ව්‍යාජ ගමන්බලපත්‍රය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික සමගි පෙරමුණේ නායක සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි කොළඹ කොල්ලුපිටිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අසාද් සාලි පැවසීය.
එවැනි වරදක් වෙනත් පුද්ගලයකු කළේ නම් ඔහු අනිවාර්යයෙන්ම දින 14ක් රිමාන්ඩ් කරන බවද ඔහු එහිදී කීවේය.
‘වත්මන් රජයේ අය වැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන තුරු අප සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. වත්මන් රජය මාස 6කට ඉදිරිපත් කළ අය වැයෙන් භාණ්ඩ මිල අඩු වුවද අය වැයකින් තොරව භාණ්ඩ මිල වැඩිවන ආකාරය මේ දිනවල දකිනවා. මුදල් ඇමැතිගෙන් බලාපොරොත්තු වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර ජීවන වියදම අඩු කරවීමයි. ප්‍රභූ පුතකුගේ විදේශීය බැංකු ගිණුමක ඩොලර් මිලියන ගණනක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණා. රජය ඒ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නැහැ. වත්මන් රජය සොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න මෙහිදී ජනතාවට ගැටළුවක් මතුවීම වැළැක්වීමට නොහැකියි‘ යනුවෙන්ද අසාද් සාලි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා ක්‍රියාකළ ආකාරයේ මම වැරද්දක් දක්කින්නේ නැහැ. විමල් වීරවංශ කියන්නේ ජනතා නියෝජිතයෙක්. අධිකරණයෙන් පරිබාහිරව දිය හැකි සහයෝගයක් තමා අගමැතිතුමා දෙනවා කීවේ. මේක හරි. විමල්ගේ අදහස් සමග එකග වුනත් නැතත් ඔහුගේ මතය ඔහුට අභිමත පරිදි ප්‍රචාරය කිරීමට අවශ්‍ය සහයෝගය රජයෙන් ලබාදිය යුතුයි. (බ)
එතකොට මෙයාට පුළුවන්ද අනුන්ගේ ගැහැණු උස්සන් එන්න? නිකං ප්‍රෝඩාවට ඉස්ලාම් ආගම සහ මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනීසිටිය. මෙයාගේ ක්‍රියාවල් කිසිසේත්ම ඉස්ලාම් ශරීයා නීතිය අනුමත කරන්නේ නැත. (බ)
අගමැති දුන්න සහයක් නා පර්ලිමෙන්ට් එකේදී ප්‍රශ්නේ ආපු වෙලාවේ ඇඟ බේරගන්න දුන්න උත්තරයක් එ්ක .විමල්ට වුන දේ අනුව එක දෙයක් පැහැදිලි වෙනවා අගමැති වැඩේ තද කළ බව නම් (බ)
ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට හෝ ඇමතිවරයෙකුට රටේ නීතිය බලපාන්නේ නැහැ කියන එකද..? ජනතාව මේ උදවියට ඡන්ද දෙන්නේ රටේ නීති කඩන්නද? "තරාතිරම නොබලා අපි දඬුවම් කරනවා " කියලා කිවුවා නේද? (නි)
ඒක අගමැතිතුමාගේ තීරණයනේ (නි)
මෙතුමා ඇත්තටම මොන පක්ෂේද ? (බ)
මට නම් පේන්නෙ දැන් රටට අගමැතිවරු ජනාධිපතිවරු කිහිපදෙනෙක් ඉන්නව වගේ. (ර)
අගමැති මෙයට මැදිහත් වෙලා කරපු දෙය වැරදී බව බහුතරයක් දන්නවා , (හේ)
බාලසුරිය ඔය ඔක්කොම එකම වල්ලේ පොල්. (බ)
අපි වරදිලා හරි හරි පාස්පෝර්ට් එකක් ගෙනිච්ච නම් අපිට මොකක්දවෙන්නේ ...(රේ)
විමල් අගමැතිගේ හොඳ යාලුවෙක්?...(රේ)
අනේ මන්දා මොනවා කියන්නද කියලා. (ර)
ඉස්සෙල්ලම මේ හොරාව අල්ලල ඉන්න ඕනෙ කැලෑ කැපුවට...(රේ)
රජයේ දෙබිඩි ප්‍රතිපත්ති දැන් දැන් ජනතාවට හෙළි වෙමින් පවතිනවා. ඡන්දය කාලේ කියපු දේවල් මතක නැතිවෙලා වෙන්න විදියක් නැහැනේ. හොරු , දුශිතයෝ , අපරාධකාරයෝ , ගැන කියපු විදියට නම් කිසිම දෙයක් මේ වෙනකොට නම් සිද්ධ වෙලා නැහැ. (ස)
ඉස්සෙල්ලම මේ පණ්ඩිතයාට දඬුවම් කරන්න (බ)
ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය ඇතැමුන් හට පෙනෙන්නේ දැනුයි. නමුත් මෙම ක්‍රියාවලිය සිදුවෙන බව ඡන්දයට කලින්ම විමල් වීරවංශ හිටපු ඇමතිතුමා විසින් කියූ බව අපටනම් මතකයි. (බ)
හොරා - හොරා- හොරා කියමින් මිනිසුන්ගේ මනසේ පැල පදියන් වෙන තාලයට ගොබල්ස් න්‍යාය ක්‍රියාත්මක කරපු ඡන්ද ව්‍යාපාරයෙන් පස්සේ ඇත්ත ට මුණ දෙන්න වෙනකොට නව රජයේ නොහැකියාව හැමෝටම දැන් පේන්න පටන් අරන් (බ)
අගමැතිතුමා ගැන නිර්දේශ දෙන්න මෙයා කවුද? (බ)
ඒත් ධර්ම, මමත් කියන්නේ අගමැතිතුමා කළ වැඩේ වැරදියි කියලයි. (නි)
කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියන්වලුනේ. (ර)