ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව මුළුමනින්ම වර්ජනය කළ යුතු යැයි කියමින් තමිල්නාඩුවේ චෙන්නායි නුවර පෙළපාළි ගිය මරුමලරච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (එම්.ඩී.එම්.කේ) නායක වයිකෝ ඇතුළු 300ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
දුම්රිය ගමන ද අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
තමිල්නාඩුවේ බොහෝ කඩ සාප්පු වසා තිබිණි.
ඊලාම් හිතවාදී එම්ඩීඑම්කේ ඇතුළු සංවිධාන 20ක් පමණ උද්ඝෝෂණය කරමින් පැවසුවේ චෝගම් සමුළුව ඉන්දියා රජය මුළුමනින්ම වර්ජනය කළ යුතු බවයි.
උද්ඝෝෂකයෝ චෙන්නායි බලා ගිය වයිගායි දුම්රිය පැයකට වැඩි කාලයක් නතර කරගෙන සිටියහ.
තවත් දුම්රිය ගමන් ද ඇන හිටියේ ය.
ඉන්දියාව චෝගම් සමුළුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු යැයි ද, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා යුද අපරාධවලට ලක් කළ නිසා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් අත්හිටුවිය යුතු යැයි කියැවෙන යෝජනාවක් තමිල්නාඩු මැතිසබරයේ දී පසුගිය ඔක්තෝබර 24 වැනි දා සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම 300ද? අල්ලනවා දානවා..දානවා අල්ලනවා... ඉවර කරන්නේ නැද්ද? ලංකා වෛකොත් චෝගම් වලට විරුද්ධව ගිහින් හිරේ යන්න ඕනෑ කිව්වලු. හිරේ දැම්මට කෑම බිම නොමිලෙනේ. අපේ සල්ලි. (නි)
බොරුවට විරුවෝ වෙන්න දගලනවා (නි)
රනිලුත් මේක වර්ජනය කරනවා...... (දී)
වයිකෝට හිරේ යනවා කියන්නේ නිවාඩුවට ගෙදර යනවා වගේ මට හිතෙන හැටියට. ඇයි දැන් කී පාරක් ඔහොම ගියාද? (ස) .
දැන් ඉතින් එයාලටමයි පාඩුව ..? (ස)
අනේ ඉන්දියාව ආවේ නැතයි කියලා අපි සමුළුව තියන්නේ නැද්ද ? (ස)
අපෙනුත් කට්ටිය එවන්නද? (ස)
වයිකෝලට චෝගම් නතර කරන්න බැහැ. චෝගම් ඉවර වෙන කල් කූඩුවේම ඉන්න වයිකෝ. (ස)
තමිල්නාඩුවේ ජනතාවට ගිය කලක්. (ස)
අපොයි තමිල්නාඩුවටම ගිය ඉන්දියාව.දැන් ඉතින් කියන කියන එක කරපල්ලකෝ... (ස)
දැන් පේනවා නේද කොටින්ට ඉන්දියාවෙන් කොයිතරම් උදව් තිබුනද කියලා. තමිල්නාඩුවට ඕනෑ විදියට නටන්න ඉන්දියානු ආණ්ඩුවට දැන් පුළුවන්. හැමෝම තමිල්නාඩුවටම යවන්නයි තිබුනේ. (නි)
අපේ අහවල් මල්ලිලා කළා වගේ ....බස් ගිනි තියලා, රජයේ ගොඩනැගිලි කුඩු කරලාා,පාරට ටයර් දාලා ගිනිතියලා ....වැඩිපුර යමක් විදිහට ඕන්නම් කෝච්චිත් ගිනිතියලා වැඩේට බහින්න කියලා කියමුද එයාලට? (නි)