එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට යතියි ආරංචි වූ බවත්, මැතිවරණයේ දී ඔහු ගැසුවේ ඩබල් ගේම් එකක්ද නැතහොත් ට්‍රිබල් ගේම් එකක්දැයි නොදන්නා බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (24) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කීවේය.
සන්ධාන ජාතික ලැයිස්තුවෙන් අසාධාරණයක් වී ඇති නමුත් තමන් සන්ධානයේ විධායක සභාවේ නැති නිසා නීතිමය පියවර ගැනීමට නොහැකි බවත්, විධායක සභාවේ ඉන්නා පක්ෂ ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇති බවත් වීරවංශ මහතා පැවසීය.
මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා -
‘සන්ධානය බලයට ඒම වැළැක්වුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති. සන්ධානය දිනවනවා කිව්ව මෛත්‍රී සන්ධානයේ පරාජයට කටයුතු කළා. සන්ධාන ජාතික ලැයිස්තුවත් අද ලෝක අපවාදයට ලක් වෙලා.
මෛත්‍රීපාල සිරිසේන විනය පොල්ල දාලා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙල්ල කර ගන්න හදනවා. මන්ත්‍රීවරුන්ගේ හෘද්දය සාක්කිය අනුව වැඩ කිරීම විනය පොල්ලෙන් නවත්වන්න හදනවා. එය අපි හෙළා දකිනවා. ‘
විමල් වීරවංශ මහතා -
‘මෑත ඉතිහාසයේ හොඳම ශක්තිමත්ම විපක්ෂයයි අද බිහිවෙලා තියෙන්නේ. සමහර දිස්ත්‍රික්වල මැතිවරණ ප්‍රතිඵලවල ගැටළු තිබෙනවා. ඒවා අධ්‍යයනය කළ ඉදිරියේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
අද හවුල් ආණ්ඩු හදන්න යනවා. එක්සත් ජාතික පක්ෂයට මිනිස්සු ඡන්දය දුන්නේ එජාප ආණ්ඩුවක් හදන්න මිසක් හවුල් ආණ්ඩුවක් හදන්න නොවයි. සන්ධානයට ඡන්දය දුන්නෙත් සන්ධාන ආණ්ඩුවක් හදන්න මිසක් හවුල් ආණ්ඩු හදන්න නොවෙයි.
වස බෝතල පෙන්නපු ඩිලාන් පෙරේරලට මේ හවුල් ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? ඔවුන් එක්ක රනිල් වික්‍රමසිංහට ඉන්න පුළුවන්ද?
අපි මේ හවුල් ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නෑ. විරුද්ධ පක්ෂය හීලෑ කර ගැනීමකුයි මේ ජාතික ආණ්ඩුවක් කියා කරන්නේ. මෙය ජාතික ආණ්ඩුවක් නොවේ. හවුල් ආණ්ඩුවක්. මොවුන් මේ ඉටු කරන්නේ අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත්තුවක්.‘
උදය ගම්මන්පිල මහතා -
‘සන්ධානය කිව්වේ අනාගතයට සහතිකයක් කියලයි. එජාපය කිව්වේ මාස හැටකින් අලුත් රටක් කියලයි. දැන් මේ අයගේ තේමාව තමයි ‘රටම කතත් අපි හවුලේ කමු‘ කියන එකයි.
දෙමළ ජාතික සන්ධානයේ නාකයාව අද පිළිගන්නේ ඉන්දියාවේ විතරයි. ඔහුට වෙනත් රටවල නායකයන් හමුවෙන්න බැහැ. මේ වැඩෙක් කරන්න හදන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා විපක්ෂ නායක කරන එකයි. එයින් ඔහුට පිළිගැනීමක් ලැබෙනවා. විපක්ෂ නායක කියන්නේ ඊළඟ අගමැති කියා කියමනක් තිබෙනවා.‘
මාධ්‍යවේදියෙක් - ඡන්දෙට කළින් කිව්වා නේද ලක්ෂ 58 ඒ විදියටම තිබෙන බව. කෝ ඒ ලක්ෂ 58?
පිළිතුර - මැතිවරණය ළං වෙලා මෛත්‍රීපාල සිරිසේන කළ දේවල් වලින් ලක්ෂ 10ක් අඩු වෙලා. ලක්ෂ 10ක් අඩු වෙලා බේරුණු එක ගැන සතුටු වෙන්න ඕනෑ.
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ රෑට රෑට මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග සාකච්ඡා කරනවා නේද?
පිළිතුර - ඊයේ රෑ හමුවෙලා තිබෙනවා. මීට කළිනුත් හමුවුණානේ. ශ්‍රීලනිපයේ නායකයා ජනපති නිසා මහින්ද මහත්තයාට හමුවෙන්න වෙනවා.
ප්‍රශ්නය - විපක්ෂ නායක ලෙස යෝජනා කරන්නේ කවුද?
පිළිතුර - ඒ ගැන සාකච්ඡා යනවා. තවම අවසන් නෑ. තවම වතුර බොරයි. පැහැදිලි නෑ. සැප්තැම්බර පළමු වැනි දා වෙද්දි දිය පැහැදිලි වෙයි.
ප්‍රශ්නය - විපක්ෂ නායකකමට ඔබ යෝජනා කර තිබෙනවාද? කවුරුන් හෝ යෝජනා කළොත් බාර ගන්නවාද?
පිළිතුර (විමල් වීරවංශ)- මාව කවුරුත් යෝජනා කරලත් නෑ. මං ඉල්ලත් නෑ. තවත් ලෙඩක් දන්න යනවා.
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ කිව්වා නේද විපක්ෂ නායකකම එපා කියා?
පිළිතුර - එතුමා එහෙම කිව්වට වැඩිදෙනකුගේ ඉල්ලීම තිබෙනවා නම් බාර ගනියි
ප්‍රශ්නය - සන්ධානයෙන් ශ්‍රීලනිපය ඉවත් වුණොත් ඊළඟ පළාත් පාලන මැතිවරණයේ දි මොනවා වෙයිද?
පිළිතුර - ඒ ප්‍රශ්නෙට මෙතන උත්තර දෙන්න බෑ. මීට වඩා කරුණු කියන්න බෑ.
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ ඊළඟට ගතයුතු පියවර මොනවාද?
පිළිතුර - ඒ ගැන තීරණ යෝජනා කිහිපයක් තිබෙනවා. අපි ඒ ගැන පස්සේ කියන්නම්.
ප්‍රශ්නය - මහින්ද ඉස්සරහට දාලා නේද ඔබතුමාලා ගොඩ ගියේ?
පිළිතුර - හැමෝම ගොඩ ගියේ මහින්ද නිසා තමයි. සන්ධානයේ දිනපු හැමෝම ගොඩ ගියේ මහින්ද රාජපක්ෂ නිසයි. අමරවීර ගොඩ ගියෙත් ඒ නිසා තමයි. අමරවීරගේ පෝස්ටරවල මෛත්‍රීගේ පින්තුර තිබුණේ නැහැනේ.
ප්‍රශ්නය - සුසිල් ප්‍රේමජයන්ත මහතා කෝ?
පිළිතුර - ඔහු ඇමැතිකමක් ගන්න යනවා කියා ආරංචියි. සන්ධාන ලේකම් තමයි විධායක සභාව හා පක්ෂ නායකයන් කැඳවන්නේ. ඡන්දෙන් පසු ඔහු මේ දක්වා කැඳවා නැහැ.
ප්‍රශ්නය - සුසිල් ප්‍රේමජයන්ත මේ ඡන්දෙදි ඩබල් ගේම් එකක්ද ගැහුවේ?
පිළිතුර - ඔහු ගැහුවේ ඩබල් ගේම් එකක්ද ත්‍රිබල් ගේම් එකක්ද කියා දන්නේ නෑ.
ප්‍රශ්නය - සන්ධානයෙන් අසාධාරණයක් වෙනවා නම් නීතිමය පියවර ගන්නවාද?
පිළිතුර - අපි සන්ධානයේ විධායක සභා සාමාජිකයන් නොවෙයි. විධායක සභාවේ ඉන්න පක්ෂ ඒ ගැන නීතිමය පියවර ගනීවි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ අපිට හිටපු විශිෂ්ට නායකයෙක්. ඔහුගේ සේවය නැති වීම අපරට ආපස්සට යැවීමක් (බ)
ගම්වල ශ්‍රීලංකා කාරයන්වත් රැක ගන්න වෙලා තියෙන්නේ ඔබලාට. ඒ යුතුකම අත හරින්න එපා. (නදී)
දේශපාලනමය වශයෙන් මේ කිසිම පක්ෂයක ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ. කාට හරි මුක්කුව ගහලා පාර්ලිමේන්තු යන්න ඉන්න අයනේ. මොකද ඉතින් වෙන රස්සාවක් කරන්න දන්න එකක්ද. (හේ)
අපි නම් කලින්ම දන්නවා මෙයාලට මෙහෙම වෙන බව. හැබැයි එයාලා දැනගෙන හිටියේ නෑ. තරමට වඩා උඩ පනින්න ගියාම මෙහෙම වෙනවා. (හේ)
දැන් මොකටද ඔය කතා කියලා? (නි)
දැන් වෙන දේවල් හැටියට ඕක මොකක්ද?(හේ)
අද සිදුවන දේ දෙස බැලූ විට පෙනී යන්නේ මෙම ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට ගසන මාරාන්තික පහරවල් ලෙසිනි. මේ අයුරින් එක් එක් පුද්ගලයින්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ගියහොත් සිදුවන්නේ රජයට කිසිදු' අයුරකින් වැළැක්විය නොහැකි ආකාරයෙන් සිවිල් සමාජ නැගීසිටීමයි. එමෙන්ම ඡන්දය පිළිබද' මිනිසුන්ගේ විශ්වාසය නැත්තටම නැතිවීමයි. පුදුමයට කාරණය පසුගිය වකවානුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇතැයි කෑ ගැසූ නොයෙකුත් සිවිල් සංවිධාන අද මුනිවත රැකීමයි.(හේ)
වහල්ලුන්ගේ විලාපය (නදී)
කරුණාකරලා විමල්ගේ වත්කම් ගැනත් අපිට හෙළිකරන්න. (නි)
මෙන්න වලිගෙ කැපිච්ච නරි රැල (නදී)
3 න් දෙනාම ලැජ්ජාවක් නැති තුන් දෙනෙක්. කතා කරන්න දන්නේ නැති හරි දේකට උනත් හරි නොකියන දේශපාලනයක් කරන්නේ. (නදී)
මෙන්න කට්ටියට පන්සල මතක් වෙලා ආයෙත්. (නදී)
නුඹලා මහින්දවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි කෑවා මදිවට තව දොඩවන්න එපා. මහජන මුදල් මදිවට මහජන ඔලුත් කණවා (නදී);
ජනාදිපතිවරණයේදී මෙයා තමයි තමයි මහින්දව කෑවේ. මෙයා වේදිකාවල කියපු දේවල් නිසා ඡන්දත් නැති උනා (නදී)
රටට ආදරය ඇති ජනතාව , මහින්ද මැතිතුමා ඇතුළු ඔබ සැමව සලකන්නේ වීරයින් වශයෙන් (නදී)
2010 දී ආණ්ඩුව හදනකොට මේ අය හිටියේ කොහේද? එතකොට අගමැති පත්කළේ මහජන මතයෙන්ද? (නි)
ලංකාවේ තවත් මේ වගේ මෝඩයෝ ඉන්නවද ? (නදී)
දේශපාලනය කිරීමේදී එකිනෙකාට හමුවන අයට මිතුරන් ද නැත එසේම සතුරන්ද නැත කියා මා අසා ඇත.(නදී)
අනේ මෙහෙමත් දේවල්? (නි)
"මොවුන් මේ ඉටු කරන්නේ අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත්තුවක්." ඔන්න මන්තරය ආයෙත් පටන් ගත්තා .(හේ)
දැන් තමයි හොද හොද සෙල්ලම් බලන්න වෙන්නේ.(හේ)
රටම පිළිගත් නායකයෙක්ව අවසානයේදී පරාජිතයෙක් කොට ජනතාවගේ ගෞරවයද නැතිකර දැමුවන් මොවුන්ව දේශපාලනයෙන් පමණක් නොව ලංකාවෙන්ම එලවා දැමීමට එක්වන්න (නදී)
මම ජන්දය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නේ එතුමා වර්තමානයේ ශ්‍රි ලංකාවේ ජන හදවත් දිනාගත් නිර්භීත නායකයකු ලෙස පෙර නායකයන් පරදවා රට පාලනය කල නිසයි. අද රටේ හැම තැනම සතුටින් යන එන අපි වගේ අය, දේශපාලනය කරනය අය එතුමාගේ නම හදවතින් මතක් කරනවා. කණගාටුව එවැනි නායකයෙකුට විරුද්ධවාදීන් මැතිවරණ සමයේ සලකපු ආකාරයයි. මම තරයේ විස්වාස කරනවා එතුමා කී පරිදි දිනුවා නම් වැරදි නිවැරදි කර ගනිමින් රට පෙරටම ගෙන යන බව. මගේ හිතට අනුව බහුතරයක් දිනපු අය හොරු කියපු අයව පාලනයට අඩගසන්නේ මොකද ? මගේ පැතුම රාජපක්ෂ මහතා සමග එකට සිට එතුමාගෙන් රටට වැඩක් ඉක්මනට කරගන්ඩ පෙලගැසෙමු. (නදී)
කොළඹින් තේරිලා ඉන්නේ කවුද කියලා බැලුවොත් පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අය පහලට තල්ලු කරලා මේ පොඩි පක්ෂවල අය ලොකු පක්ෂයට වැටුන ඡන්දවලින් බලයට ඇවිල්ල කියලා.(හේ)
අයියෝ අයියෝ මේ මොකද මේ වෙන්නේ.(හේ)
කලින් හතරදෙනෙක් හිටිය නේද මේ කට්ටියේ. එකෙක් ගියා යහ පාලනේට . ඊළඟට යන්නේ වාසුදේව. තුන්වැනියට යනවා ගම්මන්පිල. අනේ අන්තිමට යනවා විමල් වීරවංශ (බ)
දේශපාලන අනාථයෝ 3 දෙනාගේ නාටකය (බ)
ජාතියට වීරයන් බිහිවන්නේ කලාතුරකින්. රට පාලනය කළ නායකින් අතරින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එවැනි කෙනෙක් .අති විශිෂ්ටයි .මගේ සිතීමට එතුමා පරදවා මිස විරුද්ධ අන් අයගේ දේශපාලනයට ඉදිරියට ඒම අපහසුවේ . එය සපුරාගැනීම සදහා වෙහෙස වීම , ඊරිශීය කරුවන් එක්කරගැනීම , සුළු අමනාප විශාල ලෙස ගෙනහැර පෙන්වීම , එකට හිද යටි උගුල් වලට අසුවන අය සොයා ගැනීම. නමුත් පෙන්වන්නේ ජනතාවට සේවය, ප්‍රජතන්ත්‍රවාදය යන වචන වේ මේ ක්‍රමය එදා සහ අදත් වේ. රටේ මහත් දියුණුවට එය මාරු පහරකි. බල දේශපාලන අරගලය තුළ රාජපක්ෂ මැතිතුමටද එසේම විය.ජනතාව කල්ගතවී තේරුම් ගන්නාවිට පසුතැවිල්ල මිස වෙන මොනවද. මහින්ද රාජපක්ෂ සමග එකට සිට ප්‍රතිපලය ප්‍රයෝජනයට ගන්න. (බ)
ඔය දේ වෙයි කියලා අපිට කලින්ම හිතුනා.(හේ)
රටකට හොද ආණ්ඩුවක් වගේම හොද විපක්ෂයක් ඕන . විපක්ෂයක් නැත්නම් ආණ්ඩුව තමන්ට ඕන හැමදෙයක්ම බාධාවකින් තොරව කරනවා . මමනම් කැමතියි මෙතුමලා හොද විපක්ෂයක් හදනවා නම් . (හේ)
වර්තමාන ගොබෙල්ස් (බ)
මම ජන්දේ දුන්නේ මහින්ද මහතාට කෙලෙහි ගුණ සැලකීමට, (ම)
දැන් ඉතින් බලන්නත් දෙයක් තියෙන්න එපැයි.(හේ)
හිනා යනවා (නදී)
ඔය ඔක්කොම ගේම් ඔබතුමාගේ වයස තිරිහන් කිරීමේ ගේම් එකට යටයි . ඒ නිසා අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙන්වීමෙන් වලකිනු මැනවි. (අ)
අපි නම් ඡන්දෙ දුන්නේ ජාතික ආණ්ඩුවක් හදනවා කියපු නිසා. (අ)
තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ දුකටයි (අ)
පංචායුදට තරහ ගිහිල්ල වගේ (අ)
මෙතුමා හරි (නදී)
මේ තුන්දෙනා සන්ධානයේ විධායක සභා සාමාජිකයන්වත් නොවෙයි. නමුත් කතා කරන්නේ නම් සන්ධානයේ නායකයෝ තුන් දෙනා වගේ.(නදී)
මහින්ද පරාද උනේ මේ අය නිසයි (නදී)
මෙලෝ වැඩකට නැති තුන්දෙනෙක් (අ)
මහින්ද නැත්නම් සුනේ සුන් හින්දනේන් නම් කරේ එල්ලිලවත් ගොඩ එන්න බැලුවේ. දැන් ඉතින් සුසිල්, ඩිලාන් පතුරු අරිනවා. දුක තමයි එත් මොනවා කරන්නද ජනතාව ගොනාට අන්දන්න බැරි නම්. (අ)