විනිමය හා සුරැකුම් කොමිසමේ වී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින එහි හිටපු සභාපති නාලක ගොඩහේවා සහ ප්‍රදිප් එක්නැලිගොඩ පැහැරගෙනගොස් ඝාතනය කළ බව කියන සිදුවීමට සැකපිට රිමාන්ඩ් කර සිටින බුද්ධි අංශ නිලධාරීන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ජී.ඇල්.පීරිස් යන මහත්වරු අද (6) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩ ඝාතකයින් සහ අණ දුන් පුද්ගලයින් වහා අල්ලා දඬුවම් කරනු.(ම)
හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාවත් එදා මේ වගේ බැහැදැකීමට ඔබතුමන්ලා සිරමැදිරි වෙත ගියා නම් අද යන ගමන ගැන අපිට ප්‍රශ්නයක් නැත. (නි)
මේ ගොල්ලන්ට තියෙන දූෂණ වංචා කූට ලේඛන සැකසීමේ නඩු ඉක්මනින් විභාග කරලා වැලිකඩටම වෙලා ඉන්න මාර්ගය හදල දුන්නනම් දවස ගානේ මාධ්‍ය සංදර්ශන පෙන්න පෙන්න වැලිකඩ දුවන්න ඕන නැහැනේ .....(බ)
කුඩුවක් කලින් වෙන් කරගන්න වගේ ගිහින් තියෙන්නේ .තව ටික දවසකින් අමුතුවෙන් බලන්න යන්න ඕනේ නැහැ .එහෙටම වෙලා දේශනාවක් කරගෙන ඉන්න බැරිය (බ)
යන්තම් ගැලපෙන තැනට ගිහිල්ල ඔන්න (ම)
අනේ අහිංසක එක්නැලිගොඩ මහතා ...(ම)
කල ගුණ දන්නා මිනිස්සු එහෙම තමයි. තමුන්ගේ වැඩ කරපු මිනිස්සුන්ව අදත් ඒ අය අමතක කරන්නේ නැහැ. (ම)
කොණ්ඩය කළු කළාට ජී එල්ට වයස වැඩි නිසා සිහි කල්පනාව මදි. අනිත් දෙන්න ගෙන් විමල්ගේත් එයාගේ වයිෆ්ගේත් පාස්පෝර්ට් සහ උප්පැන්නේ නම වෙනස් කරපුවට වැලිකඩ රූම් එකක් බූක් කරන්න යනවා ඇති. අනිත් මහතා සල්ලි එකතු කරන්න යනවා ඇති. කවුරුත් ගණන් ගන්න එපා. පොඩි ළමයිනේ (බ)
මේ කට්ටිය මොකද හිර කාරයෝ බලන්න යන්නේ, එ්කෙන්ම තේරෙනවනේ කට්ටියම එකතු වෙලා ගේම ගහල තියෙන්නේ කියල, (බ)
මේ තුන්දෙනා ගිහින් තියෙන්නේ එතන කොහොමද බලන්න වෙන්නැති. මොකද එතෙන්ට යන්න වෙනවනේ ලඟදී. අනික මේ දේශපාලන අනාථයන්ට යන එන මන් නැතිව දැන් මේ හොයන්නේ හොරු සමග හොරු වෙන තවත් මගක්. (බ)
අනෙක් දෙන්නා ගැන නම් කීමට තරම් දෙයක් නැහැ. ජී. එල්. මහත්තයා ගැන තමයි කණගාටුව. හේතුව අපිත් අධ්‍යාපනය මත පදනම්වූ ආදායම් මාර්ග මත යැපෙන නිසා. (නි)
විමල් මහත්තයෝ ඔබ සිටි රජය මිනිසුන්ව අත්අඩංගුවට ගත්තේ නීති තර්ක ඇතිවද , රටට සේවය කළ යුධ හමුදා විරුවන් වුනත් යුද්දයකට අදාල නැතිව මිනි මරන්න තියෙන අයිතිය මොකද්ද ,එහෙව්, අයව අත්අඩංගුවට ගන්න බැරිද ? ගම්මන්පිල මහත්තයලට අද නීතිය කතාකරන්න ලැබිල තිබිමම අපි සතුටු වෙමු . කනගාටුවනම් එදා වැරැද්ද දැක දැක කටක් නෑරූ මේ මහත් වරුන්ගේ අද හැසිරීම ගැන. (බ)
ළඟදීම තමන් බෝඩින් වෙන්නයන ආණ්ඩුවේ බෝඩිමේ කාමර ඒ සි කරලාද කියලා බලන්න වෙන්න ඇති මේ තුන් කට්ටුවම යන්නේ. (අ)
මහාචාර්යතුමාගේ මොලයට මොකද වුනේ මේ තුට්ටු දෙකේ අයගේ පදයට නටන්නේ? (බ)
මහාචාර්යතුමෝ අසේවනාච බාලානං ඔබතුමා ඉතින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබුනිසා මෙහි තේරුම දන්නවද දන්නේ නැත. (බ)