තමාගෙන් බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කරන ලෙස අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් මහාධිකරණයෙන් ඉල්ලා හිටපු නිවාස ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ඉවත දැමීය.
අල්ලස් හෝ දුෂණ කොමිසමට නොතීසි නිකුත් කරන ලෙසට රිට් පෙත්සම මඟින් විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීය.
ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවිණි.
COMMENTS
එහෙම තමයි. වෙන්න තිබෙන දෙයක් කාටවත් නවත්වන්න බැහැ (නි)
මාධ්‍ය ඉදිරිපිටට විත් ජනතාවට රඟදක්වන්නේ කිසිම දෙයක් නොකරපු අය විදියට (නි)
රටේ මෝඩ රාළලා ජාතික වීරයන් කරගෙන තියෙන්නේ නියම අයවනේ. සමහර දේශමාමක අයගේ ලැජ්ජා බය කියන එක තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. (නි)
අනිවාර්යෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මේ වගේ මහා ප්‍රගතිශීලියකු ඔහොම කරයිද? (නි)
එකපාරට මතු වූ වත්කම් ඉපයූ අයුරු හෙළිකරන්න කිවුවහම එ්ක නවත්වන්න පෙත්සම් දානවා. කතාකරද්දී නම් රටට හිතෛෂී දේශපාලකයෝ. ඔය මේ ආණ්ඩුව පෙරළන්න හදන්නේ ඕවායින් බේරෙන්න තමයි. මේ දේශපාලකයෝ කවදා රට ගැන මිනිස්සු ගැන හිතයිද දන්නෙ නැහැ. (නි)
බැලුවේ නැද්ද මොනවාහරි කරලා සිද්ධිය ගොඩින් බේරගන්න?? (නි)
පාද යාත්‍රා යනවා හැර වෙනමොනවා කරන්නද.මේ ආණ්ඩුව ඉක්මනට එලෙව්වේ නැත්නම් ඔක්කොටම හිරේ යන්න වෙනවනේ.හැබැයි ආණ්ඩුවේත් ඉන්නවා ගානක් දීල ශේප් කරගන්න පුළුවන් ගොපිලයෝ . (අ)
එහෙම අහෝසි කරන නියෝග දුන්නොත් ඕනෙම කෙනෙකුට ඕනෙම හොරකමක් දුෂණයක් කරලා ඊට පසුව එය අහෝසි කරන්න කියා ඉල්ලා හිටියොත් මොකද වෙන්නේ? මොවුන්ගේ එදා හා අද උපයාගෙන තිබෙන වත්කම් අනුව මොවුන් ඉන්න ඕනේ ඇතුලේ . (අ)
කට ඇරියොත් මෙයා වගේ දේශප්‍රේමි කෙනක් නැහැ. නමුත් වත්කම් හොයන්න එපාලු. (ම)
මොන සමාජවාදයක්ද ප්‍රියන්ත විමල් ළඟ? කවදද එහෙම එකක් තිබුනෙ? (අ)
ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ගිරිය පුප්පාගෙන කෑගහන සමාජවාදය කරපින්නාගත් ඇතැම් ජන නායකයින් සත්‍ය හෙලිවනවිට නැට්ට දෙපරන්ද අස්සේ ගසාගෙන දත් විලිස්සමින් දෙකට තුනට නැමෙන සුනඛයින් සේ පෙනේ. (අ)
හිතන්න ඇති එයාලගේ රජ කාලේ වගේ එයාලට ඕන . විධිහට අධිකරණ තීන්දු ගන්න, ඔය ධනය උපයාගත් . අන්දම කියන්න බැරි අනිත් අයත් කරාවි කියලද? (අ)
ප්‍රියන්ත සහෝදරයාට විශාල වැරැද්දක් වෙලා වගේ. ජාතිවාදී කුහකයෙකුට සමාජවාදියෙක් වගේද පෙනෙන්නේ. හොරා කෑ අය කොහොම වත්කම් උපයා ගැනීම් විස්තර කරන්නද?(අ)
ඉතින් වත්කම හෙළි කළානම් ප්‍රශ්නය ඉවරනේ. (නි)
අයියෝ දැන් මොකද කරන්නේ? (නි)
දැන් ඉතින් කට්ටියටම පැහැදිලිනේ ඇයි මෙයාලා පාද යාත්‍රා යන්නේ කියලා. (නි)
මෙතුමාගේ තියෙන්නේ පුදුම බුද්ධියක්. පුදුමයි මේකෙන් පැරදුන එක (නි)
වැඩ වරද්දාගෙන දැන් කෑගහනවා බොරුවට. (නි)
ලෝකයේ බොරුවෙන් ජීවත්වන අයගේ තරඟයක් තිබ්බොත් පළවෙනියා වෙන්නේ කවුද දන්නවද? (නි)
මෙයාලගේ හොරකම් වහගන්න පාද යාත්‍රා තමා යන්න ඕනෑ (නි)
මහා ලොකු විප්ලවවාදියා, දේශප්‍රේමීයා බිරිදගේ වත්කම් හෙළිකරන්න කිව්වහම උසාවි නියෝගයක් ඉල්ලලාද? (නි)
ධනපති පන්තියට රිංගන්න හැදුවත් ගන්නෙ නැහැනේ (නි)
මෙයාලා රටට බරක්. බොරුවට කෑ ගගහා අනුන්ට ගරහ ගරහා ඉන්නවා (නි)
සෙරෙප්පු දෙකක්වත් නැතුව හිටිය සමහර කට්ටියට රුපියල් කෝටි 2000 කට වැඩිය වත්කම් තියෙන්නේ කොහොමද? (නි)
හොරු පාද යාත්‍රා යන්නේ දැනට කෙරීගෙන යන පරීක්ෂණ යටගහන්නත්, එම නිලධාරීන් බිය ගන්වන්නත්ය. මොන පාද යාත්‍රා තිබුනත් ජනතාව දැනුවත් කරන්න අපේ උපරිමයෙන් අපි කරනවා. (නි)
සමාජවාදී අය මෙතරම් බය මොකද.? (ර)
මෙයාගේ ගෙදර ඇති කරන බල්ලාගේ කුඩුවත් වායුසමීකරණය කරලා.අධි සුකොපබෝගී නිවාස දෙකේ විදුලි බිල් දෙක මාසෙකට රුපියල් 2,65,000 ක් .එක ගෙවන්නෙත් නිවාස අමාත්‍යංශයෙන්.ඒ කියන්නේ මහජන මුදලින්.කතාව කොහොමද? (අ)
මට පුදුම ඡන්දෙ දෙන ලක්ෂ 3 ක් ඉන්න එක. (ර)
මේ වෙලාවේ සමහර අය විවිධ අවශ්‍යතාවන් සඳහා පාරවල්වල පයින් ඇවිදිනවා. ඔහේ ඇවිදිනවා. (ර)
දැන්නම් කාලය නරකයි වගේ (නි)
එහෙම හෙළිනොකර ඉන්න පුලුවන්ද? (නි)
ප්‍රියන්ත, සමාජවාදියෝ මව්බිම ගැනවත් ආගම ගැනවත් කතාකරන්නේ නැහැ. ඒ දෙකම ඇති මෙයාලගේ මිම්ම මනින්න. (නි)
රෙදිත් ඇඳගෙන කොහොම මේ ඉල්ලීම කරනවද මන්දා? (නි)
ඇයි හොරකම් කළේ නැත්නම් මෙච්චර බය? අනේ මෙයාලගේ පුරසාරම්! (නි)