හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ද, ඔහුගේ උපන් දිනය වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අද (23) බී වාර්තාවක් මඟින් අධිකරණයට දැන්වීය.
ඒ වාර්තාව අනුව ඔහු ඉපැදී ඇත්තේ 1965.03.07 වැනි දා ය. පසුව එය 1970.03.07 වශයෙන් වෙනස් කර ඇත. ඔහුගේ බිරිය ශෂීගේ සැබෑ උපන් දිනය 1967.02.01 වැනි දා ය. ඇය එය 1971.02.03 වශයෙන් වෙනස් කර ඇත.
ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්නවලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වීරවංශගේ බිරිය ශෂී නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සෙහාෂා උදයකාන්ති නොහොත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිහර්ෂා උදයකාන්තිද ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගෙන ඇත. එකක් 1967 දීය. එහි අංකය 675320233 වෙයි. සිහර්ෂා උදයකාන්ති නමින් ඇය 1971 දී ලබා ගත් ජාතික හැදුනුම්පතේ අංකය 715344696 වෙයි.
මේ අනුව වීරවංශ අවුරුදු පහකින් ද, ඔහුගේ බිරිය ඔවුන්ගේ වයස අවුරුදු හතරකින් ද උපන්දින වෙනස් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වීරවංශගේ බිරිය N1284124 හා D3642817 යන අංක යටතේ ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන ඇත. ඇය එම හැඳුනුම්පත් හා ගමන් බලපත් උපයෝගී කරගෙන බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන ගනුදෙනු කර ඇතැයිද හේවාපතිරණගේ චමින්ද පෙරේරා ජනවාරි 23 වැනිදා කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ඇරඹීයයිද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇය අසනීපයෙන් පසුවන බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා පරීක්ෂා කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන පිලපිටිය මහතාගෙන් අවසර ඉල්ලා තිබුණි.
ඇගේ කට උත්තරයක් ගැනීමට හෝකන්දර මංගල මාවතේ නිවසට ගිය අවස්ථාවේ ඇය නොසිටි බවත් ඒ අනුව නීතිපතිගේ උපදෙස් පැතූ බවත් පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කළේය. මේ අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු රහස් පොලිසියට දන්වා ඇත්තේ ඇය මාලඹේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළු කළ බවයි. පෙබරවාරි 22 වැනිදා උසාවි නියෝගයක් ලබා ඇය අධිකරණ වෛද්‍ය නිලධරයකු ඇය පරීක්ෂා කර අත් අඩංගුවට ගත් බව පොලිසිය කීවේය. අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. ඉලංගවන් මහතා ඇය පරීක්ෂා කර පවසා ඇත්තේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට සුදුසු මානසික තත්ත්වයක ඇය පසුවන බවයි. එහෙත් රහස් පොලිසිය ඔහුගේ වාර්තාව උසාවිය කල් තබන තුරු ඉදිරිපත් කළේ නැත. ඒ අනුව ඇය මාර්තු 9 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස බන්ධනාගාර අධිකාරීට නියම කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් මහත්තයෝ අපි අලුත් ආණ්ඩුව පත්කළේ මෙවැනි දුෂණ වංචා කරන ඒවා නවත්තන්නත් එක්ක තමයි.ඇයි එකේ තියෙන වැරැද්ද මොකද්ද ?(හේ)
දී කිරට බළල්ලුත් සාක්කි ! වෙන වැඩ නැතිවට මේ අයට පිස්සු .(හේ)
රජය විසින් සියලුම පුරවැසියන්ට අනිවාර්යෙන්ම ලබාදෙන ලිපිලේඛන වල මොවුන් මෙසේ වංචා කළානම් තව මොනවද ඉතින් මොවුන් ගැන කතා කරන්න තියෙන්නේ. (නි)
විමල්ගේ පාසල් අවධිය දන්නා අයෙක් ලෙස හා සහ ඔහුගේ සමකාලින මිතුරන් ඇසුරු කරන්නෙක් හැටියට විමල්ගේ වයස 1970 සිට වෙන්න ඕන මගේ විශ්වාසයේ හැටියට නම් ..විමල් අවුරුදු 10 දි පාසලට ඇතුළු වුණා කියනවා නම් ඒක බොරුවක් (දිල්)
දින සීය ඉවර වෙන්නත් ළගයි . පොරොන්දු ඒ විදියහමයි. අනුන්ගේ කුණු හොයන්නේ නැතිව රටට වැඩක් ඇති දේවල් කරන්න.මේවා මහා අපරාධ නෙවෙයිනේ (දිල්)
දැන්නම් වීරවංශ ගොයියට කියවෙනවා ඇත්තේ 'අයියෝ සිරිසේන' කියල නෙමේ, ' අනේ සිරිසේන මහත්තයෝ මාවයි මගේ ගෑනියි බේරලා දෙන්න' කියල වෙන්න ඇති. (නදී)
ජනතාවගේ ප්‍රශ්න වලට වැඩිය වැදගත් මේවා තමයි. ඔහොම යමු. ජයවේවා! (නි)
යමෙක් කියන විදියටම වැඩකළ යුතුයි.නැත්නම් ඔහු කරන්නේ වංචාවකි (නි)
දෙදෙනාටම උපරිම දඬුවම් දෙන්න (නි)
අනේ දෙවියනේ විමල් මහත්තයෝ! (නි)
දැවෙන ප්‍රශ්නනේ මේවා ඉතින් රටේ! (නි)
රටේ නීතිය කාටත් පොදුයි. විදේශ ගමන් බලපත්‍ර වංචාවකට පුරවැසියෙකු අත්අඩංගුවට ගත් පසු, වසරක් ඇප නැහැ නේද? ලිපිගොනුව වසනු ඇත. නීතිය කාටත් පොදු නම්, යහපාලනය එය නම්, කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න. එවිට යහපාලනය ඇතිවනු ඇත. (නි)
රොෂාන්, ආණ්ඩුව පත්කිරීමේ එක හේතුවක් නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කිරීම. (නි)
දෙන්නටම අවුරුද්දක් ඇප නැතුව පොදු නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
තමන්ගේ උපන්දිනයටත් හොර වැඩ කරනවා නම් ඉතිරි වැඩ ගැන කවර කතාද? (නි)
මේ දෙන්නගේ විස්තර එළියට එනකොට තව හොඳ හොඳ දේවල් එළිවෙයි (නි)
මට නම් ඕකේ කිසි වරදක් පෙනෙන්නේ නැහැ. ඉස්සර සිටි සත්‍යවාදී, වාමාංශික, පිඩිත පන්තිය වෙනුවෙන් කතාකළ වීරවංශ නෙමෙයි දැන් ඉන්නේ. (නි)
රොෂාන්, මට තේරෙන්නේ නැහැ මහත්තයෝ ඔබතුමා කියනදේ. ඒ කියන්නේ, හොර පාස්පෝර්ට් වංචා කිසිදෙයක් මීටපස්සේ හොයන්න එපා කියලද? එහෙම නැත්තම් වීරවංශ නෝනාගේ හොර පාස්පෝර්ට් වංචාව ඇරෙන්න අනිත් අයගේ හොර පාස්පෝර්ට් විතරක් හොයන්න කියලද?කවුද ඔයාට කිව්වේ මේකේ ජාතික වැදගත්කමක් තියෙනවා කියලා?මිනිස්සු ආණ්ඩු පත්කළේ නීතියට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න. දැන් ඒක සිද්ධවෙනවා. (නි)
කුඩු ටොන් ගණන් ගෙනා වෙළේ සුදා අල්ලාගත්තා. ඒ කුඩු ගබඩාකළ තැන්, ප්‍රවාහනය කළ වාහන කිසිවක් තවම අල්ලන්න බැරි වුණේ ඇයි? (නි)
අනේ මන්දා....! මීටත් වඩා ලොකු හොරු ඉන්නවා අල්ලන්න. (නි)
දැන් ඕක තමා අලුත් ආණ්ඩුවට තියන ප්‍රදාන ප්‍රශ්නය . (අ)
මේ ගොල්ලෝ "මැරි-මැරි" උපදින සත්ව කොට්ටාශයක් වගේ නේද? (අ)
පුදුමයි අපි අහල තියෙන්නේ හොරෙන් වයස අඩු කර ගන්නවා කියලා. විමල් මහත්තය අවුරුදු පහක් වැඩි කරගෙනලු. විමල් මහත්තයා ඉපදුනේ 70 කියල එතුමාගේ පාසල් සමකාලීනයන් වන අපි හොදින් දන්නවා. මේක නම් යහපාලනයේ ආනිසංශයෙන් සිදුවුණු විශ්මිත දෙයක්. (නදී)
මඩ ගහන්න අලුත් ලිපිගොනු හදන්න ඇති. (අ)
එහෙනම් කුඩා බණ්ඩාව තියෙන එකක් නැහැ. ඉල අට කැඩෙන්න දහයක් පහළොවක් ඇනල, ඕවට උදවු කරපු නිලධාරීන්වත් අල්ලලා නඩු එකක් නොවෙයි. වැලක්ම පටලවල, ඇපත් නැතුව දවස් 14 න් 14 ට මහර හරි වැලිකඩ හරි යවල, කල්දේරම් බත් කන්න වෙනවා වෙනවාමයි. (අ)
මහේෂි, රොෂාන්, ටිකක් දුරට හිතන්න. ඔය හොයන දේවල් අස්සේ ඔබත් මාත් නොදකින බොහෝ වංචා දුෂණ කටයුතු ඇති. සමහරුන්ට ඒවා සෙවුවත් වැරදියි, නොසෙවුවත් වැරදියි. මේ සියල්ලක්ම සෙවිය යුතුමයි. ඒ යහපත් පැවැත්මක අනාගතයක් සඳහා. මේවා නොදකින ගානට සිටිනවා නම් රජයක් හා එවන් රාජ්‍යයක ව්‍යවස්ථාවෙන් ඇති ඵලක් නැහැ. (නි)
රොෂාන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද? (නි)
මහේෂිට හා රොෂාන්ට තේරුම්ගියේ නැහැ නේද මේ කාරණයේදී කාගේ හෝ පැමිණිල්ලක් අනුවද, නැත්නම් වෙනත් උවමනාවකටද පොලිසියේ රාජකාරි සහ අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක වන්නේ කියලා. පසුගිය පාලන කාලයේ නම් හෝඩුවාවක් ලැබුන ගමන්ම සැකකරු අත්අඩංගුවට අරගෙන තමයි පරීක්ෂණ පැවැත්වුයේ, චුදිතයා උසාවි දැම්මේ... නේද? (නි)
වෙලාවට අර කුඩු සම්බන්ධ එක්කෙනා නුගේගොඩ රැස්වීමට ගියේ නැත්තේ. නැත්නම් එයාගේ පරීක්ෂණත් ඉක්මන් වෙනවා සිකුරටම. (නි)
මෙයා සියල්ලම දන්නා සිංහයෙක් වගේ තමයි පසුගිය කාලේ කටයුතු කළේ. දැන් කළ වැඩ එක එක අහුවෙනකොට එයාගේ අනුගාමිකයන්ට ටිකක් අමාරුයි වගේ? වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා කියන්නේ ඕකනේ. වරදට උපරිම දඬුවම් දියයුතුයි. (නි)
මෙයා සියල්ලම දන්නා සිංහයෙක් වගේ තමයි පසුගියකාලේ කටයුතුකලේ. දැන් කරපු තුට්ටුදෙකේ වැඩ එක එක අහුවෙනකොට එයාගේ අනුගාමිකයන්ට ටිකක අමාරුයි වගේ? වීදුරු ගෙවල්වල ඉදන් ගල්ගහන්න එපා කියන්නේ ඕකනේ. වරදට උපරිම දඬුවම් දියයුතුයි. (අ)
තමන්ගේ වයස අනන්‍ය තාවය එක්ක හොර කරන එවුන් රට පාලනය කරයි නම් ඒ රටේ මිනිස්සුන්ට අබ සරණයි. (අ)
මෙයාගේ වත්කම්ද සොයා බලන්න. මීට වඩා කරතිබෙන සෙල්ලම් හෙළිවෙන්න පුළුවන්. අයියෝ වීරවංශ! (නි)
විමල්ගේ පාසල් අවදිය දන්නා අයෙක් ලෙස හා සහ ඔහුගේ සමකාලීන මිතුරන් ඇසුරු කරන්නෙක් හැටියට විමල්ගේ වයස 1970 සිට වෙන්න ඕනෑ මගේ විශ්වාසයේ හැටියට නම්.හැබැයි ඉතින් මොකක්හරි හේතුවකට පස්සේ උපන්දිනය වෙනස්කළාද කියන්න නම් දන්නේ නැහැ. (නි)
මහා අපරාධයක්. රටට, ජාතියට, අනාගත පරපුරට විශාල හානියක්. ඔය කුඩු කන්ටේනරයක් දෙකක් ගෙනල්ලා කීයක්හරි හොයාගන්නවා වගේ අහිංසක වැඩක්ද මේක? (නි)
ඒ වුණාට කතාකරන්නේ බෝධිසත්වයෝ වගේනේ. (නි)
ඒ අය මේ අයගේ වැරදි හොයනවා. මේ අය ඒ අයගේ වැරදි හොයනවා. අන්තිමට කියනවා අපිට අනිත් වැඩ කරන්න වෙලාවක් තිබුනේ නැහැ කියලා. රොෂාන්, ඔබගේ කීම නම් හරියටම හරි. (නි)
මේකත් වැදගත්. නැත්නම් මිනිස්සු තව තව මේ වගේ වැරදි කරයි. රටම ඉවරයි. හැබැයි මේ වගේම කුඩු කාරයෝ ගැණත් ඉක්මන් තිරණයක් ගන්න. ඒ දෙසත් අපි බලා සිටිනවා. (අ)
"ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්න වලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය" එතකොට අපිත් දරුවො ඉපදුනාම වයස වෙනස් කරන්න ඕනෙද? මේක මාර වැඩක්නේ? මේ වගේ අයට ද ඇමතිකම් දිලා තිබුනේ. මෙහෙම අය කෙහොම රාජකාරි කළා ද දන්නෙ නැහැ අමාත්‍යංශ වල. කැකිල්ලේ රජා වගේ ඉන්න ඇති. අනේ දෙයියනේ රටකට ගිහින් තිබුන කලක් (අ)
රොෂාන්,කතාකරනකොට මොනවද කියන්නේ කියල හිතල බලන්න. මේ වගේ දේවල් කොච්චර වැරදි දේවල්ද? මේ තැනින් තම ලොකු වැරදි කරන්න පෙළඹෙන්නේ. මේවා ජාතික වශයෙන් වඩා වැදගත් නැත්නම් රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ?(අ)
නරකම නැහැ . වයස අවුරුදු 10 න් අඩු කලා නම් පෙන්ෂන් එකත් නිකින්ම අවුරුදු 10 න් වැඩි වෙනවනේ. ජවජපෙ බේරුනා. මේ වගේ හොරු පක්ෂෙ හිටියනම් ඒකත් ඉවරයි මෙලහට. (අ)
මේ නෝනා කිපාරක් පිටරට ගිහින් තියෙනවද කියලත් කියන්නකෝ ජනතාවට දැනගන්න්ත් එක්ක. මොකද ඒවත් රටේ සල්ලි වලින් ගිය සංචාරනේ. ජාතිය ගැනැ කැක්කුමෙන් කතා කරන මහත්තයා රටේ සල්ලි කොච්චර පුද්ගලික පරිහරනයට ගත්තද කියලා අපි දැන ගන්න කැමතියි. (අ)
මිනිස්සු වැරදි ක්‍රියාවලට පෙළඹෙන්න ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමන් ජීවත්වන පරිසරයෙන් ලැබෙන ආදර්ශයෙන් . අනෙක පරම්පරාවෙන්, නැතහොත් උත්පත්තියෙන්ම පිහිටීමෙන්. ජන්ම ගතිය කියන්නේ එකටයි. විමල් මේ දෙකෙන් කොයි කොටසට අයිතිය කියලද හිතන්නේ? (අ)
කවුරු හරි වරදක් කළා නම් එයට නියමිත දඬුවම දීම වරදක් වෙන්නේ කොහොමද. මේ අය ප්‍රසිද්ද පුද්ගලයින් නිසා මේවා ප්‍රසිද්දියට පත්වෙනවා. මෙවැනි වරද කළ අයවලුන් අප නොදැනුවත්ව අදටත් හිරබත් කනවා ඇත්ද? පාසල් ගාස්තු ගෙවන්න පොල් ගෙඩි කීපයක් හොරකම් කල දැරිවියක් උසාවි දම රුපියල් 50000 අප මත නිදහස් කරපු රටේ මේවගේ දේවලට දඬුවම් දීම වරදක්ද? (අ)
රුසියාවට එරෙහිව දියත් කල ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. අවුරුදු 5කින් තරුණ වෙලා.(අ)
රොෂාන් මහත්තයෝ ඔයා කියන්නේ මේ රටේ මිනිස්සු හොරකම් වංචා කළාට කමක් නෑ කියලද? මෙවැනි ප්‍රශ්න දේශපාලන කණ්නාඩියෙන් බලන්න එපා. ආණ්ඩුව අවංකව වැරදි වළට දඬුවම් දෙනවා නම් වැරදි අඩු වේවි. එය මේ රටටට නුසුදුසු දෙයක් ලෙස හිතීම නිසා තමයි දූෂණය හා අපරාධ මෙන්ම අවනීතිය වැඩිවුනේ (අ)
දැන් හරි අපි ආණ්ඩු වෙනස් කළේ ඕක හොයා ගන්නනෙ. (අ)
ඔවුන් මෙලෙස උපන් දින වෙනස් කර ඇත්තේ දරුවන්ගේ උප්පැන්න වලට යෙදීමට බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය" . මේක නම් බොරුවක් මිට වඩා ලොකු ගේම් එකකට විය හැකියි නෝනයි මහත්තයයි දෙන්නම වයස හා නම වෙනස් කරගෙන තියෙන්නේ. (අ)
අයියෝ පිවිතුරු! ඔයා කියනවා "හැබැයි ඉතින් මොකක්හරි හේතුවකට පස්සේ උපන්දිනය වෙනස්කළාද කියන්න නම් දන්නේ නැහැ. " කියලා. එහෙම වයස වෙනස් කරන්න බැහැ. එහෙනම් මමත් ගිහින් වයස අවුරුදු 10 න් අඩුකර ගන්නවා. එතකොට මට පෙන්ෂන් එක නිකන්ම අවුරුදු 10 ට දික්වෙනවා. (නි)
මේ හැමදෙනාටම අසනීප වෙන්නේ අත්අඩංගුවට ගන්න හදනකොටනේ.පුදුම වැඩක්නේ. (නි)
ජාතිවාදය අවුස්සමින් රටට වනසා තම බලය රැකගැනීමට උත්සාහ ගන්නා අයට දෙවියෝ දඬුවම් දෙනවා කියන්නේ මේවාට තමයි. හීනෙන්වත් හිත්නනේ නැතුව ඇති මේවා අහුවෙයි කියලා. නැත්නම් කවුද වයස වෙනස් කරන්නේ. ඔන්න නම නම් දිවුරුම් ප්‍රකාශයක් දීලා වෙනස් කරගන්න පුළුවන් කියමුකෝ. තමන් උපන් අවුරුද්ද වෙනස් කරන්න පුළුවන් මොන රටේද? මෝඩකමට නෙමෙයි ලොකු කට්ටකමකට වෙනන පුළුවන් මේක කළේ. (නි)
පහුගිය කාලේ ආසියාවේ ආශ්චාර්යය කියන්නේ ඕවට තමයි.(හේ)
රොෂාන් , මේක පොලිසියේ වැඩක්. (නි)
දැන් සොයන්නේ වැඩිය ආණ්ඩුවට විරුද්ධව කතාකරන අයගේ සිල්ලර දේවල්. කුඩුකාරයන්ගෙන් කෝටි ගණන් අරගෙන මිනිමරපු අය, මිගමුවම බයකර්ගෙන අයතා වැඩකරපු මිනී මරපු, මිනිස්සු ගස්බැදලා සල්ලි මංකොල්ලකාපු ඒවා බොහොම සුලු දේවල් වෙලා. ඒවා හරියටම ඔප්පුවෙන්න ඕනෙලු. අපේ නමක් එහෙම ගෑ උනානම් කොහොමට හිටීවිද ? මේක තමයි යහ පාලනය. (නදී)
බලාගෙන ගියාම සද්දේ විතරනේ... (නි)
මෙයා මේතරම් දඟලන්නේ හරි හොඳ මිනිහා කියලා වෙන්න ඇති (නි)
වැරදි වල අනුපිළිවෙළක් තියෙනවද විසඳන්න? (නි)
අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් බටහිර බලවතුන් මෙහෙයවා ඇත (බ)
මේ වගේ දේශපාලකයන්ගේ නෙවෙයි ඒගොල්ලෝ බෙරිහන් දීලා අඬ ගහපු ගමන් නුගේගොඩ දුවපු අයගෙත් හැඳුනුම් පත් පරික්ෂා කරන්න වටිනවා. (නදී)
පිවිතුරු යහපාල [බන්දුල පෙරේරා], ඔබතුමා 60 පැනපු කෙනෙක්. ඔබතුමා කොහොමද විමල් මහත්තයාගේ පාසල් සමකාලීනයෙක් වෙන්නේ...? බොරු බේගල් අතහරින්නේ නැතුව ඉන්න මහත්තයෝ. (නි)
කවුරු හරි විමල් වීරවංස මහත්තයාගේ නමින් ෆයිල් එකක් පවත්වාගෙන යනවා නම් කරුණ කරලා ඒකෙත් නිවැරදි හැදුනුම්පතේ අංකය සටහන් කරගන්න. (අ)
කරපුව වැරදි වුණත් මේ වගේ දේවල් හොයනවට වැඩ මොනතරම් අපරාද තියෙනවද හොයන්න , කුඩු කාරයෝ මිනීමරුවෝ හොයන්නේ අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොන හේතුවක් නිසාද කියලත් අපි බලමු. (අ)
ඒ කාලේ කළදේවල් වෙන්න ඇති (නි)
දැන් කාලේ බොහෝ අයට අමතකවීම් වෙනවා. ඒ වගේ මේකත් අමතකවිමක්ද දන්නේ නැහැ. පව්නේ.........අපි සමාව දෙමු. (අ)
චරිතය උඩින් දේශමාමක වුණත් කරන්නේ නීතිවිරෝධී වැඩනේ බලනකොට (නි)
මේ අයට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නෑ.(හේ)
මේවද ජාතික වශයෙන් වැදගත්.? මේවට නොවෙයි මිනිස්සු ආණ්ඩු පත්කළේ. (ර)
අපි එහෙම ඔවැනි වරදක් කරලා අහුවුනානම්.... (ර)
විමල් මන්ත්‍රීතුමා කියනවාලු , කොටින් ගෙන් රට බේරා ගත්තු අයට සහ පවුල් වල උදවියට හිර ගෙවල් වල ලගින්න වෙන යුගයක්ලු මේක. දැන් විමල් මහතා මොකද මේ කොහෙද යන තොප්පියක් දමාගෙන. එයා රට බේරා ගන්න යුද්ධෙට ගියෙත් නැහැ ගෙදර කෙනෙක් ගියෙත් නැහැ. මොනවද මේ දොඩවන්නේ. එදා ඉඳලා අද දක්වාම කලේ බෙරිහන් දිදී තමන්ට වැඩ කරගත්ත එක විතරයි නේද ? දේශපාලකයන්ට හොර වැඩ වලට වෙනම ලයිසන් දීලාද ? (නදී)