පරණ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටට පැමිණි බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක සහ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගුවන්තොටුපොළ රහස් පොලිස් පරිශ්‍රයේ රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
අද පෙරවරු 9.30ට පමණ සිට ඔහු රඳවා ගෙන ඇතැයි එම ආරංචි පවසයි.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නැති වූ බව කියමින් තවත් ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත්, එහෙත් වීසා සටහන් සහිතව ගුවන් තොටුපොළට ඉදිරිපත් කර ඇත්තේ නැති වූ බව කියන බලපත්‍රය බවත්, ඒ ගැන ප්‍රශ්න කිරීමට වීරවංශ මහතා රඳවා ගත් බවත් පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් මේ රටේ ලොකුම ජාතික ගැටලුව මේකද (බ)
එතකොට අවලංගු ගමන් බලපතකට ඩුබායි විසා ගන්නේ නෑනේ ?විසා එකත් හොර එකක් වගේ (බ)
පහුගිය දවස් වල කිව්වා නේද ඩොලර් මිලියන 50 හේ 100 යේ ඒවායින් තැන්පත් කරපු ඩුබායි ගිණුම් ගැන. මේවයේ පරීක්ෂණ කරලා වැරදිකාරයො හෙළි කරන්නේ කවදද? (බ)
පරණ ගුවන් ගමන් බලපත්‍රයක් බව නොදැන නම් මෙතුමා ලියු පොතේ ඇතුලත් කරුණු ගැනත් අපිට සැකයි.රාජ්‍ය තාන්ත්‍රික ගමන් බල පත්‍රය නැතිවීම සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීම් කර නැත්ද? (ම)
කොහොමත් ඉතින් සමහරු හරි දක්ෂයිනේ කල් ඉකුත්වුණ දේවල් වලට අඩුවෙන් ආයුෂ එකතු කරලා තිරිහන් කරලා ලෝකෙටම පෙන්නුම් කරන්න. (නි)
අයියෝ විමල් ඒ ගමන මොකක්ද මේ? (නි)
සුළු අතපසුවීම් ඉතින් කා අතිනුත් වෙනවනේ අනේ! (නි)
නීතිය කාටත් සමාන වියයුතුයි. වැරැද්දක් කරලා නම් දඩුවම් දෙන්න ඕනෑ. (නි)
යවන්න එපා එනනේ නැති වෙයි ආයේ (ම)
කට විතරයි බලනකොට. වැඩ නම් ඉතින් පේනවනේ... (නි)
කමක් නැහැ. වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)