ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මාතා සංවිධායන හෝමාගම දුම්රියපොළ පාරේ බෝගහ අසළ විරොධතාවක් ඇරැඹීය.
අත්අඩංගුවට ගෙන ඇති හමුදා සාමාජිකයෝ එක්නැළිගොඩ නඩුව සඳහා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබූහ.
මේ ආණ්ඩුව කොටි සැකකරුවන් නිදහස් කරන ගමන් රණවිරුවන් හිරගෙට දක්කන බව විරෝධතාකරුවෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් කළා නම්, තරාතිරම නොබලා දඩුවම් කළයුතුයි. හමුදාවේ හෝ පන්සලේ වුණත් නීතිය සැමට සාධාරණ විය යුතුයි (ම)
එතකොට ලංකාවේ සාමාන්‍ය පුර වැසියෙක් වෙන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරලා මරල දැම්ම එක ගැන විරොදයක් එහෙම පවත්වන්නේ නැතිද? එ්ක සාමාන්‍ය දෙයක්ද? (බ)
හමුදාවේ අයටවත් පොලිසියේ අයටවත් " මිනි මරන්න " ලයිසන් " දීලා නැහැ .ඒ අය කාව හරි මැරුවොත් ඒ අය " මිනීමරුවෝ " වෙනවා. විරවංශ " ජේ වී පි එකේ " හිට් මෑන් " වෙලා හිටපු කාලයේ කරපු වැඩ අපි දන්නවා (බ)
ඒ කියන්නේ ප්‍රගීත් එක්නැලිගොඩට මොනවා වුණත් කමක් නැහැ කියලද? (ම)
රට බේරාගත් රණවිරුවන් රැකීම අප සියලු දෙනාගේ යුතුකමකි. (ර)
මොවුන් සැකකරුවන් පමණයි වැරදිකරුවන් නොවෙයි කියලා කවුරුවත් කිවේ නැහැ? (ම)
උසාවියටත් අපහාස වෙන දේවල් මෙයාල කරන්නේ නීතියට ඉඩක් දීල හිටිය නම් නේද හොද නැතිනම් මේ අයත් මේ අතුරුදහන් කිරීම් වලට සම්බන්ද ඇති (බ)
තමුන්ගේ රාජකාරිය නිසි පරිදි කළ සහ කරමින් සිටින රණවිරුවන් හට අප ගෞරවයෙන් ස්තුති කළ යුතුය. එලෙසම හමුදා නිල ඇඳුමට මුවාවී භයානක අපරාධ සිදු කොට හමුදාවේ නම කැළැල් කරන්නන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුය (ම)
සිර ගෙය රණවිරුවන්ටද ?, වැරදිකරුවන්ටද ?. අපි මෙය නිවැරදිව තේරුම් ගතයුතුයි. (ම)
භයානක අපරාධ සිදු කළේ කාගේ වුවමනාවටද? එයාලය් නීතියට ගෙන්න ඕනෑ, (ම)
ඔතන ඉන්න අයගෙන් කාගේ හරි හිතවතෙකුට අභිරහස් ලෙස මරණයක් වෙලා තිබ්බනම් ඔහොම බිම දිගාවෙලා ජවුසන් නටයිද? (ම)
ඇතැම් දේශපාලුවන් අපේ රටට නින්දාවක් (බ)
කිහිප දෙනෙකු නිසා අපේ රණවිරුවන් සියලු දෙනා වරදකරුවන් වීමට දිය නොහැක. මොවුන් උත්සහ ගන්නේ තම පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම විනා අන් කිසිවක් නොවේ. මේවට හුමිටි තියන අපේ සහෝදරයන්ගෙන් අසන්නට ඇත්තේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් පමණින් ඔවුන් වැරදි කරුවන් වන්නේ නැතැයි කියා ඔබ දන්නේ නැතිද කියයි? (බ)
එතකොට වීරවංශ කියන්නේ හමුදාවේ අයට නිරායුද මිනිස්සු මරන්න අවසර තියෙනවා කියලද ? (බ)
මොකක් හෝ බොරු හේතුවක් අරගෙන රණ විරුවන් හිරේ යවන්නේ ඇයි කියා හිතලා බලන්න. මේ කරන්නේ කොයි රටේ කොන්ත්‍රාත්තුවක්ද? (බ)
අඩුම තරමේ ඔය අල්ලන් ඉන්න බෝඩ් එකේ වත් මොනාද ලියලා තියෙන්නේ කියලා බලලා නැතුව ඇති (ම)
රටේ නිදහස වෙනුවෙන් මිනිසුන් නැගී සිටිය යුතුයි. ලංකාවේ නිදහස විනාස කරන්න බලන පාර්ශව ගොඩක් ඉන්නවා. (ම)
අපරාධ කවුරු කළත් අපරාධම තමයි.අනික වීරවංස කියන්නේ කවුද කියල මුළු ලංකාවම දන්නවා.එත් පුදුමේ කියන්නේ ජන්දෙන් දිනන එකනේ.(ම)
රොහාන්, අපේ රටේ විතරක් නෙවෙයි, අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ එ්ක (බ)