්නේ (නි)