විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් නැත්නම් ඔහුට රට යෑමේ ප්‍රශ්නයට බාධාවක් ඇති නොවන බවත්, රජය ඒ ගැන සොයා බලන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කරමින් වීමල් වීරවංශ මහතා ගුවන්තොටේ රඳවා සිටින බව කියා සිටියේය.
අගමැති ඊට පිළිතුරු දෙමින් පැවුසවේ අධිකරණයෙන් ඔහු රඳවාගෙන නැත්නම් රජයට ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, මෙයාට රට යන්න උදව් කරන්න ඉස්සරවෙලා උදේ 7.30 ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ විදිය ගැන හොයල බලන්න. නැත්නම් අපි මහජනයාටත් එහෙම ගන්න පුළුවන් විදිය කියල දෙන්න. (බ)
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම වරදක්. තරාතිරම නොබලා දඩුවම් දෙන්න (නි)
නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදී දේශපාලකයින් මේවට මැදිහත්වීම දැඩි ලෙස හෙළාදැකිය යුතුයි. (බ)
වීරවංශ තුමනි ඔබ විමසිල්ලෙන් කටයුතු කරන්න හැම දෙයක්ම සොයාබලා කටයුතු කරන්න (ම)
කිරි පොවා හැදුවත් සර්පයා සර්පයා මයි (ම)
පේනවා නේද අපේ දේසපාලකයන් රාජකාරියට අත පොවන විධිය ...වෙනත් රටවල මේවා හඳුන්වන්නේ පෙවරේෂන් කියලා. ශිෂ්ට සම්පන්න රටවල මෙවෙනි අත පෙවීම් සලකන්නේ බරපතල විෂමාචාරයන් ලෙසටයි (රේ)
අගමැති තුමා උඩු කරනකොට හොඳ මිනිහ නේද අනිත් වෙලාවට මරණ කන්න හදනවා. අගමැති තුමෝ මය සෙට් එකම රට යවන්න කෝ ජොලියේ ඉඳල එන්න කියල. ඔබතුමාලට ප්‍රශ්නයක් නෙතුව රට පාලනය කරන්න පුලුුවන් එතකොාට(රේ)
ධර්ම ජයවික්‍රම දැන් මොකෝ කියන්නේ විමල් මහත්තයත් අත්අඩංගුවේ (ම)
අනේ එහෙමවත් කරලා මෙයාව කොහොමහරි රට යවන්න (නි)
උදව් කරලා තියෙන්නේ උසාවි දාන්න අපි නොදන්න ලයිව්.(රේ්)
වෛරී දේශපාලනයෙන් තොර යහපාලනයේ සැබෑ මුහුණුවර. විමල්ගේ "දේශපාලන දඩයමක් " යන බොළඳ සටන් පාඨය නම් ඉවත් කළයුතුය. (නි)
අද උදේ 5 ට පොලිසියට ගිහින් පාස්පෝට් එක නැතිවුණා කියලා පැමිණිල්ලක් දාලා, උදේ 7.30 ට පාස්පෝට් ඔෆිස් එකට ගිහින් අලුත් එකකුත් අරගෙන. ලංකාවේ රාජ්‍ය සේවය කොතරම් කාර්යක්ෂමද? සන්තෝසේ බැහැ (නි).