තමිල්නාඩුවේ යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙසට තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැන්වීමත් සමග කුපිත වු තමිල්නාඩු අන්තවාදීන් වෙලිංටන් හමුදා විදුහල අසල උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ නිසා තමිල්නාඩුවේ නීල්ගිරි දිස්ත්‍රික්කයේ වෙලින්ටන් හමුදා කඳවුර වටා දැඩි ආරක්ෂ විධිවිධාන යෙදීමට ඉන්දීය රජයට සිදු විය.
මේ අතර තමිල්නාඩු පොලීසිය විසින් හමුදා විදුහල අසල උද්ඝෝෂණයේ යෙදුණු 150 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ උද්ඝෝෂණය සංවිධානය කැර ඇත්තේ කොටි හිතවාදීන් වන වයිකෝගේ පක්ෂයේ සාමාජිකයින් බව අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටිය නන්දිකඩාල් කලපුව පැත්තට අරන් යන්න තියෙන්නේ.(ස)
බලන්න ආයේ පුල්ලි මතුවීගෙන එනවද කියලා.(නදී)
නැත්නම් හංගපු ආයුද පෙන්නන එක්ක යමුද ?(නදී)
ඔය අත් අඩංගුවට ගැනිල්ල නම් පැය ගණනකට වෙන්න ඇති.(නදී)
මෙහෙට ඇවිත් රෙදි විකුනන, පරණ බඩු එකතු කරන, ගොයම් කපන, කුඹුරු කොටන, තොසේ කඩවල උයන, හෙට්ටි වීදියේ රන් බඩු හදන, පිටකොටුවේ කුලී වැඩ කරන දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් අපිත් පටන් ගම්මුද එලවන්න. ජයලලිතාට සහ ව්යිකොට තේරෙන්නේ එහෙම කරොත් විතරයි කට වහගෙන ඉන්න.(නදී)
වෛකෝ පිස්සු වැටෙන්න ඉතාම ලඟයි. මම වස් කවි කියන්න පටන් ගත්තා.(නදී)